පැරණි වාහන සංචිතය ඉවත් කර රාජ්‍ය සේවයට නව වාහන සංචිතයක් හඳුන්වා දෙනවා.. පරණ වාහන හදන්න යන වියදම වැඩියි.. - ජනපති
රජයේ වාහන අලුත්වැඩියාව සඳහා පමණක් 2025 වසරේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැයවී ඇති බවත්, එම අධික වියදම් අවම කරමින් පැරණි වාහන සංචිතය ඉවත් කර රාජ්‍ය සේවය සඳහා නව වාහන සංචිතයක් කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.
රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ, ආර්ථික නවීකරණය, බදු සහන මෙන්ම ජාතික ආරක්ෂක නීති පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
පැරණි මලකඩ ආකල්පවලින් මිදී නව පරිවර්තනයකට රට ගෙන යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වාහන සංචිතය මෙන්ම රාජ්‍ය සේවයේ පවතින යල්පැනගිය පරිගණක පද්ධතිද ඉවත් කර නවීන පද්ධති ස්ථාපිත කරන බව කීය. ආදායම් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය ලබාගැනීමට කාර්යාල වෙත පැමිණීමට අවශ්‍ය නොවන සේ ඩිජිටල් පද්ධතිය ශක්තිමත් කරන බවත්, ඩිජිටල් ආර්ථික පනත කඩිනමින් ගෙනවිත් ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවන බවත් හෙතෙම සඳහන් කළේය.
පෙර පැවති සාම්ප්‍රදායික සූදු වෙනුවට වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ දැවැන්ත ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන සූදු කර්මාන්තය පාලනය කිරීම සඳහා සූදු නියාමන අධිකාරියක් පිහිටුවන බවද කියා සිටියේය.
රාජ්‍ය සේවක මූලික වැටුප් ඉහළ දැමීමේ තෙවන අදියර ලබන ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන බවත්, 2027 දී මූලික වැටුප් වැඩිවීමෙන් පසු කතා කිරීමට සිටි දීමනා පිළිබඳ ගැටලුවට විසඳුම් දෙමින් ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා රැසක් 100%කින් වැඩි කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම, උපයන විට බද්ද අය කිරීමේ සීමාව රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දහස දක්වා ඉහළ දැමූ අතර, ඉදිරි අයවැය ලේඛනය මඟින් එම බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ දමා ජනතාවට සහනයක් සැලසීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
රැකියා විරහිත තරුණ ප්‍රජාව වෙනුවෙන් රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති අතර, ඉන් ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..