News Category
From Date
To Date
Maximum Number of Result

නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 ඉක්මවා යන බලයක් පළාත් සභාවලට ලැබෙනවාද?

Oct 17, 2023 at 11:32 AM
|

නව ව්‍යවස්ථාවක් හෝ නීතියක් හෝ පවතින රාමුවක සංශෝධනයක් අවශ්‍ය වන්නේ කුමන හෝ දේශපාලන අරමුණක් සඳහාය. ඒ අනුව අදාළ ප්‍රතිපාදන සලකා බැලිය යුත්තේ එම දේශපාලන අරමුණට සාපේක්ෂවය. ලෝකයේ මේ වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ගික උවමනාවන් සඳහා රටවල් 26ක් බෙදා වෙන්කර ඇත. යටත් විජිත වලට නිදහස ලබාදීමේ දී මෙන්ම ඉන් පසුව දේශපාලන ගැටුම් ඇවිලවීම සහ යම් අවස්ථාවල කිසිදු ගැටුමකින් තොරව එම බෙදා වෙන් කිරීම් සිදු කර ඇත.  උදාහරණයක් ලෙස පැපුවා නිව්ගිනියාවෙන් බටහිර පැපුවා රාජ්‍ය වෙන්කර එම කොටස ඉන්දුනීසියාවට ඈඳා ගැනීමට ඉඩ සලසන්නේ චීනයට එරෙහිව ඉන්දුනීසියාව ශක්තිමත් කිරීම  සඳහාය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව බටහිර පැපුවා සහ පැපුවා නිව්ගිනියාව අතර දේශ සීමාව සලකුණු කරන්නේ සිතියම මත කෝදුවක් තබා ඉරක් ගැසීමෙනි. එම නිසා එම දේශසීමාවන් මගින් කඳු සහ ගංගා ආදී ස්වාභාවික මායිම්ද ජේදනය වේ.

ජාත්‍යන්තර මැදිහත්වීම් මත රටවල් බෙදා වෙන් කිරීමේදී කිසිදු රටක් දෙපාර්ශ්වය අතර යුද්ධයක් මගින් දේශ සීමා සලකුණු කර නැත. යුද්ධය යොදාගනු ලබන්නේ නීත්‍යානුකූලව දේශ සීමා සලකුණු කිරීම සඳහා බලපෑම් කිරීම සඳහාය. එසේ දේශ සීමා සලකුණු කිරීම සඳහා යම් රටවල ව්‍යවස්ථාව යොදාගෙන ඇති අතර තවත් රටවල දී ජාත්‍යන්තර ගිවිසුම් යොදාගෙන ඇත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේදී 13 වැනි සංශෝධනය මගින් අනාගතය ඊළාම් රාජ්‍යයේ දේශසීමා සලකනු  කරනු ලැබීය. සුඩානයේ දී දකුණු සුඩාන රාජ්‍යයේ දේශසීමා සලකුණු කරනු ලැබුවේ සටන් විරාම ගිවිසුම නම් වූ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තාවකාලික ස්වයංපාලන ආණ්ඩුවක් නිර්මාණය කිරීම මගිනි. ශ්‍රී ලංකාවේ දී 2002 දී වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා ලෙස එම ක්‍රමවේද දෙකම දෙමුහුන් කර වඩා ශක්තිමත් කිරීමට උත්සාහ කළ ද ජාතික බලවේග විසින් එම උත්සාහය පරාජය කරනු ලැබීය. එවැනි ජාතික බලවේගයක් නොතිබූ සුඩානය අද වනවිට දෙකඩ වී මළවුන්ගේ දේශයක් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාවට අදාළව ඉන්දියාව විසින් උතුරේ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කරනු ලබන්නේ 1932 දී ඉදිරිපත් කළ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කර ඈඳා ගැනීමේ උපාය මාර්ගික වුවමනාවට අනුව ය. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම මගින් ඉන්දියාව දුර්වල කෙරෙන බවට සහ ඉන්දියාව කැබලි කිරීමට අවකාශය සැලසෙන බවට වැරදි න්‍යායාත්මක මත සකස් කරනු ලබන්නේ ඉන්දියානු ඔත්තු සේවා ඒජන්තයින් විසින්මය. ඉන්දියාවේ බලවත් ආරක්ෂක යාන්ත්‍රණය තුළ කිසිදු බෙදුම්වාදී ව්‍යාපාරයකට හිස් එසවීමට ඉඩ ලැබී නැත. ඒ අනුව සන්නද්ධ ක්‍රියාවලිය යොදා ගනිමින් දේශපාලන විසඳුමක් නාමයෙන් 13වැනි සංශෝධනය යෝජනා වන්නේ පූර්ණ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම මගින් ඊළාම් කළලය පිළිසිඳ ගැනීමට ඉඩ සැලසීම සඳහා බව ඉතා පැහැදිලිය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලබන්නේ 1987 ජුලි 29වැනිදා වුවද බලය බෙදීමට හෙවත් අනාගතයේදී බෙදා වෙන් කළ හැකි පෙඩරල් රාජ්‍යයක් තුළ ඊළාම් රාජ්‍යයේ දේශ සීමා සලකුණු කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ වන්නේ වන්නේ 1985 දීය. 

