News Category
From Date
To Date
Maximum Number of Result

රට ඉල්ලන්නේ "ලන්සි-පැපොල්" හෝ "කයිවාරු" නායකත්වයක් නොවෙයි - රට ඉල්ලන අනාගත නායකත්වය ගැන විමල්ගෙන් ඉඟියක්

Jan 22, 2024 at 04:34 PM
|

නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මෙරට කුඩා ආර්ථිකය ඉදිරි දශක කිහිපය තුළ ලොව බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමේ දැක්ම සහිත නායකත්වයක් අද රට ඉල්ලා සිටින බවත් එසේම "ලන්සි -පැපොල්" වර්ගයේ හෝ "කයිවාරු" පන්නයේ නායකත්වයන්ට රට හමුවේ වන අභියෝගය ජයගත නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(21) සවස පිළියන්දල, මාවිත්තර දී පැවති "9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?" යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

'වැට් ගහලා ප්ලැට් කිරීම'

"අද දේශීය කර්මාන්තකරුවාව, දේශීය සේවා සපයන ව්‍යාපාරිකයාව තමයි 'වැට්' ගහලා 'ප්ලැට්' කරන්න පටන් අරන් තියෙන්නේ. මේ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවට්ටන තීරණ අරන් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? දැන් බලන්න වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් අද රට හැර යනවා. ඒ අතරේ මේ පාලකයන් ඉන්දියාව සමග එට්කා(ETCA) ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට පුළුවන් වෙනවා, ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට සහ වෙළඳාමට නිදහසේ ඇවිත් සම්බන්ධ වෙන්න. 'එට්කා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයන්ටත් පුළුවන් ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ සේවා ආර්ථිකය සහ වෙළඳාමට සම්බන්ධ වෙන්න' කියා ඇතමුන් කිව්වාට ඉන්දියාව එය වළක්වන විදිහ දන්නවා. නිදසුනක් විදිහට ඉන්දියානුවකුට ශ්‍රී ලංකාවට එන්න ගුවන්තොටුපළෙන් වීසා ගන්න පුළුවන් වුණාට, ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දියාවට යන්න වීසා ගන්න ඕනේ මේ රටේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් පමණයි. එට්කා ගිවිසුම අත්සන් කළාම රට ගියපු වෛද්‍යවරයාගේ, ගුරුවරයාගේ පුරප්පාඩුවට ඉන්දියානු වෛද්‍යවරුන්, ගුරුවරුන් ඒවි. ඒ විතරක් නොවෙයි පොල් කඩන්න කෙනෙක් නැත්නම් ඒකටත් ඉන්දියානුවකු පැමිණේවි. එට්කා ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය සහ වෙළඳාම තුළ ඉන්දියානු බලපෑම බරපතළ ලෙස වැඩි වෙනවා.

'ශීඝ්‍ර ඉන්දියානු ව්‍යාප්තවාදය'

ඉන්දියාව අතීතයේ සිටම බලන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ 29 වැනි ප්‍රාන්තය ලෙස නොනිල විදියට තියාගන්න; ඔවුන්ගෙන් යැපෙන පරාධීන රටක් ලෙස තියාගන්න. අදානි සමාගම හරහා ඉන්දියාව අද අපේ බලශක්ති සුරක්ෂිතතාව  බිඳවට්ටන මැදිහත්වීමක් සිදු කර අවසන්. ඒ විතරක් නොවෙයි අදානි සමාගම අපට විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් පනහකට නම් ඊට ඉහළ මිල ගණන්වලට තමයි අනෙකුත් මිලදී ගැනීම් සිදුවන්නේ. මෙසේ විදුලි පිරිවැය ඉහළ යාමෙන් අවසානයේදී සිදුවන්නේ සියලු දේශීය නිෂ්පාදනවල පිරිවැය ඉහළ යෑම. එමඟින් අපේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරග කිරීමේ හැකියාව නැති වෙනවා. මේ විදිහට යනකොට ඉන්දියාව කියයි 'ශ්‍රී ලංකාවේ රුපියල වගේම ඉන්දියානු රුපියලත් ශ්‍රී ලංකාව තුළ පිළිගත් මුදල් ඒකයක් බවට පත් කරන්න' කියලා. ඊට පසුව කියයි 'දෙරටේ රේගු ඒකාබද්ධ කරන්න' කියලා. නොනිල විදිහට වුවත් අද ඉතා වේගවත්ව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වෙමින් තිබෙනවා.

