News Category
From Date
To Date
Maximum Number of Result

වසර 15ක් පුරා ඉටු නොවුණු දෙමළ බෙදුම්වාදින්ගේ සිහින සැබෑ කරන්න යුද අපරාධ විනිශ්චය සභාවක් ගෙනල්ලා... පිට කවරයෙන් පොත මනින්න එපා - උදය ගම්මන්පිල

Jan 11, 2024 at 06:37 AM
|

යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙය 2009 සිට කොටි හිතවාදීන් දැරූ සිහිනය මල් පල දැරීමක් බවද ඒ මහතා ප්‍රකාශකර සිටියේය. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීති කාලෝචිත ද?

"අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අපේ අධිකරණ විසින් දිගු කලක් තිස්සේ නඩු අහලා දඬුවම් කලාට ඒ පිළිබඳ නිශ්චිත නීතියක් තිබුණේ නෑ. ඒ නිසා අධිකරණයට අපහාස කිරීම වරදක් වුණාට ඒ පිළිබඳ නඩු අහන්නේ කෙසේද ලබා දෙන දඬුවම් මොනවාද කියන එක අපේ නීති පොත්වල සඳහන් වෙන්නේ නෑ. ඒ නිසාම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සමහර තීන්දු සමාජයේ ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් වුණා. ඒ නිසා අධිකරණයට අපහාස කිරීම කියන මේ නිස්චිත විශය ගැන නිස්චිත නීතියක් නිස්චිත විධිවිදාන සහ දඩුවම් හදුන්වාදීමට අධිකරණ ඇමතිතුමා කටයුතු කිරීම ගැණ එතුමන්ට ප්‍රසාදය පල කරණවා.

මේ පනතේ සබ්ජුඩිසි රීතිය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ රීතියෙන් කියන්නේ උසාවිය ඉදිරියේ විනිශ්චයට භාජනය වන කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ මතයක් පල කරන්න බෑ කියලා. මොකද ඒ හරහා විනිසුරුවරුන්ට යම් බලපෑමක් ඇතිවිය හැකි නිසා. නමුත් අද දේශපාලන අරමුණෙන් නඩු දැම්මාම නඩුව යන අතරේ පැමිණිලිකරුවන් මාධ්‍ය හමු පවත්වමින් නඩුව ගැන කරුණු දක්වනවා. ඒවා මාධ්‍ය වල පොල් ගෙඩි අකුරෙන් දානවා. අවසානයේ දී චුදිතයා නඩුවෙන් නිදහස් වෙනවා. ඒක මාධ්‍ය වල පල වෙන්නෙත් නෑ. ජනතාවගේ මතකයේ තිබෙන්නේ අර නඩුව අතරේ මාධ්‍ය හමු වල කියැවුණු දේවල්. මේ මාධ්‍ය හමු වල ඇත්ත අරමුණ චුදිතයා පිළිබඳ වැරදිකාරි සමාජ මතයක් ඇති කරලා නඩුව අහන විනිශ්චයකාරවරයාට බලපෑම් කරන්න. විනිසුරු ඉලක්ක කරගත් මානසික මෙහෙයුමක් දියත් කරන්න. චුදිතයා නිවැරදිකරු කිව්වොත් නඩුකාරයා මුදලට යට වුණා කියලා පක්ශග්‍රාහි වුණා කියලා සමාජය හිතාවි කියන භීතිය විනිශ්චයකාරවරුන්ගේ හිත් තුලට කා වද්දන්න. ඒ අය කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්. ඒ විනිශ්චයකාරවරුන් එක්ක මානසික යුද්ධ කිරීම මේ පනතෙන් වරදක් කරලා තිබීම අපි අගය කරන්න ඕනෑ.

උසාවිය ඉදිරියේ විනිශ්චයට භාජනය වුණු කාරණයක් පිළිබඳ පාර්ලිමේන්තුවෙන් පිටත වගේම පාර්ලිමේන්තුව තුලත් කතා කරන්න බෑ. ඒක ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන් වෙනවා. නමුත් උසාවිය ඉදිරියේ විනිශ්චය භාජනය වන කාරණා පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඕනෑ තරම් කතා වෙනවා. නීතිය හදන මේ සභාව නීතියට ගරු කරන්නේ නැති නම් අපි ඒක සාමාන්‍ය ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

මන්ත්‍රි වරප්‍රසාද හරියට තේරුම් ගන්න

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේ කරන කතාවක් කිසිම අධිකරණයක දී අභියෝගයට ලක් කරන්න බෑ. මේ වරප්‍රසාදය එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එන්නේ. රජතුමාගේ රාජ උදහසට ලක් නොවී රටේ ප්‍රශ්න ගැන කතා කරන්න මන්ත්‍රිවරුන්ට අවශ්‍ය නිදහස් වාතාවරණය හදන්නයි මේ වරප්‍රසාදය ලබා දීලා තිබෙන්නේ. නමුත් අපේ පාර්ලිමේන්තුවේ ඒ වරප්‍රසාදය අවභාවිතා කරනවා.