තිම්පු සාකච්ඡාවල දී ඊට අදාළ මූලික දේශපාලන න්‍යායාත්මක කොන්දේසි ත්‍රිත්වයකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එකඟ වීමට සිදුවිය. එනම් දෙමළ ජාතිකත්වය ජාතියක් ලෙස පිළිගැනීම, ඔවුන්ගේ ඓතිහාසික වාසභූමිය උතුරු සහ නැගෙනහිර පළාත් බව පිළිගැනීම සහ ඔවුන්ගේ අභ්‍යන්තර ස්වයංපාලන අයිතිය පිළිගැනීම ය. තිම්පු සාකච්ඡා මගින් ඉදිරිපත් වූ බලය බෙදීමේ යෝජනාවලට ජේ.ආර්. ජයවර්ධන මහතා වරින්වර ප්‍රසිද්ධියේම විරෝධය පළ කරනු ලැබුවේ ඒ මගින් බෙදුම්වාදී අරමුණු ඉටුවන බව සඳහන් කරමිනි. උදාහරණයක් ලෙස එතුමා 1987 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව අමතමින් එවැනි දීර්ඝ ප්‍රකාශයක් සිදු කළ අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව නොවැම්බර් මාසයේදී 13 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර ද  පාර්ලිමේන්තුවේ දීම එවැනි ප්‍රකාශ කරනු ලැබීය. විශේෂයෙන් ඔහු තම සහෝදරයා වූ එච්.ඩබ්. ජයවර්ධන හරහා පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවස්ථාමය බාධක පැන වීමට උත්සාහ කරනු ලැබීය. ඉන්දියාව දිගින් දිගටම සමගමී ලැයිස්තුවක් නොතිබිය යුතු බවට බලපෑම් කරන තත්ත්වයක් යටතේ පවා ඔහු එය අවශ්‍ය බවට දැඩි මතයක සිටි බව එළිදරව් විය. එක් අවස්ථාවක ඔහු ඉන්දියානු ව්‍යවස්තාවේ තිබෙන දෙයක් ශ්‍රී ලංකාවට සුදුසු නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත. 

ඒ අනුව එදා පැවැති මහජන විරෝධය යොදා ගනිමින් ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි බව තහවුරු කර පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට නොහැකි වන ලෙස යම් වස්ථාව බාධක ප්‍රමාණයක් පැනවීමට ඔහු සමත් විය. එම බාධක අතරින් පළමුවැන්න සමගාමී ලයිස්තුව වේ. ඒ මගින් එම පළාතේ ජනතාවට අනන්‍ය වූ පරමාධිපත්‍යයේ බලයක් තිබෙන බව හෙවත් පරමාධිපත්‍ය බලය බෙදී යන බවට ඉදිරිපත් කළ හැකි න්‍යායාත්මක තර්කය යම් පමණකට දුර්වල වේ. එනම් පළාතේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයට අදාළ විෂයයන් පිළිබඳව මධ්‍යම රජය පාර්ලිමේන්තුවට ද නීති පැනවීමේ බලය ඇත. නමුත් පාර්ලිමේන්තුවට පරිබාහිරව නීති හැදීමේ බලය සහිත ආයතනයක් පිහිටුවීම ඒ මගින් වලකින්නේ නැත. ඊට හේතුව පළාත් ලැයිස්තුව මගින් පළාත් සභාවට අනන්‍ය වූ බලයක් ලබාදී තිබීමය. පළාත් ලැයිස්තුවට අදාළව පාර්ලිමේන්තුවට නීති සැදීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වන විශේෂ බහුතර බලය අවශ්‍ය වේ.

