News Category
From Date
To Date
Maximum Number of Result

වත්මන් රජයේ එයාර් බස් ගනුදෙනුවක තොරතුරු හෙළිවෙයි..

May 5, 2026 at 11:32 AM
|

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාස ගණනාවක් තිස්සේ 'වාණිජ රහස්' ලෙස හුවා දක්වමින් මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කළ වර්තමාන රජය යටතේ ගෙන්වන ලද එයාර්බස් A330-200 (4R-ALT) ගුවන් යානය ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළ මූල්‍ය තොරතුරු දැන් හෙළිදරව් වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ලබා දුන් තීරණාත්මක නියෝගයකට අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම ගනුදෙනුව මිලදී ගැනීමක් නොව වසර 8 ක කාලසීමාවක් සඳහා වූ මෙහෙයුම් කල්බදු (Operating Lease) ගිවිසුමක් බව අනාවරණය වී ඇත.

මෙම රහසිගත ගිවිසුමට අනුව, අදාළ ගුවන් යානය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගෙවිය යුතු පළමු මාසික වාරිකය ඇමරිකානු ඩොලර් 275,000 කි. 2025 ජුනි මාසයේ සිට 2033 ජුනි දක්වා බලපැවැත්වෙන පරිදි අත්සන් කර ඇති මෙම ගිවිසුමේ වාර්ෂික කුලී පිරිවැය ඇමරිකානු ඩොලර් (USD) 3,300,000 කි. ඒ අනුව, වසර 8ක සම්පූර්ණ කල්බදු කාලය අවසානයේදී ජාතික ගුවන් සේවය විසින් මෙම තනි ගුවන් යානය වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 26.6 ක (USD 26,675,000) පමණ දැවැන්ත මුදලක් ගෙවීමට බැඳී සිටින බව තහවුරු වී තිබේ.

රහස්‍යභාවයේ මුවාවෙන් වසන් කළ 'වාණිජ රහස්'

පසුගිය කාලසීමාව පුරා දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අලුතින් එක්කර ගත් එයාර්බස් A330-200 ගුවන් යානය පිළිබඳ තොරතුරු විමසා 2025 ජුනි 06 වන දින තොරතුරු ඉල්ලීමක් යොමු කරන ලදී. එම ඉල්ලීම මඟින් ප්‍රශ්න හයක් යටතේ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම, ගුවන් යානය ලබා ගත් ආයතනය, නිෂ්පාදිත වර්ෂය සහ කල්බදු වාරික පිළිබඳ විස්තර විමසා තිබුණි. මෙහිදී පොදු අධිකාරිය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තොරතුරු ඉල්ලීමෙහි 1, 2, 3 සහ 6 යන අයිතම සඳහා තොරතුරු ලබා දී ඇතත්, 4 සහ 5 අයිතම යටතේ වූ කල්බදු තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත්, 2025 ජුනි 30 දින ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ලියාපදිංචි අංක 286 යටතේ නිකුත් කළ ලිපියක් මගින් අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඒ සඳහා ඔවුන් පදනම් කර ගත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (ඈ) වගන්තියයි. එම වගන්තියට අනුව, යම් තොරතුරක් හෙළිදරව් කිරීමෙන් අදාළ පාර්ශ්වයන්ගේ වාණිජමය අවශ්‍යතාවන්ට හෝ තරගකාරීත්වයට හානි සිදු වන්නේ නම්, එම තොරතුරු ප්‍රතික්ෂේප කළ හැකිය. වසර ගණනාවක් තිස්සේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතනයක් මෙවැනි මූල්‍ය දත්ත 'රහස්‍ය' ලෙස සැලකීම පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතු විය.

තොරතුරු කොමිසමේ මැදිහත්වීම සහ තීරණාත්මක නියෝගය

පොදු අධිකාරියේ නම් කළ නිලධාරියා වෙත කරන ලද අභියාචනය ද නොසලකා හැරීමෙන් පසු, අභියාචකයා විසින් තොරතුරු කොමිෂන් සභාව හමුවට අභියාචනා කිරීමෙන් පසු අභියාචනා අංක: RTIC APP/No: 1061/2025 යටතේ මේ සම්බන්ධයෙන් අභියාචනා විභාගය සිදුකළ අතර මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්ථාවරය වූයේ, කල්බදු ගිවිසුම්වල කොන්දේසි හෙළි කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ සිය තරගකාරීත්වයට සහ සැපැයුම්කරුවන් සමග පවතින විශ්වාසයට හානි වන බවයි.

