"කවුද සල්ලි පොම්ප කළේ කියන එක අපි දන්නවා.. කවුද මේක පිටිපස්සෙ හිටියේ කියන එකත් දන්නවා" – ඇමති නලින්ද
කිසිදු කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ජාතිය හෝ ආගම පදනම් කර ගනිමින් රට තුළ යළිත් බෙදීමක්, අසමගියක් හෝ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට ඉඩ නොදෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්යවරයා මේ බව අවධාරණය කළේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ විහාරමහාදේවි උද්යානයේ පැවැති සත්යග්රහය පිටුපස සිටියේ කවුරුන්ද, ඊට මුදල් පොම්ප කළේ කවුරුන්ද සහ සෙනඟ රැස් කළේ කවුරුන්ද යන්න පිළිබඳ සියලු වාර්තා දැනටමත් පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
'''කොයි වෙලාවකවත් මේ වසර දෙක තුළදීම අපි ජාතිය හෝ ආගම පදනම් කරගෙන කිසිදු කණ්ඩායමකට පුද්ගලයකුට මේ රටේ යළිත් බෙදීමක් අසමගියක් අස්ථාවරත්වයක් නිර්මාණය කරන්නට අවස්ථාව සලසන්නේ නැහැ.
අපි දන්නවා විහාරමහදේවියේ සත්යග්රහයේ, කවුද මේක පිටිපස්සෙ හිටියේ කියන එක. කවුද මුදල් පොම්ප කළේ කියන එක. කවුද සෙනඟ ඇද්දේ කියන එක. ඒ ඔක්කොම ටික වාර්තා වෙලා පවතිනවා. ඒ නිසා මේ අතරේ තියෙන සම්බන්ධය අපි බලමු. ඒවා පොලිසිය අදාල කරන අංශ වාර්තා කරාට පස්සේ තීන්දුවක් ගන්න පුළුවන්.
මහනුවර ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයටත් එතනින් එහාට විහාර මහා දේවියටත් එතනින් එහාට කිංග්ස්බරියටත්.. ආපු සමස්ත සිදුවීමේ කොහෙවත් හංගන්න ඉතුරු කළේ නැහැ. පටන් ගත්ත තැන ඉදල සෝෂල් මීඩියාවල ලයිව් දුන්නා, චැනල්වල ලයිව් දුන්නා. පින්තූර දැම්මා. වොයිස් කට් දුන්නා. මම හිතන්නේ කවුරුත් හංගන්න බලාගෙන කරපු දෙයක් නෑ කියලා. සියල්ලම මාධ්යයට නිරාවරණය වෙලා තිබුණේ. නිරාවරණය කළා. ඒ නිසා විහාර මහා දේවියේ තිබුණු දේවල් එළියට එන එක ප්රශ්නයක් නොවුන නම් කිංග්ස්බරිය එළියට ආපු එක ප්රශ්නයක් කර ගන්න ඕනෙම නෑ. ඕව සාමාන්ය දේවල්. ඒ ගැන රජයේ වැඩිදුර අවධානය යොමු කරන්නේ නැහැ.."
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..