
වඳුරඹ නිධන් හෑරිල්ල අවසන් වෙයි... හමුවූ කළු ගලෙත් මුකුත්ම නැහැ
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන් කෙරුණි.
රාජ්‍ය ආයතන රැසක් එක්ව සිදුකළ එම කටයුත්තේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොමැත.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නියෝගයකට අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ කළ මෙම කැණීම ආරම්භ කෙරුණේ එම ස්ථානයේ නිධන් හාරමින් සිටි බවට සැක කෙරෙන චීවරධාරියකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි.
මෙම මෙහෙයුමට පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF), මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගි වූහ.
මුලදී දින දෙකක කැණීම් කාලයකට අධිකරණය අවසර ලබා දී තිබූ අතර එය සිකුරාදා පස්වරුවේ අවසන් විය.
කෙසේවෙතත්, නව තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තුන්වැනි දිනටත් කැණීම් කටයුතු කරගෙන යෑමට ඉඩ ලබාගනිමින් වේයන්ගොඩ පොලිසිය මෙහෙයුම සඳහා අමතර දිනයක් ලබා ගෙන තිබිණි.
ඒ අනුව ඊයේ පෙරවරු 9ට යළි වැඩ ආරම්භ කෙරුණු අතර එහිදී හමුවූ විශාල ගලක් කැඩීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එය කුඩා කැබලිවලට කඩා දැමුණේ මහජනයා ඉදිරියේය.
මෙම ස්ථානයෙන් ඓතිහාසික වැදගත්කමක් ඇති නිධානයක් හෝ වස්තූන් හමු නොවීය.
එහි ප්‍රතිඵලයක් ලෙස පැමිණ සිටි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ එකඟතාව මත ඊයේ පස්වරු 4ට කැණීම නිල වශයෙන් අවසන් කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
