ඩඩ්ලි සිරිසේන වගේ මෝල් හිමියන් නොසිටියා නම් සහල් ප්‍රශ්නය මීට වඩා දුර දිග යනවා - ලාල් කාන්ත කියයි
රට පුරාම කතා කරන වී, හාල් මාෆියාව පිටු පස සිටින බව කියන ඩඩ්ලි සිරිසේන යනාදි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ වී – හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඞී. ලාල් කාන්ත මහතා පැවැසීය.
ඇමැති වරයා එසේ පැවැසුවේ රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් නිරීක්ෂණ වැඩ රැසකට එක්වෙමින් පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද කීය.
රටේ ගොවි ජනතාව ආරක්ෂා කරමින් ඒ අයට සහන සලසන්න තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවත් එක්කයි අප ගමන් කරන්නේ.
පසුගිය කන්නයේ මේ රටේ ගොවි ජනතාව කෙදිරි ගෑවේ නෑ, නියමිත පරිදි සියලුම සහන ඒ අයට ලබාදීම අප සිදු කළා. ගොවියෝ පාරට බැස්සේ නෑ. උද්ඝෝෂණ කළේ නෑ. ඔවුනගේ වි වලට හොඳ මිලක් ලබාදී තිබෙනවා.
බඩ ඉරිඟු සඳහා නියමිත මිල ලැබුණා. ගොවියන්ගේ පිරිවැයට සමාගාමීව ලාභයක් කාලයකට පසුව ලබා දෙන්නට ඒ අයට හැකියාව මේ අනුව ලබාදී තිබෙනවා.
මෙම යල් කන්නයේදී ගොවියන්ට වාසිදායක මිලක් ලබා ගන්නට කටයුතු කරනවා වාගේම, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ සහයෝගයද අප ලබා ගන්නවා.
ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේද වෙනස්කම් සිදු කරන ගමන්ම කන්නයේ වී අලෙවි මණ්ඩලයට එන වී වේළා ගන්නට නොහැකි තත්ත්වයට විසඳුමක් අප මේ දිනවල කල්පනා කරමින් සිටිනවා.
තෙත වී වේළා ගන්නේ කෙසේද මෙයට විසඳුම් අප ඉදිරියේදී සකස් කරනවා. අප වී මිලදී ගන්නේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිවයි. ඒ වගේම පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිවයි.
මේ ක්‍රම දෙක තුළින්ම අප ගොවියන්ගේ වී මිලදී ගන්නට වැඩ සටහන් සකස් කර තිබෙනවා.
හාල් – වී මාෆියාව ඇති කරන පෞද්ගලික අංශයක් ගැන කතා කරනවා. ඩඩ්ලි සිරිසේන වාගේ පිරිස් ඇත්තටම රටේ හිටියේ නැති නම් ඇත්ත කියන්න වෙනවා.
මෙම වී හාල් ප්‍රශ්නය තව තවත් අර්බුදයකට පත් වෙනවා. මේ නිසා මේ අයගේද සහයෝගය ඇතිවයි අප වී – හාල් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ.
ගොවියා, නිෂ්පාදකයා, පාරිභෝගිකයා තිදෙනාම සිටින ඔවුන්ට ලාභ ලැබෙන සේ සියල්ල ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහිතආර්ථ ක්‍රමය යටතේ සියල්ලටම පහසුකම් ලබාගත හැකි පරිදි කෘෂි කර්මාන්තය දියුණු කරනවා.
– නිමල් අල්ගෙවත්ත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?