News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ දැවැන්ත සැලසුම සාක්ෂි සහිතව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි


පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දණගස්වා ඉන්දියාවට අවශ්‍ය තැනට තල්ලුකර ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත්, 1932 දී ඉන්දියාවේ රාජතාන්ත්‍රිකයන් අතර මෙම සැලසුම පිළිබඳව සංවාදය මුලින්ම ආරම්භ වී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා හෙළිකරන්නේ 1932 දී ඉන්දියාවේ සර්දාර් පණික්කාර් එම න්‍යාය හඳුන්වා දුන් බවත්, ඉන්දියාව සමීපයේ ඇති රාජ්‍ය ඉන්දියාවේ අර්ධ යටත් විජිත ලෙස ඈඳා ගැනීම මෙම සැලසුම වන බවත් ය. 

මේ පිළිබඳව 1965 දී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගැඹුරින් කරුණු විශ්ලේෂණය කර ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව යටත් කරගැනීමේ සැලසුම පෙන්වා දුන් බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ යම් අර්බුදයක් නිර්මාණය වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව්කරන මුවාවෙන් සැමදා සිදු කළේ ඔවුන්ට උපාය මාර්ගිකව වැදගත්වන යමක් ලබා ගැනීම බවද, ඉන්දියාව විසින් 17 වතාවක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වන බවද ඒ මහතා සඳහන් කරයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බිඳ දැමීම සඳහා ඉන්දියාව සහාය දුන් බවත්, අරගලට ඉදිරියට ගෙන ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යවා රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට ඉන්දියාව සැලසුමක් අනුව කටයුතු කළ බවත්, එය ඉන්දියාව හා අමෙරිකාව ඒකාබද්ධව සිදුකළ සැලසුමක් බවත් ඒ මහතා පවසයි.

ඉන්දියාව රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාට අකමැති බව මතයක් හැදීමට උත්සාහ දැරූවද ඉන්දියාවේ න්‍යායපත්‍රය ඉදිරියටම ගෙනයාමට සුදුසුම පුද්ගලයා ඔහු බව ඉන්දියාව දන්නා බවත්, 2022 දී ලංකාවේ ආර්ථික අර්බුදයක් මතුවන බව ඉන්දියාව මුල සිටම දැන සිටි බව ඔවුන්ගේ රාජතාන්ත්‍රික ලේඛන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන බවත් ඒ මහතා පවසයි.

මෙම අර්බුදය මතුවීමේ දීම ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක් වැනි සොච්චම් මුදලක් 2021 වසරේ දී ලබාදුන් බවද, හුවමාරුවක් ලෙස එම මුදල ලබාදුන් වහාම බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික අමාත්‍යවරයා ඉන්දියාවට කැඳවා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත්, 13 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කළ යුතු බවත් පවසමින් යම් තර්ජනයක් එල්ල කර බව ද වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

ඉන්පසුව බැසිල් රාජපක්ෂ  හිටපු ඇමැතිවරයාව කරුණු 5ක් සඳහා එකඟකරවා ගත් බවද ඔහු පෙන්වා දෙයි.

එම කරුණු පහ නම්,
1. තෙල් ටැංකි සංකීර්ණය තවත් වසර 99කට බදු දීම
2. අක්කර 20,000ක කන්තලේ සීනි සමාගම ඉන්දියානු සමාගමකට ලබාදීම
3. බටහිර ජැටිය අදානි සමාගමට ලබාදීම
4. උතුරේ දූපත් සුළං සහ සූර්ය බලාගාර බලශක්ති ව්‍යාපෘතියකට ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම.
5. මෙරට මුහුදු සීමාවේ ආරක්ෂණ අවේක්ෂණ ක්‍රියාවලිය ඉන්දියාවට යටත් කිරීම

එමෙන්ම 2022 වසරේ දී තවත් ඩොලර් මිලියන 500ක් ලංකාවට ලබාදී ගිවිසුම් හයකට අත්සන්කරවා ගත් බවද ඒ මහතා හෙළිකරයි.

