News Category
From Date
To Date
Maximum Number of Result

වසර 15ක් පුරා ඉටු නොවුණු දෙමළ බෙදුම්වාදින්ගේ සිහින සැබෑ කරන්න යුද අපරාධ විනිශ්චය සභාවක් ගෙනල්ලා... පිට කවරයෙන් පොත මනින්න එපා - උදය ගම්මන්පිල

Jan 11, 2024 at 06:37 AM
|

යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙය 2009 සිට කොටි හිතවාදීන් දැරූ සිහිනය මල් පල දැරීමක් බවද ඒ මහතා ප්‍රකාශකර සිටියේය. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීති කාලෝචිත ද?

"අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අපේ අධිකරණ විසින් දිගු කලක් තිස්සේ නඩු අහලා දඬුවම් කලාට ඒ පිළිබඳ නිශ්චිත නීතියක් තිබුණේ නෑ. ඒ නිසා අධිකරණයට අපහාස කිරීම වරදක් වුණාට ඒ පිළිබඳ නඩු අහන්නේ කෙසේද ලබා දෙන දඬුවම් මොනවාද කියන එක අපේ නීති පොත්වල සඳහන් වෙන්නේ නෑ. ඒ නිසාම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සමහර තීන්දු සමාජයේ ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් වුණා. ඒ නිසා අධිකරණයට අපහාස කිරීම කියන මේ නිස්චිත විශය ගැන නිස්චිත නීතියක් නිස්චිත විධිවිදාන සහ දඩුවම් හදුන්වාදීමට අධිකරණ ඇමතිතුමා කටයුතු කිරීම ගැණ එතුමන්ට ප්‍රසාදය පල කරණවා.

මේ පනතේ සබ්ජුඩිසි රීතිය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ රීතියෙන් කියන්නේ උසාවිය ඉදිරියේ විනිශ්චයට භාජනය වන කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ මතයක් පල කරන්න බෑ කියලා. මොකද ඒ හරහා විනිසුරුවරුන්ට යම් බලපෑමක් ඇතිවිය හැකි නිසා. නමුත් අද දේශපාලන අරමුණෙන් නඩු දැම්මාම නඩුව යන අතරේ පැමිණිලිකරුවන් මාධ්‍ය හමු පවත්වමින් නඩුව ගැන කරුණු දක්වනවා. ඒවා මාධ්‍ය වල පොල් ගෙඩි අකුරෙන් දානවා. අවසානයේ දී චුදිතයා නඩුවෙන් නිදහස් වෙනවා. ඒක මාධ්‍ය වල පල වෙන්නෙත් නෑ. ජනතාවගේ මතකයේ තිබෙන්නේ අර නඩුව අතරේ මාධ්‍ය හමු වල කියැවුණු දේවල්. මේ මාධ්‍ය හමු වල ඇත්ත අරමුණ චුදිතයා පිළිබඳ වැරදිකාරි සමාජ මතයක් ඇති කරලා නඩුව අහන විනිශ්චයකාරවරයාට බලපෑම් කරන්න. විනිසුරු ඉලක්ක කරගත් මානසික මෙහෙයුමක් දියත් කරන්න. චුදිතයා නිවැරදිකරු කිව්වොත් නඩුකාරයා මුදලට යට වුණා කියලා පක්ශග්‍රාහි වුණා කියලා සමාජය හිතාවි කියන භීතිය විනිශ්චයකාරවරුන්ගේ හිත් තුලට කා වද්දන්න. ඒ අය කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්. ඒ විනිශ්චයකාරවරුන් එක්ක මානසික යුද්ධ කිරීම මේ පනතෙන් වරදක් කරලා තිබීම අපි අගය කරන්න ඕනෑ.

උසාවිය ඉදිරියේ විනිශ්චයට භාජනය වුණු කාරණයක් පිළිබඳ පාර්ලිමේන්තුවෙන් පිටත වගේම පාර්ලිමේන්තුව තුලත් කතා කරන්න බෑ. ඒක ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන් වෙනවා. නමුත් උසාවිය ඉදිරියේ විනිශ්චය භාජනය වන කාරණා පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඕනෑ තරම් කතා වෙනවා. නීතිය හදන මේ සභාව නීතියට ගරු කරන්නේ නැති නම් අපි ඒක සාමාන්‍ය ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

මන්ත්‍රි වරප්‍රසාද හරියට තේරුම් ගන්න

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේ කරන කතාවක් කිසිම අධිකරණයක දී අභියෝගයට ලක් කරන්න බෑ. මේ වරප්‍රසාදය එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එන්නේ. රජතුමාගේ රාජ උදහසට ලක් නොවී රටේ ප්‍රශ්න ගැන කතා කරන්න මන්ත්‍රිවරුන්ට අවශ්‍ය නිදහස් වාතාවරණය හදන්නයි මේ වරප්‍රසාදය ලබා දීලා තිබෙන්නේ. නමුත් අපේ පාර්ලිමේන්තුවේ ඒ වරප්‍රසාදය අවභාවිතා කරනවා.

