News Category
From Date
To Date
Maximum Number of Result

තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදුකළ ප්‍රහාරයකින් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ ටැටර්ස්ථාන් පළාතේ කසාන් නගරයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව ඊයේ(22) ඇරැඹිණි.

කතෝලික සභාව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට සාමාජිකයින්ට ඉඩ නොදීම "පරිපූර්ණ ඒකාධිපතිත්වයක්" ප්‍රදර්ශනය් කිරීමක් ලෙස නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා හඳුන්වයි. නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා නිකරගුවා පොලිසිය පිහිටුවීමේ 43 වැනි සංවත්සරය සැමරීම වෙන්ජ්වෙන් ;අසුගිය සැප්තැම්බර් 25 වනදා පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසීය.

කියුබාවේ ජාතික විදුලිබල පද්ධතියට අමෙරිකා එක්සත් ජනපදය විසින් බාධා පැමිණවීම සහ කියුබාවේ නැඟෙනහිර ප්‍රදේශයට ඔස්කාර් සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑමත් සමඟ රට මුහුණ දෙන තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කියුබාවේ ජනාධිපති, ජාතික ආරක්ෂක කවුන්සිලයේ සභාපති, Miguel Díaz-Canel Bermúdez විසින් සිදුකර තිබේ.

රුසියාවේ ටැටර්ස්ථාන් පළාතේ කසාන් නගරයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද(22) ඇරැඹේ.

එක්සත් රාජධානියේ මහා භාණ්ඩාගාරයේ චාන්සලර් රේචල් රීව්ස් පවසන පරිදි, G7 කණ්ඩායමේ පුළුල් ණය දීමේ වැඩසටහනක කොටසක් ලෙස, රුසියාවට එරෙහි යුක්‍රේනය කරගෙන යන යුද්ධ කටයුතු සඳහා එක්සත් රාජධානිය යුක්රේනයට පවුම් බිලියන 2.26 (ඩොලර් බිලියන 2.94) ණයක් ලබා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාව එක්සත් ජනපදයට ඉතා වැදගත් ඛනිජ පිළිබඳ හවුල්කාරිත්ව ගිවිසුමක් යෝජනා කර ඇති අතර, එය දේශීය විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයින්ට එක්සත් ජනපද වෙළඳපොලේ ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වන පුළුල් නිදහස් වෙළඳ ගිවිසුමකට තුඩු දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉකොනොමික් ටයිම්ස් පුවත් පත ඊයේ(20) ලිපියක් පල කරමින් පවසා සිටියේය.

විශ්‍රාමික ඇමරිකානු ජෙනරාල්වරුන් වන ෆිලිප් බ්‍රීඩ්ලව් සහ බෙන් හොජස්, ලිතුවේනියාවේ කුඩා පරිමාන ජර්මානු හමුදාවකට මහා පරිමාණ රුසියානු ආක්‍රමණයකට එරෙහිව රට ආරක්ෂා කළ හැකි බවට වොෂින්ටනයේ පවත්වන ලද විනිවිද නොපෙනෙන “යුද ක්‍රීඩා” උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය. ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.


ප්‍රධාන පුවත්

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.