භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ මේ බව සදහන් කරමින් ඔහු තබා ඇති සටහන මෙසේය.
"ලංකා ඉතිහාසයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය වන ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) කිසිදු සදහනක් නොවේ. මුදල් අමාත්‍යාංශයට අදාලව 2025 වසරේ සිදු වූ වඩාත් අවධානය යොමු වූ සිද්ධිය පිළිබඳ අවම වශයෙන් පාද සටහනක් (ෆුට් නෝට්) හෝ මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවට ඇතුලත් කර නැත.
භාණ්ඩාගාර මංකොල්ලය වාර්ෂික වාර්තාවෙන් සැඟවීම ගැන ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ මේ සමඟ ඇත.
මහා භාණ්ඩාගාරයේ වාර්ෂික මුල්‍ය වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරන ජාතික විගණන කාර්යාලය (පි. 11) Non disclosures in the Financial Statements යටතේ දක්වන්නේ, 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් 1,091,419 ක් හෙවත් රු. මි. 333 ක් ද, 2026 ජනවාරි මස ඩොලර් 1,418,011 ක් ද ණයකරුවන් නොවන තුන්වන පාර්ශවයකට (භාණ්ඩාර මංකොල්ලකරුවන්ට) ගෙවා ඇති බවයි. ඒ අනුව, ෆ්‍රී ලෝයර්ස් අනාවරණය කළ පරිදිම ඩොලර් 2,509,430 ක් මංකොල්ලකරුවන් අතට පත්ව ඇත.
මංකොල්ලය සිදුවූ බව රටම දනී. විගණන කාර්යාලය දනී. වාර්ෂික ගිණුම් වාර්තාවේ ඒ ගැන වචනයක් නැත. මුදල් අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා ආධුනිකයෙකි. ඔහුට තමා වටේ සිදුවන දේ ගැන අබමල් රේණුවක අවබෝධක් තිබේදැයි සැක සහිත බව මේ විගණන නිරීක්ෂණයෙන් පෙනේ.
අපේ රටේ ආර්ථිකයට දෙවි පිහිටය!"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..