News Category
From Date
To Date
Maximum Number of Result

සෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට හූති ප්‍රහාරයක්..

Nov 26, 2026 at 08:33 AM
|

සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන 'රාස් තනුරා' වෙත තමන් ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් පවසයි.

සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන මෙය, සෞදි බොර තෙල් අපනයනය සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරන සංකීර්ණයක කොටසක්.

භූ-දේශපාලනික අවදානම් ඉහළ යාම හේතුවෙන් හූති කැරලිකරුවන්ගේ මෙම ප්‍රකාශය තෙල් මිල ඉහළ යාමට හේතු වූ බවයි තෙල් විශ්ලේෂක ටමාස් වර්ගා පවසා සිටියේ.

එසේම, අනෙරිකාවේ Thanksgiving holiday ට පෙර, short positions ආපසු ගෙවා අවසන් කිරීමට කටයුතු කරමින් සිටි බවයි ඔහු පවසන්නේ.

සති අන්තය එළැඹෙද්දී පවතින භූ-දේශපාලනික ආතතිය පිළිබඳව ආයෝජකයින් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි විශ්ලේෂක ෆිල් ෆ්ලින් පැවසුවේ.

මේ සමඟම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙස සටහන් වී ඇති අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙස සටහන් විය.

සම්බන්ධිත පුවත් | Related News

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) උදෑසන පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.
දැනට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් කඩිනමින් අඩු නොකළහොත් ගොවි ජනතාව, මෙරට කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නාය.
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි සහ චීවරධාරී සද්ධාරතන ඇතුළු 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙරට රෝහල් පද්ධතිය තුළ වරින් වර ඖෂධ සම්බන්ධ අඩුපාඩු සිදුවන බවත්, ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ තිබීමට හෝ පැමිණීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව එළඹෙන පෙබරවාරි මස 19 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

ප්‍රධාන පුවත්

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

ඓතිහාසික මාතලේ අළු විහාර පූජා භූමියේ යාර 400ක ප්‍රේරණ කලාපය තුළ පවතින පුරාවිද්‍යා රෙගුලාසි සහ ගැසට් නිවේදන උල්ලංඝනය කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..

Divaina Online ඔස්සේ පළ වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා, මහවිරු සතිය නිමිති කරගෙන සිදු කෙරෙන සැමරුම්, ජාතික කොඩිය සම්බන්ධයෙන් පළ වූ මතභේදාත්මක ප්‍රකාශය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සිය අදහස් දැක්වීය.

රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු 22 ගෙන් යුත් දූත පිරිසක් ඊයේ (25) මෙරටට පැමිණ තිබේ.

මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..

පුවත්පත් හරහා කුලය ඉස්මතු කරමින් පළකරන විවාහ දැන්වීම් මෙන්ම සමාජය නොමඟ යවන සුළු මිථ්‍යා විශ්වාස, හදි හූනියම් සහ වශී ගුරුකම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා නව මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ නීතිමය රාමුවක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?

ශ්‍රී ලංකාව තුළ රාමායණ මාර්ගය, හින්දු කෝවිල් සහ හින්දු ආගමික සංචාරක ව්‍යාපාරය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කිරීම අද අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. ඉන්දියාව සැබැවින්ම බුද්ධාගමටත් හින්දු ආගමටත් එක හා සමානව සහාය දෙනවාද? නැතිනම් බුද්ධාගම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පෙන්වන අතරතුර, ඊට වඩා විශාල හින්දු සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවාද?

බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ රදවා තබා ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය

එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සමාගම වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO), සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජෙන්සන් හුවාං (Jensen Huang) වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Ahasa News නාලිකාවේ විකාශය වූ "බලසටන" වැඩසටහනේදී විශේෂ අනාවරණයන් රැසක් සිදුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.