News Category
From Date
To Date
Maximum Number of Result

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

Jun 3, 2026 at 04:31 PM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි. 

බත්තලමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ආණ්ඩුවේ රෙදි ගලවන සටන්කාමී අදහස් දැක්වීමක නිරත වූ වීරවංශ මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට පමණක් නොව තමන්ගේ පක්ෂයද අන්ත අමාරුවක දමා ඇති බවට චෝදනා නගමින් දැඩි දෝෂදර්ශනයක් එල්ල කළේය.

පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමූ බවත්, ඊලගට විදුලි බිල සහ ජල බිල නැවතත් අලුත් වටයකින් ඉහළ දැමීමට කුරුමානම් අල්ලමින් සිටින බවත්, ගජ මිතුරන් පිනවමින් රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමේ කුරිරු උත්සාහයක රජය නිරත වෙමින් සිටින බවත් පෙන්නා දෙමින්, ඒ දුෂ්ඨ ‍වෑයම පිටුපස ආණ්ඩුවේ නිරුවත හෙළි වෙමින් තිබෙන බවත් පෙන්වා දෙමින් වීරවංශ මහතා මෙසේ ද පැවසීය:

“බලය ගන්න කලින් ඇහුවේ “ලෝක වෙළඳ පොළේ මිලට මේවා විකුණන්න ආණ්ඩුවක් ඕනද? පාලකයෙක් ඕනද?’ කියලා. දැන් ඒ සියලු පාලකයන්ගේ වාර්තා අභිභවා ඉතාම නරුම විදිහට මේ රටේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ගැන මෙලෝ සැලකිල්ලක්, තැකීමක් නැතුව, අර රජ මාලිගාවට වෙලා සැපෙන් ඉන්න ගමන් මූල්‍ය අරමුදලේ පදයට නටමින් බර පිට බර පටවමින් තිබෙනවා. දැනුත් කියනවා අපි තාම තෙල් දෙන්නේ පාඩුවක් තියාගෙන කියලා. ඒ කියන්නේ තව වටයකින් දෙකකින් ඉතා ඉහළ මිලකට ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලු ඉන්ධන මිල ඉහළ දාන්න තමයි ඔය කුරුමානම් අල්ලන්නේ, නහයෙන් අඬාගෙන එන්නේ.”

IMF ණය සහනදායී නෑ... 5.3%ක හැංගිච්ච දඬුවම් පොලියක්!

ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 695 ගැන උදම් අනමින් ජනතාව මුළා කරන “මෝඩ චූන්” ප්‍රතිපත්තියක් ගෙන යන බවත්, මෙරටට ලැබී ඇත්තේ 5.3% ඉක්මවන අධික පොලී සහ දඬුවම් අධිභාර සහිත මාරක ණය උගුලක්  බවත් වීරවංශ මහතා කරුණු සහිතව ඔප්පු කර සිටියේය:

“මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 695ක් ලැබුණා කියලා ‘චූන්’ වෙන මිනිස්සු ‘මෝඩ චූන්’ වලට අඳිනවා. බැලූ බැල්මට කියන්නේ සොච්චම් ගාණකට හම්බවෙන්නේ කියලා. නමුත් ඇතුළත සූක්ෂමව තියෙනවා හැංගිච්ච අගයන් ටිකක්. මූලික ණය පොලී අනුපාතය 2.73%කට, තව 2%ක ‘දඬුවම් අධිභාරයක්’ එකතු වෙනවා - ඒ 2%ක දඬුවම් අධිභාරය එන්නේ අපි ශ්‍රී ලංකාවට හිමි මූල්‍ය අරමුදලේ ණය කෝටාවෙන් 300%කට වඩා අරන් හින්දා. ඊළඟට සේවා ගාස්තුව ගන්නවා 0.5%ක්. මේවා ඔක්කොම එකතු කරාම 5.3%ට වැඩියි පොලී අනුපාතය. ඒ නිසා මේවා සහනදායී ණය නෙවෙයි. ඩොලර් මිලියන 695ක් කියන්නේ තෙල් නැව් තුනක් ගේන්න පුළුවන්. ඒ තෙල් නැව් තුනක් ගෙනාවට පස්සේ ඊට පස්සේ අපි මොකද කරන්නේ? විරවපට්ටන් ගහන් උඩ බලාගෙන ඉන්න ඕනද?”

