ආණ්ඩුව අධිකරණයේ විශ්වාසය බිඳහෙළීම හෙළා දකිනවා - විමල් වීරවංශ
ආණ්ඩු විසින් අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳහෙළන ආකාරයේ සිදු කළ ප්‍රකාශ තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි බලවත් සැකය සහ අවිශ්වාසය ඇති කෙරෙන ප්‍රකාශ ගණනාවක් පසුගිය ජාත්‍යන්තර කම්කරු දින වේදිකාවන් තුළදී ආණ්ඩු පාර්ශ්වය සිදු කළ බවය.
ඉදිරියේදී අධිකරණය තුළින් ලැබෙන්නට ඇති තීන්දු හා ඊට අදාළ දින ද සඳහන් කරමින් එම තීන්දුව අත්පොළසන් නගා භාර ගැනීමට සූදානම් වන ලෙස රටවැසියාට ජනාධිපතිවරයා ආරාධනා කළ බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
එමඟින් හෙළි වන්නේ, මෙරට යුක්තිය පසිඳලීමේ අධිකරණයම කාර්යය සම්පූර්ණ දේශපාලනීකරණයවී ඇති බව නොවේදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරනු ලබයි.
මෙවැනි ප්‍රකාශ අධිකරණයේ ස්වාධීන බව පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන්නක් බව ද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා පමණක් නොව, අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මෙවැනි බරපතළ ප්‍රකාශ මැයි දින රැලිවලදී ප්‍රකාශ කර ඇති බවත්, එමඟින් මෙරට අධිකරණයේ විනිසුරුවන්ගේ භාවිතය පිළිබඳව බලවත් සැකයක් මහජනතාව තුළ මතු කරන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..