එසේ පනවන ලද සෙසු බාධක අතර දෙවැනි බාධකය ආණ්ඩුකාරවරයාගේ බලතල වන අතර ආණ්ඩුකාරවරයාට පළාත් ප්‍රඥප්තියක් සම්මත කිරීම වැළැක්වීම සඳහා සදහා බලයක් ඇත. එසේම එමගින් අදාල ප්‍රඥප්තිය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව ජනාධිපතිවරයා මාර්ගයෙන් අධිකරනයෙන් විමසීමේ හැකියාව ඇත. තුන්වන බාධකය වන්නේ ජාතික ප්‍රතිපත්ති සැදීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වීම සහ පළාත් වලට ප්‍රතිපත්ති හැදිමේ බලය ලබා නොදීම ය. හතරවන බාධකය වන්නේ මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම ලබා නොදීම වන අතර පස්වැන්න ලෙස හඳුනාගත හැක්කේ ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වීම ය. එහෙත් ඉඩම් ප්‍රඥප්තියක් සම්මත කිරීම මගින් බදු පදනමින් ඉඩම් ලබාදීමේ හැකියාව ඇත. අවසාන වශයෙන් අයිතිය පැවරීම සිදු වන්නේ ඊළාම් රාජ්‍යයේ නායකයා විසින් බව බෙදුම්වාදීහු ඉතා හොඳින් දනිති. එම බාධක ඉවත් කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මගිනි. බෙදුම්වාදයට පක්ෂපාතී ආණ්ඩුවක් බලයේ සිටීන තත්වයක් තුළ එම බාධක පරිපාලන වශයෙන් බොහෝ දුරට අතික්‍රමණය කිරීමේ හැකියාව ඇත.

උදාහරණයක් ලෙස මහ ඇමති අරමුදල් ප්‍රඥප්තියක් මගින් මූල්‍ය බලය ශක්තිමත් කරගත හැක. ඒ සඳහා සී.වී. විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා විසින් උත්සාහ කළ ද එවකට ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා විසින් එය අත්හිටුවනු ලැබීය. ඊට අමතරව ජනාධිපතිවරයා විසින් මහ ඇමතිට පක්ෂපාති ආණ්ඩුකාරවරයෙකු පත් කරන්නේ නම් ඉඩම්, පොලිස්, මහ ඇමති අරමුදල්, ආදී ප්‍රඥප්ති  එකක් පසුපස එකක් ලෙස මාස කීපයක් තුළ සම්මත කිරීමෙන් පසුව මධ්‍යම ආණ්ඩුව සමග ගැටුම නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත. ජාත්‍යන්තර අධිකරණයේ පෘතුගාලය එදිරිව ඕස්fටි්‍රලියාව නඩු තීන්දුව සහ කොසෝවෝ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර අධිකරණයෙන් ලබාගත් පැහැදිලි කිරීම මෙන්ම මොන්ටිවීඩියෝ සම්මුතිය ආදිය හැදෑරීමේ දී පැහැදිලි වන්නේ පරමාධිපත්‍ය බලය බෙදී යන ආකාරයට බලතල ලබා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර මැදිහත්වීම සඳහා ගැටුමක් නිර්මාණය කරගත යුතු බවය. 

ඊට හේතුව ජාත්‍යන්තර සම්මුතින්ට අනුව පරමාධිපත්‍යයේ බලය බෙදී යන ලෙස යම් නිශ්චිත භූමි ප්‍රදේශයක ජනතාවට ස්වයං පාලන බලය ලබාදී ඇති අවස්ථාවක එම බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ ලබා නොදෙන්නම් ඔවුන්ට වෙන් වී යාමේ අයිතිය හෙවත් බාහිර ස්වයං පාලන බලය ප්‍රකාශයට පත් කිරීමේ අයිතිය තිබීමය. එය සිදුවන්නේ ගැටුම තුළ ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහාය. පරමාධිපත්‍ය බලය බෙදී ගොස් ඇත්ද යන පරීක්ෂණය සමත්වීම සඳහා අවශ්‍ය වන්නේ කුමන හෝ බලතල ප්‍රමාණයකට අදාළව ව්‍යවස්ථාදායක බලය පළාතේ ජනතාවට ලබාදී ඇත්ද යන්න පමණි. ඊට පොලිස් බලතල හෝ ඉඩම් බලතල අයත් වන්නේ ද නැද්ද යන්න වැදගත් නොවේ. එසේ එම බලතල ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා හෝ ඊට අදාලව පාර්ලිමේන්තුවට නීති පැනවීම සඳහා ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට යම් බලයක් ලබා දීම මගින් ව්‍යවස්ථාව මගින් පරමාධිපත්‍යයේ බලය බෙදී යන ලෙස ලබාදී ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාව ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් වන්නේ නැත. 

