
පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ - මැතිවරණ කොමිසම
2024 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයට කිසිදු මුදලක් වෙන් කිරීමක් සිදුකර නැති මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේ නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මැතිවරණයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමටත් ඔහු බැඳී සිටින බවය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ඊයේ (24) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළේය.
"පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද?, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද ? සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද ? කියලා."
"මේ කරුණු තුන ඇතුළත් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් වුණාට පසුව තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන නීත්‍යාණුකූලව කතා කරන්න පුළුවන් වෙන්නේ."
"2024දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එම විසුරුවාහැරීමේ නිවේදනයත් සමගම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් දෙන්න.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
