News Category
From Date
To Date
Maximum Number of Result

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

Oct 13, 2026 at 12:29 PM
|

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ. එම වාර්තාවට අනුව මේ වන විට ලොව පුරා බිලියන 1.2ක ජනතාවක් දැඩි දරිද්‍රතාවයෙන් පීඩා විඳිති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව ඊයේ(12) නිකුත් කළ මෙම අධ්‍යයන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ, පෙර ඇගයීම හා සසඳන විට දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව මිලියන 51.5කින් ඉහළ ගොස් ඇති බවයි. 2010 වසරේදී ගෝලීය බහුමාන දරිද්‍රතා දර්ශකය (Multidimensional Poverty Index – MPI) හඳුන්වා දීමෙන් පසු මෙවැනි වැඩිවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන්නේය.

රටවල් 108ක් ආවරණය කරන මෙම වාර්තාව, ආදායම පමණක් පදනම් කරගෙන දරිද්‍රතාව මැනීමෙන් ඔබ්බට ගොස්, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය යන ක්ෂේත්‍රවල ජනතාව මුහුණ දෙන අහිමිවීම් ද විමර්ශනය කරයි.

මේ සඳහා පෝෂණය, ළමා මරණ, පාසල් අධ්‍යාපනය, පිරිසිදු ජලය සහ විදුලිය සඳහා ප්‍රවේශය, සනීපාරක්ෂාව සහ නිවාස තත්ත්වය ඇතුළු දර්ශක දහයක් භාවිත කර තිබේ.

ඉහත දක්වා ඇති බරිත දර්ශකවලින් අවම වශයෙන් තුනෙන් එකක අහිමිවීම්වලට යම් කිසි පවුලක් මුහුණ දෙන්නේ නම්, එම පවුලේ සාමාජිකයන් දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අය ලෙස වර්ගීකරණය කෙරේ.

දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් එනම් මිලියන 534ක්, “අතිශය දරුණු” අහිමිවීම්වලට මුහුණ දී සිටිති. එයින් අදහස් වන්නේ දර්ශකය මඟින් මනිනු ලබන මූලික අවශ්‍යතාවලින් අවම වශයෙන් අඩක්වත් ඔවුන්ට අහිමි වී ඇති බවයි.

තවත් මිලියන 952ක ජනතාවක් දරිද්‍රතාවට ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටිති. ඔවුන් සැලකිය යුතු අහිමිවීම්වලට මුහුණ දුන්නද, දැඩි දරිද්‍රතාව ලෙස වර්ගීකරණය කිරීමට අවශ්‍ය සීමාවට ළඟා වී නොමැති බව UNDP පවසයි.

දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාව අතරින් මිලියන 617ක්ම ළමයින් වන අතර, එය සමස්ත පිරිසෙන් අඩකටත් වැඩි ප්‍රමාණයකි. මෙම ජනතාවගෙන් සියයට 80කට වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙති.

ලොව වැඩිම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව සංඛ්‍යාවක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකානු කලාපයෙනි. එම සංඛ්‍යාව මිලියන 616කි. දකුණු ආසියාව දෙවන ස්ථානයේ පසුවන අතර, එහි දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව සංඛ්‍යාව මිලියන 393කි.

UNDP පරිපාලක Alexander De Croo මෙම දරිද්‍රතාව ඉහළ යාම “ලෝකය අවදි කරවන අනතුරු ඇඟවීමක්” ලෙස විස්තර කළේය.

කුසගින්න, අධ්‍යාපනය අහිමි වීම සහ මූලික සේවාවන් නොලැබීම වැනි එකිනෙක තවදුරටත් උග්‍ර කරන දුෂ්කරතා රැසකට මිලියන ගණනක් ජනතාව මුහුණ දෙන බවට ඔහු අනතුරු ඇඟවීය. 

ජනගහන වර්ධනය, දරිද්‍රතා මට්ටම්වල සිදුවූ වෙනස්කම් සහ අහිමිවීම් මැනීම සඳහා භාවිත කළ දත්තවල වෙනස්කම් මෙම ඉහළ යාමට හේතු වී ඇති බවද වාර්තාව සඳහන් කරයි.

රටවල් කිහිපයක් දරිද්‍රතාව අඩු කිරීමේ ප්‍රගතියක් පෙන්වයි

ගෝලීය වශයෙන් දරිද්‍රතාව ඉහළ ගියද, රටවල් කිහිපයක් එය අඩු කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ.  ඊජිප්තුව, නේපාලය සහ ටජිකිස්තානය යන රටවල දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ ප්‍රතිශතය මෙන්ම ඔවුන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

එහෙත් නයිජීරියාවේදී මීට පෙර අත්කරගත් ප්‍රගතිය ආපසු හැරී තිබේ. එහි දරිද්‍රතාව 2020 දශකයේදී යළිත් ඉහළ ගොස් ඇත. සමස්තයක් ලෙස ගත් කල, වසර 15කට අඩු කාලයක් තුළ රටවල් 33ක් සිය දරිද්‍රතා දර්ශක අගයන් අඩකින් අඩු කරගෙන තිබේ.

ලබාගත හැකි දත්ත අනුව, දරිද්‍රතාව වේගයෙන්ම අඩු කළ රට ලෙස චීනය වාර්තා වී ඇත. වියට්නාමය සහ එස්වාටිනි රාජ්‍යය ද මේ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ.

මේ අතර, සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ ලෝක බැංකු ඇගයීමකට අනුව, 2024 වසරේදී ලොව පුරා මිලියන 824කට වැඩි ජනතාවක් දිනකට ඇමරිකානු ඩොලර් 3කට අඩු ආදායමකින් ජීවත් වී තිබේ. එය ලෝක ජනගහනයෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න සංඛ්‍යාවකි.

සම්බන්ධිත පුවත් | Related News

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. මෙම සිදුවීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධ ගැටලුවකට සීමා නොකර, බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ රජයේ වගකීම් පිළිබඳ පුළුල් සංවාදයක් දක්වා ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කෙරිණි.
බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.
'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ගීත ගැයීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ස්වෛරීභාවයට, බුද්ධ ශාසනයට සහ ඓතිහාසික උරුමයන්ට බරපතළ තර්ජන එල්ල වී ඇති බවත්, එය සැබැවින්ම ජාතියේ මුදුන් මුලට එල්ල කරන ලද ප්‍රහාරයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.