සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.
රට තුළ ප්‍රමාණවත් වී සංචිත පවතින පසුබිමක, අවශ්‍යතාවයක් ඇති වුවහොත් නැවත සහල් ආනයනය කරන බවට ඇමතිවරයා කර ඇති ප්‍රකාශය ජාතික ගොවිජන එකමුතුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා චෝදනා කරන්නේ මෙම අත්තනෝමතික ආනයන තීරණ හරහා පාරිභෝගිකයා සැනසීමට මුවා වී වෙනත් රටවල ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බලධාරීන් කටයුතු කරන බවයි.
පසුගිය සිංහල අලුත් අවුරුදු උත්සව සමයේදී දින කිහිපයක කීරිසම්බා අවශ්‍යතාවය වෙනුවෙන් මෙට්‍ට්‍රික් ටොන් 2,700ක් හෝ 4,000ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත් තිබියදී, අප්‍රේල් 02 වැනිදා සිට 28 වැනිදා දක්වා මුළු මාසයකටම සෑහෙන පරිදි අවශ්‍යතාවයට වඩා 20-30 ගුණයක සහල් තොග ආනයනය කර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ වන විට රේගුවෙන් නිදහස් කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍ට්‍රික් ටොන් 125,000කට ආසන්න වන අතර උත්සව සමය වෙනුවෙන් සමස්තයක් ලෙස මෙට්‍ට්‍රික් ටොන් 150,000කට ආසන්න සහල් තොගයක් රට තුළට ගෙන්වා ඇති බවද වාර්තා වනවා.
දැනට පවතින දත්ත අනුව 2025 සහ 2026 වසරවල යල සහ මාස් කන්නයන්ගෙන් ඉතිරි වූ වී සංචිත රට පුරා පවතී.
දළ වශයෙන් ගණනය කළහොත් මෙට්‍ට්‍රික් ටොන් මිලියන 3.6ක වී සංචිත ප්‍රමාණයක් රට තුළ පවතින බැවින්, ඉදිරි යල කන්නයේ අස්වනු නෙළන තෙක් පරිභෝජනය සඳහා කිසිදු සහල් ආනයනයක අවශ්‍යතාවයක් මතු නොවන බවයි එම ගොවි සංවිධාන පවසන්නේ.
මේ වන විටත් දේශීය ගොවියා සතුව සමස්ත නිෂ්පාදනයෙන් 35%ක වී තොග ඉතිරිව පවතින බව සඳහන්.
සහල්වලට අමතරව පකිස්ථානය, ඉන්දියාව සහ නෙදර්ලන්තය වැනි රටවලින් දිගින් දිගටම ලූණු ආනයනය කිරීම නිසා දේශීය ලූණු ගොවියා අන්ත අසරණ වී ඇති අතර, නුවරඑළියේ අල ගොවියා ද මෙවැනිම විනාශකාරී තත්ත්වයකට මුහුණ දී සිටී.
මෙම ආනයන තීරණ පිටුපස ඇත්තේ පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණක් නොව, නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" බවටයි අනුරාධ තෙන්නකෝන් චෝදනා කරන්නේ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, කීරිසම්බා වෙනුවට ආදේශකයක් ලෙස 'පොන්නි සම්බා' ආනයනය කිරීම සහ කැකුළු, නාඩු සහල් ආනයනය පිළිබඳව සැබෑ දත්ත සෙවිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..