News Category
From Date
To Date
Maximum Number of Result

නෙතන්යාහුට පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වෙද්දී ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි..

Nov 11, 2026 at 01:17 PM
|

ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව ඊයේ (10) දිවුරුම් දී තිබේ.

ඒ, ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි.

මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සිය පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වී ඇති අතර, ඔහුට විරුද්ධ පක්ෂ බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත.

කෙසේ වෙතත්, එම පක්ෂවලට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සන්ධානය ගොඩනඟා ගැනීමට මෙතෙක් පැහැදිලි එකඟතාවකට පැමිණීමට හැකි වී නැත.

හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ගාඩි අයිසන්කොට් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වනවිට උත්සාහ කරමින් සිටින අතර, එරට ජනාධිපතිවරයා විසින් පසුගිය ඉරිදා ඔහුට ඒ සඳහා වගකීම පවරනු ලැබීය.

මේ අතර, 2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කොමිසමක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් ද අයිසන්කොට් විසින් ඉදිරිපත් කර ඇත.

මූලාශ්‍රය - Reuters

සම්බන්ධිත පුවත් | Related News

පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය හරහා රටට සහ බුද්ධ ශාසනයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී බරපතළ අනාවරණයක් සිදු කළේය.
පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් රජයට සිදුකළැයි කියන සිද්ධියට අදාල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් 09 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (11) නියෝග කළේය.
බුද්ධ ශාසනයට සහ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් අද දින සංවිධානය කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් විසින් කරන ලද නිර්දේශයක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාල නඩුව අද (11) දවස පුරා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර පවතින සබඳතාවලට තර්ජනයක් වී ඇති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඊළාම් ශිෂ්‍ය විප්ලවවාදී සංවිධානයේ නායක රාජනාදන් ප්‍රභාකරන්, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියන් මහතා සහ ජෙතවනාරාම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු නියෝජිතයින් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් අද (11) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය හරහා රටට සහ බුද්ධ ශාසනයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී බරපතළ අනාවරණයක් සිදු කළේය.

9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා ⁣අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..

බුද්ධ ශාසනයට සහ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් අද දින සංවිධානය කර තිබේ.

සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..

ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන සිරස නාලිකාවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් විශේෂ අදහස් දක්වා තිබේ.

කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?

පසුගිය දා ඇතිවූ දැඩි වර්ෂාවත් සමග කොළඹ නගරය පුරා හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අගනුවර ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය. වාර්ෂාව ඇද හැලුනු ඉතා කෙටි කාලයක් ඇතුළත ඇති වූ මෙම ආපදා තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය සහ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්ට ද බරපතළ බාධා එල්ල විය.

අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..

2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණ ලබා ගත්තද, එම පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම ඉදිරි පාලන සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිබ්ලිකන් පාලනය හමුවේ සංකීර්ණ දේශපාලන හා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..

බුද්ධ ශාසනයට සහ අපේ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් සංවිධානය කර තිබේ.

මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

තරු තුනක් තිබෙන පොලිස් නිලධාරියෙක් අනුරාධපුරයේ දී භික්ෂූන්වහන්සේ නමකගේ සිවුර අඩක් ගලවා සිදුකළ අපහාසය සහ එම ස්ථානයේ දී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා පවසන්නේ අනුරාධපුරයේ තවත් රජෙකු සිටි බවත් එයා කුමාර නොව එලාර බවත්, එලාරත් කළේද මෙවැනි දේ බවත් ය.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..

රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ උරුමයන්ට එරෙහිව මතුව ඇති විවිධ තර්ජන හා අභියෝගයන්ට විරෝධය පළ කරමින්, ලබන 11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි

යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..

ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.

මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..

අනුරාධපුර පූජා භූමියට අත තැබුවහොත් වස් වදින බවත්, ඉතිහාසයේ එලාරවත් මෙසේ නොකළ බවත්, මෙම බුද්ධ භූමිට සංචාරක පුරවරයක් කිරීමට අවශ්‍ය නැති බවත් අනුරාධපුර පූජාභූමිය රැකගැනීම වෙනුවෙන් සත්‍යග්‍රයහක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.