"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.
Going Underground නාලිකාවේ නවතම වැඩසටහනට එක්වෙමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ඉරානයට එරෙහිව දීර්ඝකාලීන යුද්ධයක නිරත වීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ තොග ඇමරිකාව සතුව නොමැති බවට යුද්ධය ආරම්භ වීමට පෙර පවා හමුදා ප්‍රධානීන් අනතුරු අඟවා තිබූ බවයි.
මාධ්‍ය වෙත නිකුත් වී ඇති අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ මෙය ඇමරිකානු ආරක්ෂක බලඇණි මුහුණ දී සිටින බරපතල අර්බුදය බවයි.
"මම ඔබට කියන පළමු කාරණය තමයි, යුද්ධය ආරම්භ වීමට පෙරත්, ඉරානයට එරෙහිව යුද්ධයක් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් අවි ආයුධ තොග අප සතුව නොමැති බවට ජෙනරාල් කේන් විසින් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබුණා. එමෙන්ම දීර්ඝකාලීන යුද්ධයක නිරත වීමට අපට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැහැ. නමුත් සිදු වී ඇත්තේ අප දීර්ඝකාලීන යුද්ධයක පැටලී සිටීමයි. අපගේ සංකීර්ණ සහ තාක්ෂණික අතින් උසස් ආයුධ තොග ක්ෂය වී ඇති ප්‍රමාණය ඇත්තෙන්ම පුදුමාකාරයි.
තවද මෙම ආයුධ නැවත නිෂ්පාදනය කර පිරවීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඔබ ගුවන් ආරක්ෂක මිසයිල දෙස විතරක් බැලුවොත්, එහි වර්ග දෙකක් තියෙනවා. එකක් THAAD මිසයිල, අනෙක පැට්‍රියට් (Patriots) මිසයිල.
අප සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් මිසයිලවලින් 65% ක්ම අප භාවිත කර අවසන්. ඒ වගේම ප්‍රහාරාත්මක කටයුතු සඳහා භාවිත කළ හැකි අපගේ ප්‍රහාරක මිසයිල සහ ස්මාර්ට් මිසයිල දෙස බැලුවොත්... අප සතු ටොමහොක් (Tomahawks) මිසයිලවලින් 50% ක් සහ මාධ්‍ය වාර්තාවලට අනුව ATACMs හා PrSMs මිසයිල පාහේ සම්පූර්ණයෙන්ම වගේ භාවිත කරලා ඉවරයි.
එම නිසා, නැගෙනහිර ආසියාව සහ යුක්‍රේනය වැනි ස්ථානවලට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වන උසස් තාක්ෂණික ආයුධ තොගයට එක්සත් ජනපදය විසින් දැඩි හානියක් සිදු කරගෙන තිබෙනවා. මම හිතන්නේ, ඉරාන යුද්ධය වහාම අවසන් විය යුතුයි කියන පැහැදිලි පණිවිඩය ලබාදීමට තමයි කවුරුන් හෝ (ඒ කවුදැයි කවුද දන්නේ) මේ තොරතුරු මාධ්‍ය වෙත කාන්දු කර තිබෙන්නේ. තවද, අපගේ ආයුධ තොගයට තවත් හානි කරගන්නේ නැතුව මෙම යුද්ධය තවදුරටත් උග්‍ර කිරීමට අපට සැබවින්ම හැකියාවක් නැහැ."
Prof. John Mearsheimer Explains Why Iran War MUST END & why US Will Reduce Middle East Presence
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..