2016 දී මිලියන 23කට ගත් සුපිරි රිසෝට් එක 2026 දී මිලියන 17කට බෝහිමියාවට දෙයි..
මාලදිවයින හැමෝටම වාසනාව ගේන්නේ නෑ: හේලීස් ලෙෂර් ව්‍යාපාරයේ පසුබෑම පිටුපස ඇති ‘ඇතුළු පැත්ත’ මෙන්න!
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
හේලීස් සමූහයේ සංචාරක සන්නාමය වන ‘හේලීස් ලෙෂර්’ (හිටපු අමායා ලෙෂර්) සමාගමට අයත් මාලදිවයිනේ ‘Amaya Kudarah’ (Luxury Resort Pvt Ltd) හෝටලය ඩොලර් මිලියන 17.25ක් වැනි අඩු මිලකට විකුණා දැමීමට ඔවුන්ට සිදුව තිබේ.
වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, මීට වසර දහයකට පෙර, එනම් 2016 දී හේලීස් සමාගම මෙම ‘කුඩා රා අයිලන්ඩ් රිසෝට්’ හෝටලය මිලදී ගත්තේ ඩොලර් මිලියන 23ක් වැනි දැවැන්ත මුදලකට වීමයි. මිලදී ගත් මිලට වඩා ඩොලර් මිලියන 6කටත් වඩා අඩු මිලකට මෙය ‘Bohemia Luxury Resort’ සමාගමට විකිණීමට මැයි 16 වැනිදා ඔවුන් ගිවිසුම් ගසා ඇත.
රුපියල් බිලියන 7ක ‘පොල්ලක්’ සහ මූල්‍ය කඩාවැටීම
මෙම කුණු කොල්ලයට හෝටලය විකුණා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස හේලීස් සමූහ ව්‍යාපාරයට සිය මූල්‍ය වාර්තා තුළ රුපියල් බිලියන 6.9ක (රු. 6,900,000,000) දැවැන්ත වත්කම් හා ආයෝජන අලාභයක් (Impairment Loss) සටහන් කිරීමට සිදුව තිබේ. ඉන් රුපියල් බිලියන 2.9ක්ම හෝටලයේ කළ ආයෝජන අවප්‍රමාණය වීම් වන අතර, ඉතිරි බිලියන 2.5ක් එම අනුබද්ධ සමාගමෙන් හේලීස් මව් සමාගමට ලැබීමට තිබූ ණය මුදල්ය.
මේ නිසාම, පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ මාස 12 සඳහා හේලීස් සමූහය සිය වසා දැමූ මෙහෙයුම් (Discontinued Operations) වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 1.23ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.
හේලීස් ගේම අකුලා ගත්තේ ඇයි?
ලංකාව ඇතුළේ හෝටල් 11ක් සාර්ථකව පාලනය කරන හේලීස් සමාගම මාලදිවයිනේදී මෙලෙස අසාර්ථක වූයේ ඇයිද යන්න ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ දැඩි තරඟකාරිත්වය, මාලදිවයිනේ ඉහළ නඩත්තු පිරිවැය සහ පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික කම්පන හමුවේ හේලීස් කළමනාකාරිත්වයට මාලදිවයින ‘සුදු අලියෙක්’ වී තිබූ බව පැහැදිලිය.
තවදුරටත් පාඩු ලබන වත්කම් කරපින්නාගෙන යනවාට වඩා, පාඩුව පිටින් හෝ ඒවා විකුණා දමා ලංකාව තුළ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට හේලීස් ගත් තීරණය උපායමාර්ගිකව නිවැරදි විය හැක. නමුත්, මේ හරහා පෙනී යන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම 'බෝඩ් රූම්' වල කරන සැලසුම් තරම් ලෙහෙසි පහසු නැති බවයි.
සටහන | බී.එස්. මුණසිංහ
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..