රතු ලේබල් බහාළුම් පරීක්‍ෂාව අනිවාර්යයි.. පරීක්‍ෂණ කමිටු වාර්තා විස්තරේ මෙන්න..
රතු ලේබල් කරන ලද බහාලුම් නිදහස් කිරීමේදී අනිවාර්ය රෙගු පරීක්ෂාවක් අවශ්‍ය බව, රතු ලේබල බහාලුම් 323 ක් දින දෙකකදී නිදහස් කිරීම සම්බන්ධ සිදුවීම විමර්ශනය කිරීම සඳහා රජය විසින් පත් කරනු ලැබූ කමිටුවේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
එසේම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විගණනයක් ඉල්ලා ඇති එම රාජ්‍ය කමිටුව, පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ කීපයක් ද ඉදිරිපත් කර ඇත.
මාස 4 ක විභාගයකින් පසුව විමර්ශන අවසන් කිරීමත් සමග එම විමර්ශන වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදීම සඳහා කමිටුව විසින් පසුගියදා මුදල් අමාත්‍යාංශයට බාරදෙනු ලැබීය.
රතු පැහැයෙන් ලේබල් කරන ලද බහාලුම 2021 වසරට පෙර නිදහස් කිරීමේදී අනිවාර්ය රේගු පරීක්ෂාවක් අවශ්‍ය වූ බවත්, කහ පැහැයට හුරු තැඹිලි පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් ස්කෑන් කිරීමට අවශ්‍ය වූ බවත්, කොළ පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට හැකියාව තිබූ බවත් එම කමිටු වාර්තාව පෙන්වාදී තිබේ.
මෙම ක්‍රියාවලිය ඒ සඳහා පත්කළ නිලධාරි මණ්ඩලයක් මගින් සිදු කර තිබූ බව ද එම කමිටු වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, විවිධ ලේබල් යටතේ ඇති බහාලුම් හඳුනාගෙන සලකුණු කිරීම සඳහා මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමෙන් පසු 2021 දී මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වී ඇතැයි ද එම කමිටු වාර්තාවේ දැක්වේ.
බහාලුම 323 අතර රතු පැහැයන් ලේබල් කර ඇති බහලුම් ද ඇතුළත් වී ඇති බවත්, රතු පැහැයෙන් අදහස් වන්නේ එම බහාලුම් අනිවාර්ය රේගු පරීක්ෂාවට ලක් කළ යුතු බවත් යැයි කමිටුව එම වාර්තාවේ සඳහන් කර ඇත.
කෙසේ නමුත් වරායේ බහාලුම් ගොඩ ගැසීම වැළැක්වීම සඳහා මෙම වසර මුලදී රතු ලේබල බහාලුම් ද පරික්ෂාවකින් තොරව නිදහස් කරනු ලැබ තිබිණි.
රතු ලේබල් කරන ලද බහාලුම් 323 මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් පවත්වන අතර, එම විමර්ශනය තවමත් අවසන් වී නොමැත.
- සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?