මුදල් ලේකම් ඉල්ලා අස්වෙන්න සූදානම්.. තීන්දුව ලඟ ලඟම..
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.
මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා රජයේ වගවීම සහතික කිරීම සහ විපක්ෂයෙන් එල්ල වන පීඩනය හේතුවෙන් එම ඉල්ලා අස්වීමේ තීරණය සලකා බලමින් සිටින බව සඳහන් වෙයි.
මීට පෙර හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ පළමුව ක්‍රියාකළ ආකාරය සහ අවසානයේ ඉවත් වීමට ගත් තීරණය අතර ඇති රික්තය තුළින් මතු වූ ගැටලුකාරී තත්ත්වය ද යම් තීරණයක් ගැනීමට පාදක වනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතාගේ හදිසි සැක කටයුතු මරණය යම් තීරණාත්මක සාධකයක් ගැනීමට හේතු වී ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීම හෝ නොවීම පිළිබඳ අවසන් තීරණය එළඹෙන සතිය තුළ ගැනීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මේ පිළිබඳව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගෙන් විමසීමක් කළ අතර එම උත්සාහය ව්‍යර්ථ විය.
එසේම ජාතික ජන බලවේගයේ ඉහළ තනතුරකින් සිදුකළ විමසීමකදී එවැනි තීරණයක් ගැනීමට හේතුවක් නැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
සිරිමන්ත රත්නසේකර
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..