උදාහරණයක් ලෙස නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් සමගාමී ලැයිස්තුව අහෝසි කර මධ්‍යම රජයේ බලතල ලැයිස්තුව ඉවත් කර පළාත් බලතල ලැයිස්තුව විෂයන් 67ක් දක්වා පුළුල් කර ඇත. එම බලතල වලට අදාළව ද පාර්ලිමේන්තුවට නීති පැනවිය හැකි බව සඳහන් වුව ද පළාතක් විසින් එම බලතල වලට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම ඒ මගින් වැළැක්විය නොහැක. නමුත් 13 වැනි සංශෝධනය යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ එම ප්‍රතිපාදන ඉවත් කර ඇති අතර පළාත් සභාවකට ස්වාධීනව තම ප්‍රඥප්ති සම්මත කර ගැසට් කිරීමේ බලතල ලබාදී ඇත. ඒ අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව පවතින නීතියට පටහැණි නම් හෝ ජාතික ප්‍රතිපත්තියට පටහැනි නම් එය නිවැරදි කරන ලෙස නියෝග කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද එම බලය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ලබා දී ඇත. නමුත් 13 වැනි සංශෝධනය මගින් ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ බලතල දුර්වල කිරීමක් සිදු කර නැත. නව කෙටුම්පත අනුව මධ්‍යම රජය විසින් යම් විෂයකට අදාලව නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කර නොමැති තත්වයක් යටතේ පළාත් සභාවකට එම විෂයට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා විශේෂ අවකාශයක් ලැබේ. ඊට අමතරව සමගාමී ලැයිස්තුවට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. එම නිසා පළාත් ප්‍රඥප්තියක් සම්මත කරන අවස්ථාව හෝ කාල වකවානුව අනුව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලින් රිංගායෑමේ හැකියාවක් නොලැබේ. 

එසේම ඉඩම් බලතල ලබා දී නැති වුවදී කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය යොදා ගනිමින් එම ප්‍රඥප්තිය යටතේ ආයෝජකයන්ට බදු පදනම යටතේ ඉඩම් ලබාදීමේ හැකියාව ඇත. නව කෙටුම්පත මගින් යම් පළාතකට යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් අදාළ අමාත්‍යවරයාගෙන් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර නැත. ඒ අනුව බෙදුම්වාදයට පක්ෂපාතී ආණ්ඩුවක් යටතේ මහවැලි පනත අහෝසි කිරීම මගින් එම ඉඩම් පළාත් කෘෂිකර්ම ප්‍රඥප්තියක් යටතේ පළාත් මගින් මඟින් ආයෝජකයන්ට බෙදා දීමේ හැකියාව ලැබේ. පොලිස් බලතල ලබාදී නැතත් පළාත් රාජ්‍ය ආයතන සහ අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රුසියාවේ වැග්නර් වැනි මහා පරිමාණ ආරක්ෂක සමාගමක් නිර්මාණය කිරීමේ හැකියාව ද නව කෙටුම්පත මගින් ලබාදී ඇත. එසේම ඉහත සඳහන් කළ ආකාරයට යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් මධ්‍යම රජයේ අමාත්‍යවරයාගේ කැමැත්ත මත පළාත් මහ ඇමතිවරයාට පොලිසිය වක්‍ර ලෙස තම ආධිපත්‍යයට යටත් කර ගැනීමේ හැකියාව ඇත. 

එහිදී ප්‍රඥප්ති මධ්‍යම රජයේ ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව විය යුතු බවට ප්‍රතිපාදන පනවා ඇතත් එක් පැත්තකින් පළාත් ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය ව්‍යවස්ථාව මගින් පළාත් බලතල ලයිස්තුවට ඇතුළත් කර ඇති බැවින්  ඊට අදාලව ගැටලුවක් පැන නගියි. එය විසඳීමේ බලය ඇත්තේ අධිකරණයට ය.  ඊට අමතරව සෑම විෂයකටම අදාලව මධ්‍යම රජය මගින් ප්‍රතිපත්ති සකස් කිරීමට යම් කාලයක් ගත වුවද බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන පළාත් සභාවකට කඩිනමින් පළාත් ප්‍රතිපත්ති සහ අදාළ ප්‍රඥප්ති සම්මත කිරීමේ හැකියාව ඇත. ඒ අනුව බෙදුම්වාදි න්‍යාය පත්‍රයට අනුව පළාතට ලබාදී ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදී බාධා කරන බවට ගැටුම් නිර්මාණය කිරීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් බෙදුම්වාදයට පක්ෂපාතී ආණ්ඩුවක් තිබේ නම් යම් ගැටුමක් නිර්මාණය වන අවස්ථාව වන විට බෙදුම්වාදයට බොහෝ දුරක් ඉදිරියට යාමේ හැකියාව ඇත. 

