News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා සිටියේ ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

GSP+ අහිමි වීමේ අවදානම හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවට ඇමරිකාවේ සංචාරයෙන් පෙරළා පැමිණි ජනාධිපතිවරයා යුරෝපයට දැනුම් දී තිබේ.


ප්‍රධාන පුවත්

ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!! හිටපු ආරක්ෂක ප්‍රධානින් පිරිසකට එක්සත් රාජධානියෙන් පැනවූ සම්බාධක හෙලා දකිමින් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමිට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් අද සවස බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා....

සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්

සත්‍ය සෙවීමේ කොමිසම මර උගුලක් පය තබන්න එපා! ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ජාතික සංවිධාන 55ක අත්සනින් යුතු සංදේශයක් ත්‍රෛනිකායික මහ හිමිපාණන්වරු ප්‍රමුඛ මහා සංඝරත්නයට, ගරු ජනාධිපති තුමාට, මහජන නියෝජිතයන්ට සහ සමස්ත පොදු ජනයා වෙත ඉදිරිපත් කිරීම සදහා අත්සන් තැබීම ඊයේ (30) පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණේදී සිදුවිය.

ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම

1987 ඉන්දු ලංකා ගිවිසුමට පසුව භූ දේශපාලන තලයේදී ඊට වඩා භයානක ආරක්ෂක (Defence) ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම ඉතා භයානක ආරම්භයක් බව ජාතික සංවිධාන කියයි.

රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අපට බලහත්කාරයෙන් පැටවීමට ගත් උත්සාහය පරාජය කිරීමට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ දිවි පරදුවට තබා සටන් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු

මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (UNP) ඉරිදා සුබ පැතුම් එක්කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

රාමසාන් උත්වය අදයි

ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.

ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ

එළැඹෙන 04 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදි වන බව ජන අරගල සන්ධානය පවසනවා.

ටිරාන් අලස් CID යට කැඳවයි

හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට (01) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?

2025 අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම ඇතුළත් වේ.

රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය

මෙරට කෘෂි කර්මාන්තයට හානි කර සතුන් සංගණය කිරීමේ වාර්තාව ඊයේ දිනයේ(28) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ප්‍රකාශ වුවද වාර්තාව සමාජගත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.