
2050 දී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අදට වඩා 77% කින් ඉහළ යනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය
2050 වසර වන විට ගෝලීය පිළිකා රෝගීන් මිලියන 35 දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිකා රෝග ඒජන්සිය පුරෝකථනය කර ඇත. සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම අගය 2022 දී වාර්තා වූ අගයට වඩා 77% ක වැඩිවීමකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) ආයතනය විසින් පසුගිය 01 වනදා ප්‍රකාශයට පත් කරන ලද අනාවැකියට අනුව දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය මෙන්ම තරබාරුකම සහ ආශ්වාස වාතයේ ඇති දුර්වල ගුණාත්මක භාවය 2050 වන විට රෝගීන්ගේ අපේක්ෂිත වැඩිවීමට බලපාන මූලික සාධක ලෙස සඳහන් කරයි.
“2050 දී නව පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 35 කට වඩා වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත.” යනුවෙන් (IARC) සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සංඛ්‍යාව 2022 දී හඳුනාගත් පිළිකා රෝගීන් මිලියන 20 ට වඩා 77% වැඩිවීමක් බවද පවසයි.
රටවල් 185 ක සහ විවිධ වර්ගයේ පිළිකා වර්ග 36 ක දත්ත මත පදනම් වූ IARCහි ද්විවාර්ෂික වාර්තාව, 2022 දී ගෝලීය වශයෙන් විවිධ පිළිකා හේතුවෙන් මිලියන 9.7 ක් පමණ මිය ගොස් ඇති බව ද පවසයි. පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇතිවීම අපේක්ෂා කළ හැකි බව පවසන වාර්තාව කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුද පිරිමින් නව දෙනෙකුගෙන් එක් අයෙකුද පිළිකා රෝගයෙන් මිය යන බවද අනාවරණය කරයි.
"සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය පිළිකා රෝගීන් ප්‍රමානය ජනගහනය වයස්ගත වීම සහ ජනගහනය වර්ධනය වීම යන කාරනා දෙකම පිළිබිඹු කරනු ලබයි. එලෙසම සෞඛ්‍ය තත්වයට බලපාන අවදානම් සාධකවලට මිනිසුන් නිරාවරණය වීම පෙන්නුම් කරන අතර එම සාධක වලින් කිහිපයක් සමාජ ආර්ථික කාරනා සමඟ බැඳී පවතී." IARC සිය සොයාගැනීම් සම්බන්ධයෙන් සටහනක් තබමින් පවසයි.
(IARC) දත්ත වලට අනුව පීඩාවට පත් පුද්ගලයින් ජීවත් වන ස්ථානය අනුව රෝග විනිශ්චය බෙහෙවින් වෙනස් විය හැකි බව පෙන්වා දෙයි. “අපි දකින ලොකුම අභියෝගයක් නම්, පිළිකා රෝගයෙහි සමානුපාතික වැඩිවීම අඩු ආදායම් ලබන, අඩු මානව සංවර්ධනයක් ඇති රටවල වඩාත්ම කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.” IARC ආයතනයේ ප්‍රකාශකයෙකු වන ෆ්‍රෙඩී බ්‍රේ පසුගිය 1වනදා අල් ජසීරා පුවත් සේවයට පැවසීය.
" 2050 වන විට එවැනි රටවල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රක්ෂේපිත වැඩිවීමක් දැකීමට නියමිතයි." යනුවෙන් පැවසූ බ්‍රේ මෙම රටවල් බොහොමයක් "දැනට පිළිකා ගැටලුව සමඟ සැබවින්ම කටයුතු කිරීමට සුදුසු තරම් උපකරණ නොමැති තත්වයක පසුවන " බවද පෙන්වා දුන්නේය.
පෙනහළු පිළිකා පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා රෝගය වන අතර පියයුරු පිළිකා කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකුට වැළඳී ඇති බවද පෙන්වා දුන්නේය. දුම්කොළ, මධ්‍යසාර සහ තරබාරුකම වැනි සාධක මගින් පිළිකා රෝගය වැඩිවීමට බලපෑමක් ඇතිකරන බව පෙන්වා දුන් ඔහු ලෝක ජනයා අතර තුන්වන වඩාත් සුලභ පිළිකා වර්ගය සහ දෙවන විශාලතම ඝාතකයා වන මහා බඩවැලේ පිළිකාව සුලබ වීමට ලෝක ජනයාගේ ජීවන රටාව වෙනස්වීම හේතු සාධක වී ඇති බවද IARC පවසයි.
විවිධ වර්ගයේ පිළිකා වර්ග 100 කට වඩා මේ වන විට හඳුනාගෙන ඇති අතර ලෝක ජනයා අතර වඩාත් සුලභම පිළිකා වර්ග පහ සමස්ථ පිළිකා මරණ සංඛ්‍යාවෙන් 50% ක් පමණ සිදු කරණු ලබයි.
https://www.rt.com/news/591844-who-cancer-cases-rise/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