අහිංසකයන්ගේ ඩොලර් පුච්චලා ප්‍රකෝටිපතියන්ට සුපිරි සැප දෙනවා!

රටේ නිෂ්පාදන ආර්ථිකය හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීමට කිසිදු උපායමාර්ගික පියවරක් නොගන්නා වත්මන් පාලනය, රටේ ඉන්නා මහා පරිමාණ ධන කුවේරයන් සන්තර්පණය කිරීම සඳහා අහිංසක විදේශ ශ්‍රමිකයන්ගේ ලේ, කඳුළු විකුණමින් සිටින බව කියමින් වීරවංශ මහතා බරපතළම විවේචනයක් එල්ල කළේය:

“බොහෝම අමාරුවෙන්, ‘අත් රෝස පාට වෙනකන්’ පිඟන් හෝදලා, නොවිඳිනා දුක් විඳලා මැදපෙරදිග සේවය කරන අපේ අම්මලා, තරුණ දරුවන් එවන ඩොලර් සොච්චම ඩඩ්ලි සිරිසේනලාට ‘රෝල්ස් රොයිස්’ ගේන්න, තව අනිත් හාල් මුදලාලිට ‘චොපර්’ (හෙලිකොප්ටර්) ගේන්න පුච්චන්න ඉඩහදලා දුන්නා. මේ තියෙන ඩොලර් ටිකවත් අත්‍යාවශ්‍ය උවමනාවන් වෙනුවෙන් පරිස්සමෙන් පාවිච්චි කරනවා වෙනුවට මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියන්ට ඕන විදියට ඒ ඩොලර් ටික මිලියන ගණනින් බිලියන ගණනින් පුච්චන්න ඉඩකඩ හදලා දුන්නා. මේක පාපයක්! 

මේකද ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දරන පාලනයකින් මේ රටේ පොදු ජනතාව බලාපොරොත්තු වුණේ? ඉහළ පැළැන්තියට උපරිම සතුට දනවන්නයි, තියෙන ඩොලර් ටික පුච්චලා පහළ මිනිහගේ ලේ උරා බොන්නයි, ඒ මිනිහා මත බර පිට බර පටවන්නයි - ඒකද බලාපොරොත්තු වෙච්ච ගමන?”

“ලෝකේ වැඩිම මිලට තෙල් ගනිමින් ප්‍රීමියම් එකෙන් හොරා කනවා”

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සහ ආණ්ඩුවේ වංචා සහගත ගනුදෙනු නිසා පිරිවැය ඉහළ යන බවත්, එහි බර ජනතාව මත පැටවීම සාධාරණ නොවන බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එහිදී වත්මන් ජනාධිපතිවරයාගේ පැරණි ප්‍රකාශ පවා ඔහුට එරෙහිව අවියක් කර ගැනීමට වීරවංශ මහතා කටයුතු කළේය:

“තෙල් ගේන්නේ ඩොලර් වලින්. ලෝකේ වැඩිම මිලට තෙල් ගේන්නේ ලංකාව. ප්‍රීමියම් එකට ගෙවනවා ඩොලර් 40ක් 50ක්. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක - දැන් එතුමා ජීවතුන් අතර නැහැ - එතුමා තමයි ඒ කාලේ කිව්වේ ‘ප්‍රීමියම් එකෙන් තමයි හොරා ගන්නේ’ කියලා. එතකොට අද ඩොලර් 40යි 50යි ප්‍රමියම් එක. ලෝකේ වැඩිම මිලට ඩීසල් පෙට්‍රල් ගන්නේ ලංකාව. එහෙම හොරා කන ගමන් ගේන්න මේ ඉන්ධන වලට වැය වෙන්නේ ඩොලර්. රෝල්ස් රොයිස් ගේන්න, හෙලිකොප්ටර් ගේන්න ඉඩ දුන්නු හින්දා පසුගිය මාස හතරට 5.3%කින් රුපියල වැටෙනවා. වැටෙන රුපියලක් ගානේම බර පැටවෙන්නේ මහජනයාගේ කරට. මිනිස්සු උදේ, දවල්, රෑ තෙල් බොන්නේ නැහැ. ආණ්ඩුවේ අමනකම්, හොරකම්, ගොංකම් නිසා සිද්ධ වෙන පිරිවැය බර මහජනයා පිට පටවන්න එපා!"