ස්ථාවර නියෝගත් කඩ කරලා වරප්‍රසාද වලට මුවා වෙලා අධිකරණයේ විනිසුරුවරුන් විවේචනය කරන්න නඩු තීන්දු ගැන කතා කරන්න මන්ත්‍රිවරුන්ට හැකියාවක් නෑ. ස්ථාවර නියෝග කඩ කරලා කරන කතා වරප්‍රසාද නීතියේ ආවරණය ලැබෙන්නේ නෑ කියලා අධිකරණය තීන්දු කරන්න පුළුවන්.

ඒ වගේමයි තමන්ට රිදෙන දෙයක් මාධ්‍ය වල පල වුණොත් මාධ්‍යවේදියෙකු කතා කලොත් ඒ මාධ්‍යවේදියා වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න කටයුතු කරනවා. කොහෙද එහෙම වරප්‍රසාදයක් මන්ත්‍රිවරුන්ට තිබෙන්නේ? පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් පමණයි මේ වරප්‍රසාද තිබෙන්නේ. ඒක වරප්‍රසාද පනතේ නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා වගේම නඩු තීන්දු වලිනුත් තහවුරු වෙලා තිබෙනවා. එහෙම නම් තමන්ට අපහාසයක් වුණු පමණින් මාධ්‍යවේදින් වරප්‍රසාද කමිටුවට ගේන්න බෑ. ඒක වරප්‍රසාද පනත අවභාවිතා කිරීමක්. ඒ සඳහා සාමාන්‍ය පුද්ගලයෙකු කටයුතු කරන විධියටමයි මන්ත්‍රිවරයෙකුත් කටයුතු කළ යුත්තේ.

අධිකරණ අමාත්‍යතුමන් මීට කලින් ගෙන ආ පනත් කෙටුම්පතක් පිළිබදව මම පලාත් අමාත්‍යවරයෙක්ව සිටියදී මම එතුමන්ට යම් අභියෝගයක් කලා. එහිදී එතුමාගේ වරප්‍රසාද කඩවීම ගැන එතුමා පැමිණිලි කලා කතානායක තුමන්ට. ඒක සාධාරණ පැමිණිල්ලක්. එදා මගේ අතින් වරදක් වුනා. පාර්ලිමේන්තු ක්‍රියා වලියටයි මම බාදා කරලා තියෙන්නේ. එහෙම මිසක පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුගේ හිත රිදෙන දෙයක් කියූ පමණින් මාධ්‍යවේදීන් හො වෙනත් අය වරප්‍රසාද කමිටුව ඉදිරියට ගේන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබාදී නෑ.

යුද අපරාධ විනිශ්චය සභාවක් ලංකාවට

අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කරන්න ඕනි පනත් කෙටුම්පතක් ජනවාරි 01 දා විදේශ ඇමතිතුමාගේ නමින් ගැසට් පත්‍රයේ පල කරලා තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත. අර්ධ අධිකරණමය ආයතනයක් පිහිටු වනවා නම් ඒක කරන්න ඕනි අධිකරණ ඇමතිවරයා. ඇයි මේක විදේශ ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ? බටහිර බලවතුන්ගේ බලපෑම් මත විදෙස් ගත දෙමළ බෙදුම්වාදින්ගේ බලපෑම් මත මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන නිසා ද මේක විදේශ ඇමැති ඉදිරිපත් කරන්නේ කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

පිට කවරයෙන් පොත මනින්න එපා කියන එක මේ පනත් කෙටුම්පතට අදාළයි. පනත් කෙටුම්පතේ තිබෙන්නේ සමගිය සහ ප්‍රතිසන්ධානය ඇති කරන පනතක් කියලා කාට හරි හිතෙන්න. නමුත් ඇතුලේ කෙලින්ම කරන්නේ යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම.

