News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ආදායමෙන් 64% ක් භුක්ති විඳින්නේ ඉහළම ධනවතුන් 10% ක්... පහළම ස්තරය 50%ක පිරිස භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4%යි - විමල් වීරවංශ

Jan 31, 2024 at 06:41 AM
|

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් එළිදක්වා ඇති බවත් එහි "ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිනු ලබන්නේ ඉහළම ධනවතුන් සියයට 10කි. පහළම ස්තරය වූ සියයට 50ක පිරිස භුක්ති විඳිනු ලබන්නේ ජාතික ආදායමෙන් සියයට 4කි." යන කරුණු ද අන්තර්ගතව ඇතැයි අනාවරණය කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරන්නේ, රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවයි.

මෙම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු "තොග පිටින්" පැටවීමෙන් මේ පහළම සිටින සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් දැනට භුක්ති විඳිනු ලබන සියයට 4 ද අහිමි වීමට හැකි බවත් මෙමගින් පැහැදිලි වන්නේ "වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරවය" යන්න බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද(30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

"ධනවත්ම සියයට 10ට ජාතික ආදායමෙන් සියයට 64ක්"

"තවමත් පොදු ජනතාව අතට පත්ව නොමැති වුවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. එම කරුණු අතර ශ්‍රී ලංකාවේ ධනවත්ම සියයට 1 ජාතික ආදායමෙන් සියයට 31ක් භුක්ති විඳින බවත් එම ඉහළම ධනවතුන් සියයට 1ත් ඇතුළුව ධනවත්ම සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳින බවත් සඳහන් වෙනවා.  මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සියයට 40ක පිරිස ජාතික ආදායමෙන් සියයට 32ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය හෙවත් යටම සිටින සියයට 50 භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4ක් බවත් එහි සඳහන්. මෙමගින් අපට පෙනී යනවා, 'මේ රටේ ආදායම් බෙදී යෑමේ විෂමතාව කොතරම් බරපතළ ද?' කියා.

"විෂම බදු ක්‍රියාවලියක්!" 

මේ කනගාටුදායක තත්ත්වය තවදුරටත් විමසා බැලුවොත් ඔබට පෙනේවි, දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වය ලබා දෙන්නේ මේ ජාතික ආදායමෙන් සියයට 4ක් භුක්ති විඳින ඉහත කී සියයට 50ක පහළම ස්තරය බව. මේ සියයට 50ක පිරිස තමයි වැඩිපුරම ශ්‍රමය වගුරවන්නේ; කෘෂිකාර්මික නිෂ්පාදනයේ ප්‍රධානතම බලවේගය වන්නේ. ඉහළම ධනවතුන් සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිද්දී පහළම ස්තරය වූ සියයට 50 භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4ක් නම් මේ රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ඊට සරිලන ආකාරයට නොවේද? මේ විෂමතාව පිළිබඳව කිසිසේත්ම නොසිතා වක්‍ර බදු 'තොග පිටින්' පැටවීමෙන් මේ යටම සිටින සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් දැනට භුක්ති විඳින සියයට 4ක ප්‍රමාණයත් අහිමි වීමට පුළුවන්. මේකෙන් පැහැදිලියි, 'අපේ රටේ පාලකයෝ පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් නොවෙයි' කියා. ඒකයි මෙවැනි විෂම බදු ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ.

වැට් බදු  පරාසය පුළුල් කළාම...

දැන් බලන්න, සියයට 18ක වැට් බද්ද  බලපාන පරාසය පුළුල් කර තිබෙනවා. ඒ අනුව දේශීය ටින්මාළු නිෂ්පාදනයට, දේශීය පොල්තෙල් නිෂ්පාදනයට, දේශීය ටැක්සි සේවාවන්ට(PickMe එකට වැට් බදු ගහනවා. Uber එකට නැහැ.) වැට් බද්ද ගහනවා. මේකෙන් වෙන්නේ දේශීය නිෂ්පාදන, දේශීය සේවා සපයන ආයතන බිඳවට්ටලා විදේශීය නිෂ්පාදන, විදේශීය සේවා සපයන ආයතන දිරිගැන්වීම. දේශීය ටින්මාළු නිෂ්පාදකයන් පවසා තිබෙනවා, 'මේ වැට් බද්ද නිසා අපේ ටින්මාළු කර්මාන්ත ශාලා 16ක් වසා දැමීමට සිදු වෙනවා' කියා. මේ විදිහට දේශීය කර්මාන්ත, සේවා සපයන දේශීය ව්‍යවසායන් වැසී යන විට අවසානයේ සිදු වන්නේ  ඉහත කී සියයට 50ක ස්තරයට ජාතික ආදායමෙන් හිමි වන සියයට 4ක කොටස ද පහළ වැටීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම... 

මේ අනුව පැහැදිලියි, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුව මේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව අපේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වැටෙනවා මිසක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නේ නැහැ' කියා. දැන් බලන්න, නිදසුනක් ලෙස තේවලට ගහන පොහොර ටිකටත් වැට් බද්ද ගැහුවාම අපේ අපනයන ආදායම වැඩි වෙයිද? ඒ වගේම ඉන්දියාවේ අදානි සමාගමෙන් සුනිත්‍ය බල විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 50ට නම්, එය අවුරුදු 9ක ගිවිසුමකට යටත් නම් ඒකෙන් සිදුවන්නෙත් දේශීය නිෂ්පාදනවල පිරිවැය ඉහළ යාමයි. අවසානයේ අධික බදු ගැසීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම විසින් දේශීය නිෂ්පාදනවලට විදේශීය වෙළඳපොළ තුළ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙනවා.

"එට්කා පැමිණීම : හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටීම"

මේ විදිහට දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට සලස්වා ඇති මේ ආණ්ඩුව දැන් සූදානම් වෙනවා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන්න. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට හා වෙළඳාමට සම්බන්ධ වීමට අවස්ථාව උදාවෙනවා. ඉන්පසු සිල්ලර වෙළඳාමට, තොග බඩු වෙළඳාමට, ටැක්සි සේවා, හෙද සේවා ඇතුළු සියලු සේවාවන්ට ඉන්දියානුවන් නිදහසේ පැමිණේවි. එට්කා ගිවිසුම අත්සන් කළොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට නිසැක ලෙසම පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝක ආර්ථික සමුළුවේදී කිව්වා, 'ඉන්දියාව සමග අපි බලශක්ති ඒකාබද්ධකරණයකට යනවා. ඒ විතරක් නොවෙයි දෙරටෙහි රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා' කියලා. රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා කියන්නේ, රේගු දෙක ඒකාබද්ධ කිරීමටයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මේ වෙලාවෙ එට්කා ගිවිසුම අත්සන් කළොත් ඒක 'හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටුණා  වගේ' වෙයි.

මේ සියල්ල පිළිබඳව හොඳ අවධානයෙන් නොසිටියොත් අපේ රට තවදුරටත් දරුණු අගාධයකට ඇදවැටෙන එක වළක්වන්න බැහැ. 'එය වළක්වාගැනීම සඳහා මුළු වෙර යොදා කටයුතු කිරීමට පෙරට එන්න' කියා මේ රටේ ජනතාවට ආයාචනය කරනවා"

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.