විශේෂයෙන්ම නව කෙටුම්පත මගින් පළාතට ලබා දෙන මූල්‍ය බලතල ශක්තිමත් කෙරෙන බැවින් සහ ආයෝජන සහ රාජ්‍ය ව්‍යවසායක නාමයෙන් පෞද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමේ හැකියාව ඇත. එසේම ඉන්දියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල ශාඛා පිහිටුවීමේ හැකියාව ද ඇත. ඒ අනුව පළාත් සභා පිහිටුවීම සඳහා විශේෂිත මැතිවරණයක් නොපැවැත්වූ ද නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 වැනි සංශෝධනයට වඩා බෙදුම්වාදී අරමුණට සාපේක්ෂව වැඩි බලතල ප්‍රමාණයක් පළාත් වලට ලැබෙන බව ඉතා පැහැදිලිය. ඒ අනුව පවතින 13 එසේම තිබියදී ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වඩා වර්තමාන ආණ්ඩුව හෝ අනාගත ආණ්ඩුවක් විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්මත කිරීම මගින් නව පළාත් සභා ක්‍රමය පිහිටුවීම බෙදුම්වාදීන්ට වඩා වාසිසහගත වේ. එම නිසා බෙදුම්වාදීන්ට කාසියේ කුමන පැත්තක් පෙරලුනද වාසිය අත්වන තත්වයක් නිර්මාණය වේ. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයා පරාජය කළද නව ජනාධිපතිවරයා යටතේ එම කෙටුම්පත සම්මත වුවහොත් බෙදුම්වාදීන්ට පවතින තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් ලැබේ. තිබෙන ව්‍යවස්ථාව යටතේ  වත්මන් ජනාධිපති නැවත බලයට පත් වූවොත් ඒ මගින් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව වුවද 13 පරිපාලන වශයෙන් බලාත්මක කිරීමේ හැකියාව ලැබේ. 

කෙසේ වෙතත් නව කෙටුම්පත වර්තමාන ජනාධිපති විසින් පිළගතහොත් සහ එය ක්‍රියාත්මක කළහොත් බෙදුම්වාදීන්ට වඩා වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේ. ඊට හේතුව වර්තමාන ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් ජේ.ආර්. ජයවර්ධනට වඩා බෙදුම්වාදීන් සතුටු කිරීමට උත්සාහ කරන අයෙකුවීමය. එම නිසා පවතින ආණ්ඩුව විසින් මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත ‘හයිජැක්’ කර  උතුම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට මුවාවී ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන් සතුටු කිරීමේ හැකියාව බැහැර කළ නොහැක. එහිදී බෙදුම්වාදීන් විසින් නව කෙටුම්පතට ව්‍යාජ ලෙස විරෝධය පළකර පසුව යටින් එකඟතාවය පළකිරීමේ හැකියාව ඇත. ඒ මගින් ජාතික බලවේග ගොනාට ඇන්දවීමේ හැකියාක් තිබෙන බවද අප අමතක නොකළ යුතුය. අවසාන වශයෙන් නව කෙටුම්පතේ බොහෝ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතුල් කර තිබෙන බව පැහැදිලිව දැකගත හැක. එසේම නව කෙටුම්පත සම්පාදනය කළ විද්වතුන් තමාට භාරදුන් කාර්යය ඉතා සද්භාවයෙන් සිදුකළ බවටද විවාදයක් නැත. එම නිසා ජාතිකවාදී බලවේග අතර ධනාත්මක හැගීම්  ඇතිවේ. එම තත්වය ඉදිරි ජනාධිපතිවරණයේදී කූඨ අරමුණු සහිත බලවේගවලට වාසිදායක වන  බව ඉතා පැහැදිලිය. එවැනි තත්වයක් වැළැක්විය හැක්කේ නව කෙටුම්පත මගින් ඉදිරිපත් කර ඇති යහපත් දේ පිලිගන්නා අතර පළාත් සභාවලට අදාලව ඉදිරිපත් කර ඇති අයහපත් දේ නැවත සලකා බැලීම තුළින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම මගින් බව පිළිගැනීමට සිදුවේ. 

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර -

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.