News Category
From Date
To Date
Maximum Number of Result

අවුරුදු සියය පිරුණු මරදානේ එල්ෆින්ස්ටන්..

Aug 12, 2026 at 11:22 AM
|

මෙයට සියවසකට පෙර අද එනම් 1926 වසරේ අගෝස්තු මස 11 වැනි දින සවස මරදාන හන්දිය අමුතු සිරියක් ගත්තේය. එවකට කොළඔ නගරාධිපති  හියුබර්ට් අර්නස්ට්  නිව්න්හැම් මරදාන පාරත් පංචිකාවත්ත පාරත් යා කළ  හන්දියේ ඉදිවුණු අලුත්ම ගොඩනැගිල්ල විවෘත කරන්නට පැමිණියේය. ඒ් එහි අධිපති ජේ.ජේ.මදාන්ගේ ආරාධනයෙනි. එය මදාන් තියටර්ස් සමාගම මඟින් මෙරට ඉදි කරන ලද මුල්ම සිනමා ශාලාව විය.  හදිසියේ පැණ නැගුණු රෝම ගෘහ නිර්මාණ සිරිය පිටතින් විහිදා ලන එය ඇතුළතින්  සඳළුතල ආදියෙන් සැරසුණු මාලිගාවක් විය. එහි සිවිලිමේ දැල්වුණු විදුලි පහන් දෙව් ලොවක සිරිය මැව්වේය. එබදු ගොඩනැගිල්ලක් එවකට එම අඩවියක තිබුණේම නැත. මේ වන විට මෙරට නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය  අවසන්  වෙමින් තිබිණ. තව නොබෝ දිනකින්ම සිනමාව සිය එතෙක් තිබුණු ගොළු වත අත හැර කතා කරන්නට පටන් ගැනීමට සූදානම් ව සිටියහ. මේ මරදාන ට අදටත් සංකේතයක් වන එ‍ල්ෆින්ස්ටන් සිනමා ශාලාවයි. මරදානයැයි පැවසූ කළ සිහිපත් වන ස්ථාන කිහිපයක් වෙයි. මරදාන දුම්රිය පොළ මෙන් එය පෙනෙන දුරින් ඇති එල්ෆින්ස්ටන් ශාලාව ද එබන්දකි. අද එයට අවුරුදු සියය සපිරෙයි.