'13 පූර්ණ ලෙස බලා‍ත්මක කිරීම'

ඒ අතරේ අලුත් අවුරුද්දේ යාපනයට ගියපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කීවේ කුමක්ද?' 'ඔයගොල්ලෝ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දී තිබෙන සියලු බලතල භුක්ති විඳින්න. මම ඒවාට ඇඟිලි ගහන්න එන්නේ නැහැ.' කියලයි. ඒ කියන්නේ 'පළාතට අදාළ පොලිස් ප්‍රඥප්තිය, ඉඩම් ප්‍රඥප්තිය, මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය වැනි ඕනෑම ප්‍රඥප්තියක් සම්මත කරගන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ' කියන එකයි. දැන් බලන්න වයඹ පළාත් සභාව මීට ඉහතදී වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියක් සම්මත කරනු ලැබුවා. දැන් වයඹ පළාත තුළ මධ්‍යම පරිසර අධිකාරියට ක්‍රියාත්මක වීමට බැහැ. අද වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන්නේ ඒ පරිසර ප්‍රඥප්තිය අනුව පිහිටුවනු ලැබූ වයඹ පළාත් පරිසර අධිකාරියයි. මේ විදියට විවිධ පළාත්වල විවිධ ප්‍රඥප්ති ක්‍රියාත්මක වීමට පටන් ගත්තාම මධ්‍යම රජයේ බලය හෙවත් 'මුදුනේ බලය' ඒ පළාත්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙපමණ කලක් මෙවැනි ප්‍රඥප්ති සම්මත කළත් ක්‍රියාත්මක නොවුණේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ පළාත් ආණ්ඩුකාරවරයා ඊට අනුමැතිය ලබා නොදුන් නිසයි. අපි දන්නවා, 'උතුරේ හිටපු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය සම්මත කළා' කියා. නමුත් එවකට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එයට අනුමැතිය ලබා දුන්නේ නැහැ. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ 'මම දාන ආණ්ඩුකාරවරයා ඔයාලාට කිසිම බාධාවක් කරන්නේ නැහැ. ඔයාලා 13 වැනි සංශෝධනයෙන් ලබා දී තිබෙන බලතල කැමති විදිහට භුක්ති විඳින්න.' කියලයි. බඩගින්නට, සාගතයට, ජීවත් වීම පිළිබඳ අනවරත අභියෝගයකට ලක්ව ඇති මිනිසුන්ගෙන් පිරුණු මේ රටට රනිල් වික්‍රමසිංහ අද මොකද කරන්නේ? එක පැත්තකින් ආර්ථිකයේ අන්තිම පණ නළ ටිකත් නැත්තටම නැති කරනවා. අනෙක් පැත්තෙන් 13 වැනි සංශෝධනය උතුරු නැගෙනහිර පළාත්වල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන තැනට ඇදවට්ටනවා.

'ගණිකා වෘත්තිය ගැන ෆිදෙල් කියූ කතාව' අමතක වෙලාද?

මේ ඇත්ත අභියෝගයන් ජයගැනීමට අපට අද සිදුව තිබියදී ඇතමුන් කියනවා, 'අපේ ආණ්ඩුවක් ආවාම ගණිකා වෘත්තිය නීතිගත කරනවා' කියලා. මේක අහපුවාම මට මතකයට ආවේ සමාජවාදී කියුබාවේ අසහාය නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හා බැඳුණු කතාවක්. කියුබානු විප්ලවය ජයග්‍රහණය කළාට පසු කාලයේ දිනයක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හවානා නුවර එක්තරා ආපනශාලාවකට ගියා රාත්‍රී ආහාරය ගන්න. රාත්‍රී ආහාරය ගන්නා ගමන් ඔහු තමා සමඟ සිටි සහෝදරවරුන්ට කියනවා, 'අපි කියුබාව තුළ ගණිකා වෘත්තිය නැති කරන්න ඕනේ. ඒක තහනම් කරන්න ඕනේ.' යනුවෙන්. කෙසේ නමුත් එදින ඒ ආපනශාලාව තුළ  සිටියා ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ රාත්‍රී ආහාරයට වස දැමීමට සූදානම්ව සිටි සේවකයෙක්. ඒ සේවකයාගේ බිරිඳ ගණිකා වෘත්තියේ යෙදෙන්නියක්. නමුත් ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් කරපු කතාව අහගෙන සිටියාට පසු මේ වස දෙන්න හිටපු සේවකයාට හිතෙනවා, 'අනේ මගේ බිරිඳත් දැන් මේකෙන් බේරෙනවා නේද?' කියා. ඉන්පසුව ඒ සේවකයා ෆිදෙල් කස්ත්‍රෝ  සහෝදරයා ඉදිරියට ඇවිත් කියනවා, 'නැවත මෙවැනි තැන්වලට ආහාර ගන්න එන්න එපා! අද මෙතැනදී ඔබගේ ආහාරයට වස දැමීමට මට තමයි  බාර දී තිබුණේ. නමුත් ඔබ ගණිකා වෘත්තිය ගැන කියපු කතාව ඇහුවාම මම ඒ වස දීමේ තීරණය වෙනස් කළා' කියා. අපි දන්නා බල පෙරළිවලින් කළේ කාන්තාව එවැනි තත්ත්වයකට ඇද වැටීම වළක්වාලීමයි. නමුත් මෙයාලා අද කියනවා, 'ගණිකා වෘත්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තියයි' කියා. 

