News Category
From Date
To Date
Maximum Number of Result

දකුණු චීන මුහුදේ "පාවෙන බාධකයක්" දැමීම හේතුවෙන් චීනය සහ පිලිපීනයය අතර මතභේදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

කැනඩාවේ දී සිදු වූ සික් ජාතික හර්දීප් සිංග් නිජාර් ගේ ඝාතනය පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බවට සැලකිය හැකි විශ්වසනීය හේතු පවතින බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ යළි ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය රජය විසින් කැනඩා පුරවැසියන්ට වීසා ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ආර්ථික අර්බුදය හා රටේ පවතින ආහාර මිල ගණන් අනුව මේ වනවිට සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අවම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවකට පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජියෝජියේවා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබඳව තම සංගමයේ දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා සිටියේ ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

GSP+ අහිමි වීමේ අවදානම හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවට ඇමරිකාවේ සංචාරයෙන් පෙරළා පැමිණි ජනාධිපතිවරයා යුරෝපයට දැනුම් දී තිබේ.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.