ස්ථාවර නියෝගත් කඩ කරලා වරප්‍රසාද වලට මුවා වෙලා අධිකරණයේ විනිසුරුවරුන් විවේචනය කරන්න නඩු තීන්දු ගැන කතා කරන්න මන්ත්‍රිවරුන්ට හැකියාවක් නෑ. ස්ථාවර නියෝග කඩ කරලා කරන කතා වරප්‍රසාද නීතියේ ආවරණය ලැබෙන්නේ නෑ කියලා අධිකරණය තීන්දු කරන්න පුළුවන්.

ඒ වගේමයි තමන්ට රිදෙන දෙයක් මාධ්‍ය වල පල වුණොත් මාධ්‍යවේදියෙකු කතා කලොත් ඒ මාධ්‍යවේදියා වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න කටයුතු කරනවා. කොහෙද එහෙම වරප්‍රසාදයක් මන්ත්‍රිවරුන්ට තිබෙන්නේ? පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් පමණයි මේ වරප්‍රසාද තිබෙන්නේ. ඒක වරප්‍රසාද පනතේ නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා වගේම නඩු තීන්දු වලිනුත් තහවුරු වෙලා තිබෙනවා. එහෙම නම් තමන්ට අපහාසයක් වුණු පමණින් මාධ්‍යවේදින් වරප්‍රසාද කමිටුවට ගේන්න බෑ. ඒක වරප්‍රසාද පනත අවභාවිතා කිරීමක්. ඒ සඳහා සාමාන්‍ය පුද්ගලයෙකු කටයුතු කරන විධියටමයි මන්ත්‍රිවරයෙකුත් කටයුතු කළ යුත්තේ.

අධිකරණ අමාත්‍යතුමන් මීට කලින් ගෙන ආ පනත් කෙටුම්පතක් පිළිබදව මම පලාත් අමාත්‍යවරයෙක්ව සිටියදී මම එතුමන්ට යම් අභියෝගයක් කලා. එහිදී එතුමාගේ වරප්‍රසාද කඩවීම ගැන එතුමා පැමිණිලි කලා කතානායක තුමන්ට. ඒක සාධාරණ පැමිණිල්ලක්. එදා මගේ අතින් වරදක් වුනා. පාර්ලිමේන්තු ක්‍රියා වලියටයි මම බාදා කරලා තියෙන්නේ. එහෙම මිසක පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුගේ හිත රිදෙන දෙයක් කියූ පමණින් මාධ්‍යවේදීන් හො වෙනත් අය වරප්‍රසාද කමිටුව ඉදිරියට ගේන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබාදී නෑ.

යුද අපරාධ විනිශ්චය සභාවක් ලංකාවට

අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කරන්න ඕනි පනත් කෙටුම්පතක් ජනවාරි 01 දා විදේශ ඇමතිතුමාගේ නමින් ගැසට් පත්‍රයේ පල කරලා තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත. අර්ධ අධිකරණමය ආයතනයක් පිහිටු වනවා නම් ඒක කරන්න ඕනි අධිකරණ ඇමතිවරයා. ඇයි මේක විදේශ ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ? බටහිර බලවතුන්ගේ බලපෑම් මත විදෙස් ගත දෙමළ බෙදුම්වාදින්ගේ බලපෑම් මත මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන නිසා ද මේක විදේශ ඇමැති ඉදිරිපත් කරන්නේ කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

පිට කවරයෙන් පොත මනින්න එපා කියන එක මේ පනත් කෙටුම්පතට අදාළයි. පනත් කෙටුම්පතේ තිබෙන්නේ සමගිය සහ ප්‍රතිසන්ධානය ඇති කරන පනතක් කියලා කාට හරි හිතෙන්න. නමුත් ඇතුලේ කෙලින්ම කරන්නේ යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම.

