කථානායකට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා විසින්ම ඉවත් කිරීමට පියවර ගැනීම ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කළ බරපතළ ප්රහාරයක්.. - විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්
කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එල්ල වී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා මත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව, චෝදනාවට ලක් වූ කථානායකවරයා විසින්ම මුලසුන දරන ලද කාරක සභා රැස්වීමකදී විවාදයට ගැනීම ප්රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කළ බරපතළ පහරක් බව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්රීවරුන් පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය විසින් අද (27) විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කථානායකවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු එම ධූරයේ අඛණ්ඩව කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බවත්, එම පරීක්ෂණ කාලය තුළ ඔහු ධූරයෙන් ඉවත් විය යුතු බවත් විපක්ෂයේ ස්ථාවරය වී තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාව ඔක්තෝබර් 09 දින පාර්ලිමේන්තුවට භාරදී 12 දින න්යාය පුස්තකයට ඇතුළත් කළ ද, පසුව කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම්වලදී නීතිපති උපදෙස් ලබාගැනීම මගහරිමින්, විපක්ෂයට අවශ්ය පරිදි චෝදනා සංශෝධනය කරන ලෙස බලපෑම් කර ඇති බව නිවේදනයේ සඳහන්.
චෝදනාවට ලක් වූ පුද්ගලයා විසින්ම තමාට එරෙහි චෝදනා විවාද කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම තීන්දු ගෙන ඇති බව පවසන විපක්ෂය, ආණ්ඩුව කැමති අන්දමට චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට කිසිසේත් සූදානම් නැති බව අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..