
ඇමැති වසන්ත සමරසිංහගේ නඩුවට නියෝජ්‍ය ඇමැති මහින්දයි රන්ජන් ජයලාලුයි පොලිසියට තවම ප්‍රකාශ දීලා නැහැ
නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ ලිපි කිහිපයක් යොමුකළ ද මෙතෙක් ඔවුන් දෙදෙනා ප්‍රකාශ ලබා නොදුන් බවට පොලිසිය පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
එම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු නව රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු වේ.
දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල පිහිටි දේපළක් බදුදීමට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබිණි.
නියෝජ්‍ය කම්කරු ඇමැති සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්ට තමන් ඇමතුම් ලබාදී ලිපි යවා ප්‍රකාශ ලබා දීම සඳහා වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දන්වා යවා ඇති බව එම කාර්යාංශයේ පරීක්ෂකයෝ අධිකරණයට ප්‍රකාශ කළහ.
ඔවුන්ගෙන් ප්‍රකාශ ඉල්ලා ඇත්තේ එම ඉඩම රුපියල් ලක්ෂ 36කට බදු දී ඇති බවට ඔප්පුවේ සඳහන් වන බැවිනි.
2020 පෙබරවාරි 10 වැනිදා සිට බදු ඔප්පු තුනක් මගින් ජයසිංහට සහ ජයලාල්ට සමරසිංහ සහ සිරිල් අබයසිරි විසින් දේපළ බදු දී ඇතැයි පරීක්ෂකවරු වැඩබලන මහේස්ත්‍රාත් තරංග සිල්වාට පැවසූහ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විසල් සේනානායක සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම දේපළ වෘත්තීය සමිතිය තුළ කිසිදු බලයක් නොමැති පුද්ගලයකු විසින් බදු දී ඇති බවයි.
නඩුව දෙසැම්බර් 20 වැනිදාට කල්තැබූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එදිනට නඩුවේ ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
