
ඉන්දීය සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන හෝටල් ජාලය අත්පත් කරගැනීමට සූදානම් - හරීන් හෙළිකරයි
ජනප්‍රිය තරු පහේ හිල්ටන් හෝටලයේ (Hilton Colombo) හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බවත්, බොහෝ විට එය ඉන්දියානු සමාගමකට යාමට ඉඩ අැති බවත්, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු අනාවරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා මුම්බායි හි පැවති ශ්‍රී ලංකා සංචාරක ජාලකරණ සන්ධ්‍යාවේදීය.
ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, තවත් ඉන්දියානු සමාගම් දෙකක් සමඟ දැනට රජයේ අයිතිය යටතේ පවතින Grand Hyatt මිලදී ගැනීම සඳහාද අවසන් වටයට ඉදිරිපත්ව සිටින බවයි.
ආරුගම්බේ හි සුවිශේෂී රිට්ස් කාල්ටන් හෝටලයක් ඉදිකිරීමටද සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද ඇමැතිවරයා අනාවරණය කර ඇති අතර, ඉන්දියාවෙන් පිටත ඉන්දියානු හෝටල් සන්නාමයේ පළමු ව්‍යාපාරය සනිටුහන් කරමින් Intercontinental හෝටලයක් විවෘත කිරීම මෙන්ම, ITC Colombo මේ මාසය අවසන් වන විට ආරම්භ කරන බවද ඇමැතිවරයා එහිදී නිවේදනය කර ඇත.
තවද, ගලධාරි හෝටලය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික හෝටල් සන්නාම සමූහයට එක් කරමින් Radisson Blu ලෙස නැවත නම්කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