ජාත්‍යන්තර මානව හිමිකම් සභාවට 2009 සිට යෝජනා පිට යෝජනා ගෙනැල්ලා බෙදුම්වාදින්ගේ උල් පන්දම් දීම් මත ඇමෙරිකාව දත කෑවේ මේකට තමයි. නමුත් ලෝක බලවතුන්ගේ සහයෙන් පවා බෙදුම්වාදින්ට කර ගන්න බැරි වුණු දේ තමයි මෙතැන කරන්න හදන්නේ. මේක වසර පහලොවක් පුරා ඉටු නොවුණු දෙමළ බෙදුම්වාදින්ගේ සිහින සැබෑ කිරීමක්. මේ පනතෙන් මොකද වෙන්නේ?

මේ පනතේ කටයුතු සඳහා සාක්ෂි ආඥා පනතේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විධිවිධාන අදාල නෑ කියා සඳහන් කර තිබෙනවා. මේ රටේ ඕනෑම බරපතල අපරාධයකට චෝදනා ලැබූ චුදිතයෙකුට නීතියෙන් ලබා දී ඇති රැකවරණය රණවිරුවන්ට අහිමි කරලා තිබෙනවා. ලෝකය පුරාම වෙන්නේ ත්‍රස්තවාදයක් මර්දනය කරපු හමුදාවට යුද්ධයක් ජයග්‍රහණය කළ හමුදාවට විශේෂ රැකවරණයක් විධියට වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් ගෙනැල්ලා යම් වරදක් සිදු වෙලා තිබෙනවා නම් ඒ වරදෙනුත් නිදහස් කරන එක. ආණ්ඩුව කරන්නේ සාමාන්‍ය චුදිතයෙකුට තිබෙන වරප්‍රසාදත් අහිමි කරලා යුද අපරාධ පිළිබඳ නඩු අහන්න. මේක සාධාරණ ද?

මේ පනත් කෙටුම්පතේ 13(යඋ) වගන්තිය කෙරෙහි මේ සභාවේ අවධානය යොමු කරනවා. “වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවත් කොමිෂන් සභාවේ අරමුණු සහ කාර්යභාරය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් සියළු දෑ කිරීම”. මේ රටේ කිසිම ආයතනයකට මෙහෙම බලයක් ලබා දීලා නෑ. මේක හරියට හිස් චෙක්පතක් අත්සන් තබා දෙනවා වගේ වැඩක්.

අපට මතකයි 2009 වසරේ කොටි සංවිධානයේ සාමාජිකයින් 17,000ක් එක්කෝ යටත් වුණා. නැතිනම් අත්අඩංගුවට ගත්තා. ඒ අය ත්‍රස්තවාදින් කියලා වෙන රටවල වගේ අපි දඬුවම් කලේ නෑ. ඒ සියළුම දෙනා පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබා දීලා තෑගි බෝග සමග නැවත පවුල් වලට භාර දුන්නා.

ත්‍රස්තවාදියාට සමාව දීමත් රණවිරුවාට දඬුවම් කිරීමත් සාධාරණ වෙන්නේ කොහොමද? එක්කෝ දෙපැත්තෙන්ම සිදුවුණු වැරදි වලට සමාව දෙන්න ඕනි. නැතිනම් දෙපැත්තෙන්ම සිදුවුණු වැරදි වලට දඬුවම් කරන්න ඕනි. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ.

මතක තියා ගන්න අපි 2009 මැයි 18 වන දා සිට ගත කරන්නේ බෝනස් ජීවිතයක්. රණවිරුවන් අපට ලබා දුන්නු ආයු කාලයක්. ලංකාවේ කොහේ හරි මුල්ලක පත්තු වුණු බෝම්බයකට හසු වී කෑලි කෑලි වලට ඉරී යන්න හිටපු අපි අද මේ ජීවත් වෙන්නේ රණවිරුන්ගේ මහ කැප කිරීමට පිං සිදු වෙන්න. අපට ජීවය දුන් රණවිරුවන්ට අපි කලගුණ සලකන්නේ මෙහෙම ද?

ලෝකය පුරා ඉතුරු බිතුර බවට පත් කොටි ත්‍රස්තයන්ගේ මණ දොල සපුරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා නම් මේ තියෙන්නේ කොටි සංවිධානය විසින් පත් කරගත් ආණ්ඩුවක්ද ? සාමයට ලැදි ජනතාව පත්කරගත් ආණ්ඩුවක්ද කියන සාධාරණ සැකය මේ රටේ ඕනෑම පුරවැසියෙක්ගේ මනසේ මතු වෙනවා.

මේ පනත් කෙටුම් පත තාමත් පාර්ලිමේන්තුවට ගෙවිත් විවාදයට ලක් කර නෑ. මේ විෂ පැලෑටිය දල්ලෙන්ම කඩා දාන්න මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම එක මිටට එක්විය යුතුයැයි මම යෝජනා කරනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.