

අප රටේ මැතිවරණ වලට ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම පිණිස විවිධ කුට උපක්‍රම භාවිත කරති. ඒ අතරින් මෙතෙක් පැවැති මැතිවරණ වලදී ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ අනාවැකි ප්‍රබල බලපෑමක් සමාජය කෙරෙහි එල්ල කළහ. එම ජ්‍යෝතිෂ්‍යකරුවන් කුමන හෝ පක්ෂයක එසේ නැතිනම් කුමන හෝ පුද්ගලයෙකුගේ අතකොලුවක් බව පසුව ඔප්පු වුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම විෂයේ කෙළ පැමිණියෙකි. එසේ වුවද එක්තරා ඇස් නොපෙනෙන ජ්‍යෝතිෂ්‍යකරුවෙකු කාගේ අතකොලුවක්දැයි පොදු මහජනයාට වටහා ගැනීමට නොහැකිතරම් සුක්ෂම ලෙස තම සේවය තම හාම්පුතා වෙනුවෙන් ඉටු කරණු ලැබුවේය. එහෙත් ඔහු හෝ අනෙකුත් ජ්‍යෝතිෂ්‍යකරුවෝ 2024 ජනාධිපතිවරණයේදී කිසිවෙකු වෙනුවෙන් අනාවැකි කීමට ඉදිරිපත් වන බවක් දක්නට නොලැබුණි.

2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කොටස් දෙකකට බෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ එක් කොටසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගත්, අනෙක් කොටස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යටතේත් කටයුතු කිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේ දී අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවත්, මෙම නායකයන් දෙදෙනාගෙන් කවුරුන් හෝ යටතේ නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීම සඳහා මෙම මැතිවරණයේ දී පක්ෂ දෙකයම වාසි සාහගත වන අයුරින් ඡන්දය භාවිතා කළ යුතු බවත් සඳහන් පත්‍රිකාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.
දේශීය පුවත්
විදුහල්පතිලා වර්ජනයක් කැදවයි..
කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට හකීම්ගේ විරෝධය..
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට..
මනිපුර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි.. ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි..
රනිල් CIDයට කැඳවයි..
පරීක්‍ෂා නොකර නිදහස් කළ බහාලුම් ලයිස්තුව මෙන්න..
රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කෙරේ..
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක්..
මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..
