මාලිමාවෙන් එවන සම්බන්ධීකාරකයන්ට ප්‍රා. ලේකම්ලාගෙන් විරෝධය..
ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් ලෙස දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකට ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපති කාර්යාලය නම් කර ඇති මෙම පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවක්, මේසයක් ඇතුළු භෞතික පහසුකම් ලබා දීමට නොහැකි බව ද එමගින් අවධාරණය කර ඇත.
දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තබාගෙන අවංක මහජන සේවයක් ලබා දිය නොහැකි බව පවසන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑමක් නොකර මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.
මීට පෙර ආණ්ඩු කාලවලදී ද දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පත්කිරීමට ගනු ලැබූ උත්සාහයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් අඩපණ කළ බවත් වත්මන් ආණ්ඩුව යටතේ ද රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එල්ල කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ප්‍රාදේශීය ලේකම්වරු කියා සිටිති.
ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන්ගේ ලිපි ලේඛන ඇතුළු රාජකාරී වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍ර තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් හා කාර්යාල උපකරණ සහිත කාර්යාල කාමරයක් ලබා දෙන ලෙසට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මාර්තු මාසයේදී දැනුම් දී තිබිණි.
මෙම සම්බන්ධීකාරකවරුන්ගේ ලිපි ලේඛන පවත්වාගෙන යෑමට කළමනාකරණ සේවා නිලධාරියෙක් හෝ සංවර්ධන නිලධාරියෙක් අනුයුක්ත කරන ලෙස ද එමගින් අවධාරණය කර ඇත.
ජනාධිපති කාර්යාලයේ තීරණයට විරෝධය පළ කරන ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයන්ට කාර්යාල පහසුකම් ලබා දෙන ලෙසටත් ඔවුන්ගේ සහායට රජයේ නිලධාරීන් යොදවන ලෙසටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වී ඇතැයි කියා සිටී.
ජනාධිපති කාර්යාලය නම් කර ඇති පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පුටු, මේස ඇතුළු භෞතික පහසුකම් සපයන ලෙසත් ඒ සම්බන්ධයෙන් නිලධාරියකු අනුයුක්ත කර පහසුකම් සොයා බලන ලෙසත් දන්වා තිබීම හේතුවෙන් ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දී ඇතැයි එහි සභාපති ආර්.සෙන්තිල් පැවසීය.
දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු තබා ගැනීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යුහය පිළිබඳ සමාජ පිළිගැනීම බිඳ වැටෙන බවත්, එම කාර්යාල නිර්දේශ පාලන, ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත්කිරීම මැයෙන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මාර්තු 20 වන දා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ ලිපියට අනුව පළාත් සම්බන්ධීකාරවරු 09ක්, දිස්ත්‍රික් සම්බන්ධීකාරවරු 25ක් හා ප්‍රාදේශීය සම්බන්ධීකාරවරු 341ක් පත් කර තිබේ.
- Mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..