ඒ වගේම ඒ පක්ෂයේ දෙන්නෙක් 'ගණිකා වෘත්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තියයි' කියලා කියනකොට තවත් කෙනෙක් කියනවා, 'නැහැ. ඒක නොවෙයි අපේ ප්‍රතිපත්තිය' කියා. අද මේ අය කරන්නේ ප්‍රතිපත්ති විරහිත දේශපාලනයක්.

"එට්කා ගිවිසුමට පක්ෂද? නැද්ද?"

දැන් මේ විදිහට ප්‍රතිපත්ති විරහිත, කවුරු කවුරුත් රටේ පාලන සුක්කානම අතට ගන්න හදනවානම් අපි කොහොමද මේ ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් එළියට එන්නේ? ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ETCA(Economic and Technology Co-operation Agreement) අත්සන් කරනවාට විරුද්ධ ද නැද්ද කියා, මේ අය කියන්නේ නැහැ. මේ නිහඬතාව මැද්දෙ එට්කා අත්සන් කළාම 'හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත් වුණා වගේ' අපේ රටේ ආර්ථිකයේ අන්තිම පණ නළ ටිකත් උදුරාගන්න ඉන්දියාවට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ, කොතරම් දුෂ්කර මොහොතක් වුවත් සිහිබුද්ධිය නැති කරගන්නේ නැතුව ඉඳලා, ලැබෙන පළමුව අවස්ථාවේදීම මේ රට නිවැරදි මාවතට ගෙනඒමට අපි සමත් විය යුතුයි, කියලා.

'බ්‍රික්ස් සමඟ සිටගැනීම'

හෙට දවසේ අපි ස්වශක්තියෙන් නැගී සිටින රාජ්‍යයක් ගොඩනගන්න ඕනේ. ඒ වගේම අපි ලෝකයේ සිටින අපේ හොඳම මිත්‍රයන් සමඟ සිටගත යුතුයි. අද BRICS නමින් ලෝකයේ අලුත් බලකේන්ද්‍රයක් ගොඩනැගෙමින් තිබෙනවා. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ගොඩනගපු බ්‍රික්ස් හවුලට අද ලෝකයේ වෙනත් රටවල් ද එකතු වෙමින් තිබෙනවා. අද අපේ විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ බ්‍රික්ස් සංවිධානය සමඟ සිටගැනීම. එම සංවිධානය අපව බෙල්ල මුලින් අල්ලාගෙන නටවන සංවිධානයක් නොවෙයි, එක මිත්‍ර සංවිධානයක්. බ්‍රික්ස් සමග සිටගැනීමට අසල්වැසි ඉන්දියාවට විරුද්ධ වෙන්නත් බැහැනේ. එයත් එහි සාමාජිකයෙක්නේ. අද බ්‍රික්ස් සංවිධානය සූදානම් වෙනවා, ජාත්‍යන්තර ණය දෙන බැංකුවක් ඇරඹීමට. එය රටවල් බෙල්ල මුලින් අල්ලාගෙන නටවන වෙනත් ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන වගේ නොවෙයි, රටවලට නැගීසිටීමට උදව් කරන එකක්. එවැනි සැබෑ මිතුරන් සමඟ සිටගන්නා නායකත්වයක් තමයි අද මේ රටට ඕනේ. 'කාගේත් සුන්දරී විදෙස් ප්‍රතිපත්තිය' ගෙන යන නායකයන්ට මේ රට හදන්න බැහැ.

