රෝහල්වල බාල බෙහෙත් තියෙන්න පුළුවන්.. දොස්තරලාගේ වෘත්තීය ක්‍රියා මාර්ගවලදී පාරට බහින්නේ හැමදාම එන සීයක් දෙසීයක් විතරයි.. - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
මෙරට රෝහල් පද්ධතිය තුළ වරින් වර ඖෂධ සම්බන්ධ අඩුපාඩු සිදුවන බවත්, ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ තිබීමට හෝ පැමිණීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු අයවැය විවාදයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි අඩුපාඩු සිදුවීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවන බවත්, ලෝකයේ පවතින විශාලතම රෝහල්වල පවා එවැනි අඩුපාඩු සිදුවන බවත්ය.
ඒ අනුව මෙරට තුළ ද ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ තිබීමට හෝ ලැබීමට හැකියාවක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ හංසක විජේමුනි මහතා පැවසුවේ, වෛද්‍යවරුන් තම ඉල්ලීම් වෘත්තීය මට්ටමින් දිනා ගන්නා ආකාරය දන්නා බැවින් කවුරුන් හෝ පාරට බසින ලෙස ඉල්ලා සිටිය ද ඊට එක්වන්නේ හැමදාමත් පැමිණෙන සියයක දෙසියක පිරිසක් පමණක් බවයි.
එම පිරිස රෝහල්වල සේවය කරන අය නොවන බැවින් ඔවුන් විරෝධතා සඳහා පැමිණිය ද රෝහල් කටයුතුවලට විශාල ගැටලුවක් ඇති නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..