තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය ගෙනා භික්‍ෂුන් 22 මෙහෙයවා ඇත්තේ මාලිමාවේ ප්‍රබල ක්‍රියාකාරී භික්‍ෂුවක්.. - පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි
පසුගිය අප්‍රේල් 26 වනදා තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින භික්ෂූන් වහන්සේලා විසි නම මෙහෙයවා ඇත්තේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රබල ක්‍රියාකාරී භික්ෂුවක් බව සිංහල රාවය සංවිධානය පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මෙහෙයවීම් කටයුතු සිදු කර ඇති අමිතානන්ද නැමැති හිමිනම පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය වෙනුවෙන් නිවෙස් වලට ගොස් ඡන්දය ඉල්ලූ අයෙකු බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ, අදාළ භික්ෂුව මීට පෙර අරගල භූමියේද සක්‍රීයව කටයුතු කර ඇති බවත්, වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇති බවත්ය.
එමෙන්ම දැනට අත්අඩංගුවේ පසුවන භික්ෂූන් විසි නමගෙන් බහුතරයක් ජාතික ජන බලවේගයට සෘජුව සහාය පළ කළ අය බවද මෙහිදී අනාවරණය විය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති දේශපාලන සම්බන්ධය පිළිබඳව අවධාරණය කළ අක්මීමන දයාරත්න හිමියන් පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය මෙහෙයවීම් කළ භික්ෂූන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සමස්ත භික්ෂු ප්‍රජාවටම අපහාස කරන පිරිස්ද ජාතික ජන බලවේගය නියෝජනය කරන අය බවයි.
මෙය බුද්ධ ශාසනය විනාශ කිරීමේ සහ සමාජය තුළ අනාගමික සංකල්පයක් ව්‍යාප්ත කිරීමේ සංවිධානාත්මක උත්සාහයක කොටසක් බවට උන්වහන්සේ චෝදනා කරති.
සම්බුද්ධ ශාසනයට සිදුවන මෙම හානිය වළක්වා ගැනීම සඳහා මහානායක හිමිවරුන් වහා මැදිහත් විය යුතු බව සිංහල රාවය සංවිධානය අවධාරණය කරයි.
විශේෂයෙන්ම, භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ඇති නීත්‍යානුකූල සංඝාධිකරණයක් වහාම ස්ථාපිත කරන ලෙස උන්වහන්සේලා රජයෙන් ඉල්ලා සිටිති.
එවැනි අධිකරණයක් මගින් වැරදි කරන පුද්ගලයන්ගේ සිවුරු ගලවා රටේ නීතියට භාර දීමට මහානායක හිමිවරුන්ට බලය ලැබිය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..