ජාත්‍යන්තර මානව හිමිකම් සභාවට 2009 සිට යෝජනා පිට යෝජනා ගෙනැල්ලා බෙදුම්වාදින්ගේ උල් පන්දම් දීම් මත ඇමෙරිකාව දත කෑවේ මේකට තමයි. නමුත් ලෝක බලවතුන්ගේ සහයෙන් පවා බෙදුම්වාදින්ට කර ගන්න බැරි වුණු දේ තමයි මෙතැන කරන්න හදන්නේ. මේක වසර පහලොවක් පුරා ඉටු නොවුණු දෙමළ බෙදුම්වාදින්ගේ සිහින සැබෑ කිරීමක්. මේ පනතෙන් මොකද වෙන්නේ?

මේ පනතේ කටයුතු සඳහා සාක්ෂි ආඥා පනතේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විධිවිධාන අදාල නෑ කියා සඳහන් කර තිබෙනවා. මේ රටේ ඕනෑම බරපතල අපරාධයකට චෝදනා ලැබූ චුදිතයෙකුට නීතියෙන් ලබා දී ඇති රැකවරණය රණවිරුවන්ට අහිමි කරලා තිබෙනවා. ලෝකය පුරාම වෙන්නේ ත්‍රස්තවාදයක් මර්දනය කරපු හමුදාවට යුද්ධයක් ජයග්‍රහණය කළ හමුදාවට විශේෂ රැකවරණයක් විධියට වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් ගෙනැල්ලා යම් වරදක් සිදු වෙලා තිබෙනවා නම් ඒ වරදෙනුත් නිදහස් කරන එක. ආණ්ඩුව කරන්නේ සාමාන්‍ය චුදිතයෙකුට තිබෙන වරප්‍රසාදත් අහිමි කරලා යුද අපරාධ පිළිබඳ නඩු අහන්න. මේක සාධාරණ ද?

මේ පනත් කෙටුම්පතේ 13(යඋ) වගන්තිය කෙරෙහි මේ සභාවේ අවධානය යොමු කරනවා. “වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවත් කොමිෂන් සභාවේ අරමුණු සහ කාර්යභාරය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් සියළු දෑ කිරීම”. මේ රටේ කිසිම ආයතනයකට මෙහෙම බලයක් ලබා දීලා නෑ. මේක හරියට හිස් චෙක්පතක් අත්සන් තබා දෙනවා වගේ වැඩක්.

අපට මතකයි 2009 වසරේ කොටි සංවිධානයේ සාමාජිකයින් 17,000ක් එක්කෝ යටත් වුණා. නැතිනම් අත්අඩංගුවට ගත්තා. ඒ අය ත්‍රස්තවාදින් කියලා වෙන රටවල වගේ අපි දඬුවම් කලේ නෑ. ඒ සියළුම දෙනා පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබා දීලා තෑගි බෝග සමග නැවත පවුල් වලට භාර දුන්නා.

ත්‍රස්තවාදියාට සමාව දීමත් රණවිරුවාට දඬුවම් කිරීමත් සාධාරණ වෙන්නේ කොහොමද? එක්කෝ දෙපැත්තෙන්ම සිදුවුණු වැරදි වලට සමාව දෙන්න ඕනි. නැතිනම් දෙපැත්තෙන්ම සිදුවුණු වැරදි වලට දඬුවම් කරන්න ඕනි. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ.

මතක තියා ගන්න අපි 2009 මැයි 18 වන දා සිට ගත කරන්නේ බෝනස් ජීවිතයක්. රණවිරුවන් අපට ලබා දුන්නු ආයු කාලයක්. ලංකාවේ කොහේ හරි මුල්ලක පත්තු වුණු බෝම්බයකට හසු වී කෑලි කෑලි වලට ඉරී යන්න හිටපු අපි අද මේ ජීවත් වෙන්නේ රණවිරුන්ගේ මහ කැප කිරීමට පිං සිදු වෙන්න. අපට ජීවය දුන් රණවිරුවන්ට අපි කලගුණ සලකන්නේ මෙහෙම ද?

ලෝකය පුරා ඉතුරු බිතුර බවට පත් කොටි ත්‍රස්තයන්ගේ මණ දොල සපුරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා නම් මේ තියෙන්නේ කොටි සංවිධානය විසින් පත් කරගත් ආණ්ඩුවක්ද ? සාමයට ලැදි ජනතාව පත්කරගත් ආණ්ඩුවක්ද කියන සාධාරණ සැකය මේ රටේ ඕනෑම පුරවැසියෙක්ගේ මනසේ මතු වෙනවා.

මේ පනත් කෙටුම් පත තාමත් පාර්ලිමේන්තුවට ගෙවිත් විවාදයට ලක් කර නෑ. මේ විෂ පැලෑටිය දල්ලෙන්ම කඩා දාන්න මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම එක මිටට එක්විය යුතුයැයි මම යෝජනා කරනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.