ගණේමුල්ලේ සංජීවගේ නීතිඥවරියක් නාකොටික් ASPට අල්ලස් දෙන්න හැදූ හඬපටයක් එළියට... බංකරයක සඟවා තිබු ලක්ෂ 22කට අධික මුදලකුත් මතුවෙයි
වීරගුල පොලිස් ස්ථානයේ දැනට රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ඊයේ (19) මාකිලංගමුව ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂාකර ඉතා සූක්ෂමව නිවස තුල බංකරයක සඟවා තිබු ලක්ෂ 22කට අධික මුදලක් සොයාගැනීමට සමත් විය.
එම විමර්ශනය සිදුවන අවස්ථාවේදී ගණේමුල්ල සංජීවගේ නඩුවකට පෙනී සිටින නීතිඥවරියක් යැයි කියනු ලබන කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිටින එම ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට එම නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එහිදී අදාල සිද්ධියට සම්බන්ධ නිතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ කාර්යලයක් පවත්වාගෙන යනු ලබන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, නීතිඥවරියගේ උත්සාහය ව්‍යාර්ථ වූ පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ තරංග සේමසිංහට දුරකථනය ඔස්සේ අමතා අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කර ඇති බවත් සඳහන්ය.
එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර, නීතිඥවරිය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයාට අල්ලස් ලබාදීමට උත්සාහකරන දුරකතන ඇමතුමක හඬ පටයක්ද මේ වන විට එළියට පැමිණ තිබේ.
මෙම හඬපටය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උපදෙස් මත හා ඔවුන්ගේ අනුදැනුම මත පටිගතකළ බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
හඬපටය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?