එහෙත් කොමිසම හමුවේ මතු වූ ප්‍රධාන කරුණ වූයේ "පොදු යහපත" (Public Interest) යන්නයි. පනතේ 5(4) වගන්තියට අනුව, යම් තොරතුරක් හෙළිදරව් කිරීමෙන් සිදුවන හානියට වඩා එමගින් සැලසෙන පොදු යහපත විශාල නම්, එම තොරතුරු ලබා දිය යුතුය. 2026.01.21 දින පැවැති අභියාචනා විභාගයේදී කොමිසම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට නියෝග කළේ, අදාළ තොරතුරු ලබා දීමට නොහැකි නම්, තෙවන පාර්ශ්වයක තොරතුරු මුදා නොහරින ලෙස ගිවිසුමේ ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අදාළ කල්බදු ගිවිසුමේ පිටපතක් මුද්‍රා තබා කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ නමුත් රාජ්‍ය සතු ව්‍යවසායයක් (SOE) වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලුම මූල්‍ය ගනුදෙනු අවසානයේදී මහජන මුදල් හා සම්බන්ධ වේ. වසර ගණනාවක් පාඩු ලබන ආයතනයක ගනුදෙනුවක වාණිජමය ශක්‍යතාව (Commercial Viability) සහ සාධාරණත්වය (Fairness) තක්සේරු කිරීම මූලික මහජන අවශ්‍යතාවක් ලෙස අභියාචක (තොරතුරු ඉල්ලුම්කරු) කොමිසමේදී පෙන්වා දෙන ලදී, නිශ්චිත පිරිවැය හෙළිදරව් කිරීමෙන් බදු දෙන්නාගේ වෙළෙඳපොළ තරගකාරීත්වයට හානි වන බව පැවැසීමට ප්‍රමාණවත් සාක්ෂි පොදු අධිකාරිය විසින් ඉදිරිපත් කර නොමැති බව ද එහිදී පෙන්වාදී තිබේ.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් පසු, 2026 මාර්තු 05 වන දින තොරතුරු කොමිසම විසින් තීරණාත්මක නියෝගය ලබා දෙමින් දින 30ක් ඇතුළත තොරතුරු ඉල්ලුම්කරු වෙත තොරතුරු ලබා දෙන ලෙස පොදු අධිකාරියට නියෝග කරන ලදී. මෙහිදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (2026 මාර්තු 05 දිනැති තීන්දුව) මගින් එම තර්කය ප්‍රතික්ෂේප කරමින් පහත කරුණු අවධාරණය කළේය.

"වාණිජ රහසක් ලෙස සැලකිය හැක්කේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂා කර ඇති කරුණු පමණි. කල්බදු ගාස්තු සහ කාලසටහන් ද්විපාර්ශ්වික එකඟතාවන් වන අතර, ඒවා පොදු අරමුදල් හා බැඳී පවතී." එමෙන්ම, තොරතුරු හෙළිදරව් කිරීමෙන් සිදුවන හානියට වඩා එමඟින් ඉටුවන මහජන යහපත ඉහළ මට්ටමක පවතින බව 5(4) වගන්තිය යටතේ කොමිසම නිරීක්ෂණය කර ඇත.

මාස 9ක දීර්ඝ නීතිමය සටනකින් පසු ලැබුණු මෙම නියෝගය, රාජ්‍ය ආයතනවල රහස්‍යභාවය නමැති පවුර බිඳ දැමූ පුරවැසි ජයග්‍රහණයක් ලෙස සැලකේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම මගින් 2026 මාර්තු 30 දිනැතිව ලබාදුන් තොරතුරු අනුව ඉහත සඳහන් කරන ලද තොරතුරු අනාවරණය විය.

මහජන මුදල් සහ රහස්‍යභාවය

අනාවරණය වූ තොරතුරු අනුව, අදාළ ගුවන් යානය 2011 වසරේ නිෂ්පාදනය කරන ලද පැරණි යානයකි. වසර 14ක් පැරණි යානයක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 3.3ක් වැනි විශාල මුදලක් ගෙවීමට එකඟ වීම පිළිබඳව මේ වනවිට ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්න මතු වී තිබේ.

දත්ත

ගුවන් යානා වර්ගය - Airbus A330-200 (Wide-body)

නිෂ්පාදිත වර්ෂය - 2011

ගනුදෙනුවේ ස්වභාවය - වසර 08ක මෙහෙයුම් කල්බදු (Operating Lease)

මාසික කුලිය - USD 275,000

වාර්ෂික කුලිය - USD 3,300,000

මුළු පිරිවැය (වසර 8) - USD 26,675,000

එමෙන්ම මෙම එයාර්බස් ගනුදෙනුව හරහා හෙළිදරව් වන්නේ රාජ්‍ය ආයතන 'වාණිජ රහස්' නමැති ලේබලය යටතේ තමන්ගේ තීන්දු තීරණ මහජන විගණනයෙන් වසන් කිරීමට දරන උත්සාහයයි. තොරතුරු කොමිසමේ මෙම නියෝගය, එවැනි රහස්‍ය ගනුදෙනු පිළිබඳව පැන නගින සැක සංකා මඟහරවා ගැනීමටත්, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීමටත් ලැබුණු වැදගත් පූර්වාදර්ශයකි.

- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

(Aruna)


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.