ඒවා නම්,
1. ආරක්ෂාව සඳහා වැදගත් මෙන්ම මෙරට දත්ත පද්ධතියට ඇතුළු විය හැකි ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය
2. බැසිල් රාජපක්ෂ එකඟකරවා ගත්  ඒකාබද්ධ සමුද්‍ර මධ්‍යස්ථානය පිහිටුවීම
3. මහජන සබඳතා ජාලයක් සාදා ගැනීම සඳහා උතුරු නැගෙනහිර සහ කඳුකරයේ පාසල්වලට ඩිජිටල් උපකරණ ලබාදීම
4. යාපනයේ දූපත් තුනක බලශක්ති ව්‍යාපෘතිය ඇරඹීමට ගිවිසුම් අත්සන් කිරීම
5.ඉන්දීය රෝ ඔත්තු සේවයට සම්බන්ධ සුසිමා ස්වරාජ් ආයතනය හා මෙරට ජාත්‍යන්තර අධ්‍යයන අංශය සමග වන ව්‍යාපෘතිය
6. ත්‍රිකුණාමලට ආශ්‍රිත කර්මාන්ත නගරයක් ඉදිකරීම

ඉන්දියාව සැමවිටම උත්සාහ දරන්නේ යම් දෙයක් ලබාදී ඒ වෙනුවෙන් තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට බව මෙම ක්‍රියාවන් මගින් සනාථ වන බවත්,  මෙරට ආර්ථිකය බිඳවැටීමට හේතු වූ 2022 වසරේ මහ බැංකු ක්‍රියාවලියට ද ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බවද ඒ මහතා හෙළිකරයි.

2022 මාර්තු 3 වැනිදා මූල්‍ය මණ්ඩලය විසින් රුලියල පා කිරීමට වැරැදි තීන්දුවක් ගන්නා බවත්, ඒ සඳහා එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑම් කරනු ලබන්නේ මිලින්ද මොරගොඩ විසින් බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රුපියල පා නොකළහොත් ඉන්දියානු ආධාර නොලැබෙන බවට මිලින්ද මොරගොඩ පැවසූ බවත් එයට යටත් වී රුපියල පාකිරීම නිසා ආර්ථික අර්බුදය උත්සන්න වූ බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

මිලින්ද මොරගොඩ යනු ඉන්දියාවේ නිල තානාපතිවරයා මෙන්ම අමෙරිකාවේ නිල නොවන තානාපතිවරයා බවද පවසන වසන්ත බණ්ඩාර මහතා චීනයේ ආධාර ලබාගැනීම වැළැක්වීමට ද ඔහු කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකි බවත් පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් අත්සන් තැබූ ගිවිසුම් මගින් අනිවාර්යයෙන්ම ඉන්දියාව තමන්ගේ අර්ධ යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම සිදුවන බවද පවසන ඒ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ මෙම ගිවිසුම් ගැනද හෙළිදරව් කරයි.

ඒවා නම්, 
1. ඉන්දියානු රුපියල මෙරට වෙළෙඳපොළ තුළ භාවිතා කිරීම
2. ශ්‍රී ලංකා රේගුව ඉන්දියානු රේගුව ඒකාබද්ධ කිරීම
3.දෙරට බදු ප්‍රතිපත්තිය ඒකාබද්ධ කිරීම.
4.දෙරටේ බලශක්ති පද්ධති ඒකාබද්ධ කිරීම
5. වරාය හා ගුවන් සේවා ඒකාබද්ධ කිරීම
6. භූගෝලීය වශයෙන් මහා මාර්ග හා දුම්රිය මාර්ග හරහා දෙරට ඒකාබද්ධ කිරීම

මෙම ගිවිසුම් සියල්ල මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම බවත්, සර්ධාර් පණික්කාර්ගේ න්‍යායට අනුව ඉන්දියාව විසින් සැලසුම් කරන්නේ ද මෙය බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.

වීඩියෝව නරඹන්න...


සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මහ මැතිවරණයෙන් මාක්ස්වාදීන්ට නැඹුරු ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ජනවාර්ගික සුළුතර දෙමළ ජනතාව ‘නිවැරදි තීරණයක්’ ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලබාදෙන තුන්වන සමාලෝචනය අවසන් කිරීමට කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සඳහා නව මන්ත්‍රීවරු 35 දෙනෙක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත්කර ගනුලැබූ සාමාජිකයන් 31 දෙනා අතරට ශ්‍රී ලංකාවද තෝරා පත්කර ගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව රජය පවසයි.
උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

ජර්මනියෙන් චීනයට තර්ජන

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රුසියානු-යුක්‍රේන ගැටුම මධ්‍යයේ චීනය රුසියාවට මිලිටරි සහාය ලබා දෙන බවට තිබෙන මෑත කාලීන බුද්ධි තොරතුරු සාකච්ඡා කිරීමට රැස් වූ බ්‍රසල්ස් හි පැවති රැස්වීමකදී ජර්මානු විදේශ ඇමතිනි ඇනලේනා බෙයර්බොක් විසින් සම්බාධක පනවන බවට බීජින පාලනයට තර්ජනය කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.