News Category
From Date
To Date
Maximum Number of Result

ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අලි ලාරිජානි වෙනුවට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ 'IRGC'හිටපු අණදෙන නිලධාරියෙකු එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ඇති වූ ඉන්ධන මිල කම්පනය මධ්‍යයේ මොස්කව් අනෙකුත් රටවල් සමඟ ව්‍යාපෘති පුළුල් කරන බැවින්, රුසියානු බලශක්ති සම්පත් මිලදී ගන්නන් අතර යුරෝපා සංගමය අවසාන පේළියේ සිටීමේ අවදානමක් ඇති බව ක්‍රෙම්ලිනයේ නියෝජිත කිරිල් දිමිත්‍රීව් අනතුරු අඟවා තිබේ.

අමෙරිකාවේ ටෙක්සාස්හි පෝට් ආතර් (Port Arthur) හි පිහිටි වැලෙරෝ (Valero) පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩනයේ "යුදෙව්වන් සදහා පමණක් වෙන්වූ" ගිලන් රථ සේවයක ගිළන් රථ ප්‍රමාණයක් සහමුලින්ම ගිණි තබා විනාශ කොට දැමීමට ලන්ඩන් වැසියන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හොඳින් සිදුවුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය “ඉතා ඉක්මනින් විවෘත” විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(23) වාර්තාකරුවන්ට පැවසීය.

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ.

ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ අසාධාරණ මිලිටරි මෙහෙයුමට පළිගැනීමක් ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද (23) එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය මධ්‍යයේ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව විශ්වාස කටයුතු ඉරාන මූලාශ්‍ර උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

චීනය තුළ “ඉතා සමතුලිත” බලශක්ති ව්‍යුහයක් ඇති බැවින්, “ඇත්ත වශයෙන්ම සාපේක්ෂව හොඳින් ස්ථානගත වී ඇති” බව චීනයේ හිටපු ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සහ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ නැගෙනහිර ආසියානු ආයතනයේ මහාචාර්ය බර්ට් හොෆ්මන් අද(23) බීජිං හි චීන සංවර්ධන සංසදයට සමගාමීව ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.


ප්‍රධාන පුවත්

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.