හසීනාගේ අත් සුදු ද?
බංගලිදේස කුලප්පුවට අදාළ ආර්ථික පසුබිම පැහැදිළි කරන ලිපි දෙකක් මම ලිව්වා. "හසීනා කියන්නේ සුද්දවන්තියක් නෙවෙයි" කියලා ඒ ලිපි කියවපු මහත්තයෙක් කමෙන්ට් එකක් දැම්මා. ඒ කමෙන්ට් එක සභ්‍ය විදිහට ලියලා නොතිබුණු හින්දා මම ඒක මකලා දැම්මා. හැබැයි ඒ මහත්තයා ඉස්මතු කරපු කාරණය ගැන කතා කරන්න ඕන.
මම කිව්වේ හසීනා නෝනාගේ ආණ්ඩුවේ ආර්ථික සාධනය ගැන මිසක් ඒකට සම්බන්ධ වෙච්ච අයගේ අත් සුදු ද කළු ද කියන කාරණය නෙවෙයි. හසීනා නෝනා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වැඩ කරලා ඇති. දූෂණවලටත් සම්බන්ධ ඇති. මට ඒ කරුණු කාරණා ගැන උනන්දුවක් නෑ. මම කිව්වේ හසීනා නෝනාගේ ආණ්ඩුව බංගලිදේසේ කර්මාන්ත අංශය වර්ධනය කරන්න වැඩ කළා කියන එක විතරයි. ඒ වගේ ම, මම අවධාරණය කළේ එහෙම කර්මාන්ත දියුණුවක් ඇති කරන්න බටහිර ප්‍රාග්ධන මුදලාලිලා ඉඩදෙන්නේ නෑ කියන කාරණය.
රටක ආර්ථික සාධනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී, කිරි සුදු පාලනයක් මූලික වෙනවා නම් බොහොම හොඳයි. ඒත් ඒ පාරිශුද්ධභාවය ගෑවිලාවත් නැති අයත් ආර්ථික හපන්කම් කරලා තියෙනවා.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාක් චුං-හී (Park Chung Hee) කියන්නේ එහෙම කෙනෙක්. පාක් චුං-හී 1961 දී දකුණු කොරියාවේ බලය අල්ලාගෙන ඊ ළඟ අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වුණාම කර්මාන්ත විප්ලවයකට මුලපිරුවා. ඒ වෙනුවෙන් පස් අවුරුදු සැලසුම් ක්‍රමයකුත් හඳුන්වලා දුන්නා. පාක් චුං-හී තමන්ගේ පාලන කාලය තුළ දකුණු කොරියාව මුළුමනින්ම හමුදාකරණයකට ලක් කළා.
දකුණු කොරියාවේ කර්මාන්ත විප්ලවය වෙනුවෙන් පාක් චුං-හී ඒ රටේ ධනපති පිරිස යෙදෙව්වේ තමන්ගේ හමුදා බලහත්කාරකම පාවිච්චි කරලා. ධනපතියෝ කියන්නේ තමන්ගේ ආයෝජනවලට ඉක්මන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන පිරිසක්. මහ දැවැන්ත ආයෝජන කරලා ප්‍රතිලාභ ලබාගන්න දීර්ඝ කාලයක් බලාගෙන ඉන්න ධනපතියෝ කැමැති නෑ. ඉතින් පාක් චුං-හී හමුදා බලය යොදාගෙන දකුණු කොරියාවේ ධනපතියන්ව ලොකු ආයෝජනවලට තල්ලු කළා.
1972 දී පාර්ලිමේන්තුව විසුරුවපු පාක් චුං-හී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවලා තමන්ගේ ම ව්‍යවස්ථාවකුත් හඳුන්වලා දුන්නා. රට පාලනය කරන්න දිගින් දිගට ම හදිසි නීතියත් සමහර වෙලාවට හමුදා නීතියත් යොදාගත්තා. හැබැයි මේ ඔක්කොම බලහත්කාරකම් මැද්දේ රටේ කර්මාන්ත දියුණු කරන්න පාක් චුං-හී උපරිමයෙන් ම කැපවුණා.
පාක් චුං-හී 1972 - 1976 කාලයට ඉදිරිපත් කරපු පස් අවුරුදු සැලැස්මෙන් තමයි නැව් හැදීමේ කර්මාන්තය දකුණු කොරියාවේ ප්‍රධාන ආර්ථික ඉලක්කයක් බවට පත් කළේ. හැබැයි සෑහෙන කාලෙකට පස්සේ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් මෙහෙම දැවැන්ත කර්මාන්ත අංශවල ආයෝජන කරන්න ධනපතියෝ කැමැති නෑ. ඉතින් පාක් චුං-හී මේ වෙනුවෙන් ධනපති ආයෝජකයෝ යොමු කළේ තමන්ගේ හමුදා බලය යොදවලා. මේ කර්මාන්තයට තල්ලු කරපු සමාගම් අතර හයි-උන්ඩායි සමාගමත් ඉන්නවා. මේ වෙද්දී ලෝකයේ තියෙන ලොකු ම නැව් හැදීමේ සමාගම බවට හයි-උන්ඩායි බැර කර්මාන්ත සමාගම පත්වෙලා.
මෙහෙම හපන්කම් කරපු පාක් චුං-හී කියන්නේ දෑත් පිරිසිදු කෙනෙක් නෙවෙයි. අන්තිමේ දී ඔහු මැරුම් කෑවේ තමන් ම හදපු කොරියානු CIA සංවිධානයේ ලොක්කා අතින්.
ඉතින් ෂීක් හසීනා නෝනාගේ දෑත් පිරිසිදු ද කියලා හොයලා බලන එක වෙනම වැඩක්. ඒ නෝනා බංගලිදේසේ කර්මාන්ත දියුණු කළා ද කියලා හොයලා බලන එක තවත් වැඩක්.
(රටකට ඒකාධිපති පාලකයෝ ඕන බවක් නෙවෙයි මේ කියන්නේ).
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්