කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ මන්ත්රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.
මෙම යෝජනාවට චෝදනා 50ක් ඇතුළත් වන බව ප්රවීන මාධ්යවේදී ධර්ම ශ්රී කාරියවසම් සිය Kaarige Channel Eka යූටියුබ් නාලිකාව හරහා අනාවරණය කරයි.
ආණ්ඩුවට මන්ත්රීවරුන් 159 දෙනෙකුගේ බහුතර බලයක් ඇති බැවින් පාර්ලිමේන්තු ඡන්දයකින් මෙම විශ්වාසභංගය පරාජය වුවද, කතානායකවරයාට සිය තනතුර අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. වාර්තා වන ආකාරයට, කතානායකවරයාට ජනාධිපතිවරයාගේ දේශපාලන රැකවරණය හා සහයෝගය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති අතර මෙම මස තුළදී ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නියෝජ්ය මහ ලේකම් චමින්ද කුමාර කුලරත්නට එරෙහිව පෞද්ගලික පළිගැනීමේ ක්රියාවලියක නියැලීම මෙම අර්බුදයට මුලික හේතුව වී ඇති බව සඳහන් වේ.
විශ්වාසභංගයේ ප්රධාන චෝදනා කිහිපයක්:
රාජ්ය දේපළ හා නිල නිවාස අනිසි ලෙස භාවිත කිරීම: කතානායකවරයාට නිල නිවසක් හිමිව තිබියදී කොළඹ 04 ලොරිස් පටුමඟ පිහිටි තවත් නිල නිවසක් ලබා ගැනීම සහ බත්තරමුල්ල රජමල්වත්ත නිල නිවස සඳහා සේවකයන් යොදවා රජයට මූල්ය පාඩුවක් සිදු කිරීම
පෞද්ගලික ලේකම්වරයාට පහසුකම් ලබාදීම:
පෞද්ගලික ලේකම් චමීර ප්රියංක ගාල්ලගේ වෙනුවෙන්ද ලොරිස් පටුමඟ සංකීර්ණයෙන් නිවසක් ලබා ගැනීමට මැදිහත් වීම
අනුමැතියකින් තොරව මාධ්ය ඒකකයක් පවත්වාගෙන යාම:
හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන සමයේ පැවති මාධ්ය ඒකකයේ අනුමැතිය අවසන්ව තිබියදී, වත්මන් කතානායකවරයාද තමා වෙනුවෙන් නීතිවිරෝධී මාධ්ය ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු උපකරණ භාවිත කිරීම.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනවලට බලපෑම් කිරීම:
තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනවලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වන අයුරින් කටයුතු කිරීම සහ දූෂණ විරෝධී පනතේ 107 වන වගන්තිය උල්ලංඝනය කිරීම.
පාර්ලිමේන්තු කටයුතුවලදී පක්ෂග්රාහී වීම:
විපක්ෂ මන්ත්රීවරුන්ගේ යෝජනා, ප්රශ්න සහ විශ්වාසභංග න්යාය පත්රයට ඇතුළත් කිරීම පැහැර හැරීම සහ විපක්ෂ මන්ත්රීවරුන්ට අපහාසාත්මක ලෙස සැලකීම.
ආණ්ඩුවේ සංඛ්යාත්මක බලය මත විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවද, මෙම බරපතල චෝදනා 50 හේතුවෙන් කතානායකවරයාගේ දේශපාලන කීර්තිනාමයට සහ ගෞරවයට පූර්වක වශයෙන් දැඩි හානි සිදුවී ඇති බව ධර්ම ශ්රී කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි