News Category
From Date
To Date
Maximum Number of Result

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ගැන තවත් තොරතුරු එළියට


අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 

ඒ මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ පසුබිමකය.

එහි දී විමර්ශන නිලධාරින් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය, 

" ස්වාමිනි, ඊජිප්තුවේ වසර 12කට වැඩි කාලයක් රැඳී සිට ඇති අවලෝකිතේශ්වර නාමයෙන් හඳුන්වන මෙම තැනැත්තාගේ සැබෑ නම මහින්ද කොඩිතුවක්කු. මොහු ඉකුත් ජනවාරි 01 වැනිදා දිවයිනට පැමිණ පළමුව කැලණිය රජමහා විහාරයට ගොස් තිබුණා. දැන් තැනින් තැන නිවාසවලට යමින් දේශන පවත්වනවා. මොහුගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව 04ක් පැමිණිලි කර තිබෙනවා. ඒ මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ."

 "ස්වාමිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුදුදහමට ප්‍රමුඛස්ථානය දීලා තියෙන වටපිටාවකයි ජෙරම් සහ මෙවැනි අය බුදුදහමට පහර ගහන්නේ. මොහු පවත්වාගෙන යන YOUTUBE නාලිකාවේ දේශනවල තියෙන්නේ ශරීරයට ගිනි තියාගෙන බුදුන්ට පූජා කරන්න කියලා. ඒක හරියට අර පසුගිය දිනවල රුවන් ප්‍රසංග නැමැත්තෙක් සයිනයිඩ් කා සියදිවි නසාගන්න කියා දේශන පැවැත්වුවාට සමානයි. මොවුන් සේරම මානසික රෝගින්. ඒ වගේම ස්වාමිනි මොහුගෙන් නීතිපතිවරයාට පවා පරිස්සම් වෙන්න වෙනවා. මොකද මොහු කියනවා නඩුහබ තියනවානම් අරගෙන එන්න විසඳනවා කියලා. මොහු හිතාගෙන ඉන්නේ තෙවැනි විනිසුරුවෙක් කියලා. මෙම තැනැත්තා බුද්ධ චරිතය තුළ විශේෂ තැනක් හිමි යශෝධරා දේවියට "ඒ ගෑනිගේ කාලකණ්ණිකම" යනුවෙන් පවසා  තිබෙනවා. යශෝධරා  දේවියට මන්ද මානසිකයෙක් කියලාත් කියලා තියෙනවා. කොහොමද ස්වාමිනි මේ වගේ මන්ද මානසිකයෙක් තවත් කෙනෙක්ට මන්ද මානසිකයෙක් කියන්නේ"

අවලෝකිතේෂ්වර නැමැති මෙම නැතැත්තාට ආධාර අනුබල සපයන්නන් සම්බන්ධයෙන්ද දිලීප පිරිස් මහතා කරුණු අනාවරණය කළේය.

" ස්වාමිනි මොහු තනිකරම රංගන ශිල්පියෙක්. ගමන් කරන්නෙ ලිමොසින් වර්ගයේ මෝටර් රථයක. කැලණිය රජමහා විහාරයේ මොහු එතැන සිටි පිරිසට හඳුන්වාදෙන්නේ බඩල්කුඹුර පොලීසියේ පුන්‍යසිරි නැමැති සාජන්වරයෙක්. එතැන සිටි සිල්මෑණි කෙනෙක් කියනවා  රුපියල් 10,000ක් දීලයි ගෙන්වාගත්තේ කියලා. එබැවින් ස්වාමිනි මොහුගේ යට ඉන්නේ කවුද කියලා  විමර්ශනය කළ යුතුයි. මොහු සිය දේශනයක කියනවා  තමන්ගේම දුවට අතවර කරලා  අභිනිෂ්ක්‍රමණය වුණා කියලා. එයම ඇති ස්වාමිනි ළමා අපයෝජන චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගන්න."    

ඒ අනුව මෙම පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් පනවන ලෙසත්, ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.

ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු හා හිටපු ආරක්ෂක ඇමති ඉයොන් ගැලන්ට්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් මාසයට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නොහැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වන අතර, මෙය විභාග මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වීමට නියමිතව ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාතංශය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම පියවර ගෙන ඇත.
එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයෙන් පසු අටවැනි සංවත්සරය වෙනුවෙන් කියුබාවේ මිතුරන් සහ කැරිබියන් ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අද ඔහුට උපහාර දැක්වීය.
නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ ලිපි කිහිපයක් යොමුකළ ද මෙතෙක් ඔවුන් දෙදෙනා ප්‍රකාශ ලබා නොදුන් බවට පොලිසිය පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන් කෙරුණි.

ප්‍රධාන පුවත්

එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර

කියුබානු විප්ලවයේ ඓතිහාසික නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයෙන් පසු අටවැනි සංවත්සරය වෙනුවෙන් කියුබාවේ මිතුරන් සහ කැරිබියන් ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අද ඔහුට උපහාර දැක්වීය.

කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.

මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)

2024 මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී තිබුන ද ගොවීන්ට සහනාධාර ලෙස රු. 15000ක මුදලක් පසුගිය රජය විසින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනද, එම මුදල රු. 25000 දක්වා වර්තමාන රජය ඉහළ දමා ලබාදෙන බව පැවසුවද, මේ වන තෙක් එම 25000ක මුදල කෙසේවුවද 15000ක මුදල පවා ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු චෝදනා කරති.

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.