'Boycott Maldives'

දැන් බලන්න, පළමු වතාවට ඉන්දියාවට ඕනේ විදියට නටන්නේ නැති නායකයෙක් මාලදිවයිනේ නායකත්වයට පැමිණ තිබෙනවා. ඒ නිසා අද 'Boycott Maldives' කියා ඉන්දියාව තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා. අද ඉන්දියානු සංචාරකයන් මාලදිවයිනට යන්නේ නැහැ . ඒ තත්ත්වය හමුවේ මාලදිවයිනේ නව ජනාධිපතිවරයා චීනයට ගිහින් චීන ජනාධිපතිවරයාට කියනවා, 'සංචාරකයන් වැඩි වැඩියෙන් මාලදිවයිනට එවන්න' කියා. මාලදිවයිනේ නායකයාට තිබුණු කොන්ද මේකෙ ඉන්න හාදයන්ට නැහැ. නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මේ රටේ පුංචි ආර්ථිකය ඉදිරි දශක කිහිපයේදී ලෝකයේ බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමට අවශ්‍ය දැක්ම, වුවමනාව සහිත නායකත්වයක් තමයි අද මේ රට ඉල්ලන්නේ. එහෙම නැතුව 'ලන්සි පැපොල්' නායකත්වයකට හෝ 'කයිවාරු' නායකත්වයකට මේ රට මුහුණ දී ඇති අභියෝගය ජය ගැනීමට බැහැ.

"නිසි නායකත්ව මග පෙන්වීම"

ඔබ දන්නවා, අපි අමාත්‍ය ධුර දරපු අමාත්‍යාංශවල වැඩ කරලා පෙන්වූවා. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය බලගන්වන්න අපට කළ හැකිව තිබූ උපරිම දේ කළා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියයි. නමුත් ඒ කර්මාන්ත පද්ධතිය බලාසිටියදී අද කඩා වැටෙනවා. එහෙම වුණාම විරැකියාව වැඩි වෙනවා පමණක් නොවෙයි, සියලු නිෂ්පාදන පිටරටින් බලාපොරොත්තු වෙන්න වෙනවා. අද මේ රටට ඕනෑ ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතිය පමණක් නොවෙයි, සත්ව නිෂ්පාදනය හා කෘෂිකර්මාන්තය බලගන්වන්න පුළුවන් සෑම ක්ෂේත්‍රයකටම දෙන්න පුළුවන් සියලු ධෛර්යය, ශක්තිය ලබාදිය හැකි නායකත්ව මඟ පෙන්වීමක්. ඒ නායකත්ව මඟ පෙන්වීම මේ රටට නිසි පරිදි ලබාදෙන්න පුරෝගාමීව කැපවන බවට අපි ඔබට සහතික වෙනවා.

"ගැසිය යුතු එකම මැච් එක"

'පපඩම් අරගල වෙනුවට ඉහත කී සමාජ - ආර්ථික - දේශපාලන ආක්‍රමණයෙන් 'ලක් අම්මා' සැබෑ ලෙසම බේරාගත හැකි නිවැරදි නායකත්ව මග පෙන්වීමකට ගෙන එන්න පුළුවන් අරගලයක් තමයි මේ රට අද ඉල්ලන්නේ. ඔබට මතක ඇති ජවිපෙ මේ 'පපඩම් අරගලයෙන්' පසුව කීවා, 'අපි මැච් එක ගැහුවා. කප් එක වෙන එකෙක් අතට ගියා' කියලා. කප් එක වෙන එකෙක් අතට යන්න මැච් ගහන්නෙ මෝඩයොනේ. ඒ අරගලයෙන් ඔටුන්නට කුරුමානම් අල්ලමින් හිටපු 'තනි අලියා රනිල්' ඔටුන්න ඔළුවට දමාගත්තා. අපි ඉදිරි අනාගතයේදී ගහන්න ඕනේ එකම මැච් එක තමයි ඔටුන්න මේ රටේ පොදු ජනතාවගේ හිස මත පළඳවන්න පුළුවන් මැච් එක. ඒ මැච් එක ගහන්න අපි සූදානම්. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා."

ඉහත ජන හමුව අමතා ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු වන අතුල සේනානායක හා රංජිත් පත්මසිරි මහත්තුරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පිරිස් මහතා ඇතුළු උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂචල මහජන නියෝජිතයෝ පිරිසක් ද සහභාගී වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.