බාල ගල්අඟුරු සහ මළගෙවල් අස්සේ මගුල් කෑම!

විදුලි බල අර්බුදය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘති හරහා රටේ මුදල් විනාශ කරන ආකාරය තවදුරටත් පැහැදිලි කළ ඒ මහතා:

"අඩුම විදුලි ප්‍රමාණයක් ජනනය කරන්න පුළුවන් විදියේ බාල ගල්අඟුරු ගේනවා. ඒ ඉතුරු ටික නිෂ්පාදනය කරන්න ඩීසල් බලාගාර වලට එක යුනිට් එකකට රුපියල් 100කට වඩා වැඩි අගයක් ගෙවලා ගන්නවා. අන්න පිරිවැය වැඩි වෙනවා. බාල ගල්අඟුරු ගේන්න කිව්වේ මහජනයද? අනෙක් පැත්තෙන් “පඬු කරඳ ගහ” හින්දා පටන් ගන්න බැරි වෙච්ච අධිවේගී මාර්ගය පටන් අරන් ‘දේශීය මුදල් වලින් කරන්නේ’ කියලා පාරම්බානවා. 

දේශීය මූල්‍ය වෙළඳපොළෙන් 10%, 13% වැනි ඉහළ පොලියට බැඳුම්කර වලින් ගත්තු සල්ලි තමයි ඔය පාර හදන්න ගන්නේ. ඕකට තාර ගේන්න, යන්ත්‍ර සූත්‍ර ගේන්න, සිමෙන්ති ගේන්න විදේශ විනිමය වැය වෙන්නේ නැද්ද? මේක ‘මළගෙයක් අස්සේ මගුල් ගෙයක් කනවා’ වගේ වැඩක්. තියෙන ඩොලර් ටික පුච්චලා, රුපියල වැටුණම ‘කරන්න දෙයක් නැහැ’ කියලා පිරිවැය මහජනයාගේ කර පිට පටවලා අත හෝදගන්න ඉන්නවා."

ජනාධිපතිවරයා මෙහෙයවන ගජමිතුරු වළල්ල. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ සාමාජිකයන් පාවා දෙමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අතකොළුවක් වී ඇති බවට චෝදනා කරමින් විමල් වීරවංශ මෙසේ බරපතළ දේශපාලන විවේචනයක් එල්ල කළේය:

“අනුර කුමාර ජනාධිපතිතුමා දුවන්නේ ධම්මික පෙරේරාට, මලික් සමරවික්‍රමට, ක්‍රිෂාන්ත කුරේලාට, හනීෆ්ලාට - ඒ ගජමිතුරු වළල්ලට ඕන විදිහටයි තීරණ ගන්නේ. ඒ නිසා තමයි රෝල්ස් රොයිස් ගේන්න, චොපර් ගේන්න පාර පාදලා දෙන විදිහට ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. ඔහු අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියට ක්‍රියාත්මක නැහැ. සපුරා පටහැනි ගමනකයි යන්නේ. අන්තිමට ඒ ගජමිතුරු වළල්ල සන්තර්පණය කරන ගමනේ බර තමයි පිරිවැය හැටියට රටේ පොදු ජනතාවට පටවන්න ඉන්නේ. මේ පාපයට අනුර කුමාර ජනාධිපති වග කියන්න ඕනේ!”

ජවිපෙ සාමාජිකයන්ට අභියෝගයක්!

අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍ය සාමාජික බලකායට සෘජු අභියෝගයක් එල්ල කළ විමල් වීරවංශ මහතා, "ඕගොල්ලන්ගේ පංචේන්ද්‍රයන් වැඩ කරන්නේ නැද්ද? මේවා තේරෙන්නේ නැද්ද? දන්නේ නැද්ද? තේරෙනවා නම් දන්නවා නම් තමුන්ගේ නායකයාට මේක කියලා දෙන්න උත්සාහ කරන්නේ නැත්තේ මන්ද?" යනුවෙන් ප්‍රශ්න කරමින් සිය සටන්කාමී දේශනය නිමා කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.