පසුකලක දී රජයට පවරා ගෙන ටවර් හෝල් රංග ශලාවට අනුබද්ධ  නාට්‍ය ශාලාවක් බවට පත් කර නැති නාට්‍ය ඉතිහාසයක් ආරෝපණය කරන ලද නමුත් එල්ෆින්ස්ටන්  යනු සහමුලින්ම චිත්‍රපට සඳහා වෙන් කොට තැනුණු ශාලාවක් විය. එය ගොඩ නගන ලද්දේ ඒ වන විට ආසියාවේ  ප්‍රධානතම සිනමා සමාගම බවට පත් ව තිබුණු ඉන්දියාවේ සීමාසහිත  මදාන් තියටර්ස්  සමාගමයි. ඔවුන් මෙරට සිනමා ව්‍යාපාරය අත් පත් කර ගත්තේ 1919 වසරේ දෙසැම්බර් මස පළමු වැනිදා ය. ඒම ආරම්භයේදීම ඔවුහු මෙරට ජනප්‍රිය සිනමා ශාලා දෙකක් චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කළහ. එකක් කොම්පඤ්ඤවීදියේ පාර්සන් පාරේ පවත්වාගෙන ගිය එම්පයර් සිනමා ශාලාවයි. අනික මරදාන මංසන්ධියේ පවත්වා ගෙන ගිය පැලස් තියටර්ස් ශාලාවයි. මෙයට අමතරව කොස්පඤ්ඤ වීදියේ ‌බේබෲක් පෙදෙසේ පවත්වා ගෙන ගිය පබ්ලික් හෝල් නම් බහුකාර්ය ශාලාව ද ඔවුන් පාලනයට ගෙන එහි චිත්‍රපට මෙන්ම ඉහළ පෙළේ නාට්‍ය , සංගීත ප්‍රසංග ආදියට වෙන් කළහ. මෙම ශාලා සියල්ල පාලනය කර ගෙන ගියේ වෝර්වික් මේජර් විසින්ය. ඔහු මෙරට චිත්‍රපට ව්‍යාපාරයට අත ගසනුයේ 1911 වසරේදීය. මේජර් මෙරට සිනමා ව්‍යාපාරයට අත ගැසූ මුල්ම ඉන්දියානු  සිනමා ව්‍යාපාරිකයා ලෙස සැළකිය හැකිය. මුලින් මල්වත්ත පාරේ එම්පයර් නමින් ආරම්භ කරන ලද මේජර් ගේ මෙරට මුල්ම සිනමා ශාලාව පසුව පාසන්ස් පාරේ ( දැන් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවතේ ) අංක 2 දරණ තැනට ගෙන යනු ලැබිණ. මේජර් මදුරාසියේ නැතහොත් චෙන්නායි හි මුල්ම සිනමා ශලාව වූ ඉලෙක්ට්‍රික් තියටර්ස් ආරම්භකයා ය. ඔහු විසින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද පැලස් ශාලාව  බෙලෙක් තියටර් නම් අන්වර්ථ නාමයකින් ද හැදින්වූයේ එකල එය  තහඩු වලින් ආවරණය කොට තිබුණු හෙයින්ය. මේජර් විසින් පැලස් තියටර් අත් පත් ගන්නට පෙර එය නාට්‍ය ශාලාවක්ව පැවතිණ. මරදානේ ටවර් රංග ශාලාව  ඉදිවිමත් සමඟ පැලස් රංග ශාලාව ජනප්‍රියත්වයෙන් පහළ ගියේය.  එය සිනමා ශලාවක් බවට පරිවර්තනය වූයේ ඒ අනුවය. මරදානේ මුල්වරට චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණේ එහි ය. මේජර් 1919 වසරේ නොවැම්බර් මස 30 වැනි දින මෙරට සිනමා ව්‍යපාරයෙන් සමුගත්තේ සියලු ව්‍යාපාර මදාන් තියටර්ස් සමාගමට පවරමින්ය.

පාර්සි නාට්‍ය ව්‍යාපාරය ඔස්සේ ගොඩ නැගුණු ජේ.ඒෆ්.මදාන් විසින් ගොඩ නංවන ලද මදාන් තියටරස් සමාගම ඉකමනින් නාට්‍ය යුගය අවසාන වන බව අවබෝධ කර ගත්තේය. එබැවින්ම ඔහු ඉතා නාට්‍ය ව්‍යාපාරය අත හැර චිත්‍රපට ප්‍රදර්ශනයට එක් විය. චිත්‍රපට ආනයනය කරමින් චිත්‍රපට ප්‍රදර්ශනයට අත ගැසූ ඔහු ඉන්දියාවේ කල්කටා වේ ඉදි කළ  සිනමා ශාලාව නම් කරන ලද්දේ එල්ෆින්සටන් නමින්ය. ඒ 1907 වසරේ දීය. තම සිනමා ශලාව එල්ෆින්ස්ටන්  නමින් නම් කොට මදාන් ගෞරව දැක්වූයේ බොම්බායේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරරයෙකු වූ ජෝන් එල්ෆින්සටන් සාමිවරයාටය.  අද ද මුම්බායි හි පවතින එල්ෆින්ස්ටන් උසස් පාසල ආදියේද නිර්මාතෘ වූ එල්ෆින්ස්ටන් සාමිවරයා  මදාන් ට බෙහෙවින් උපකාර කළ තැනැත්තෙක් විය. ඔහු කළ ගුණ සැලකුවේ තම සිනමා ශලා පද්දතිය  එල්පින්ස්ටන් නමින් නම් කරමින්ය. කල්කටාවේන් ආරම්භ කරන ලද ඔහු‌ගේ  සිනමා ශාලා ව්‍යාපාරය ඒක් පැත්තකින් ආසියාවේ පෙරදිගට මෙන්ම ලංකාවට ද ගලා ආවේය. , කල්කටාවේ මෙන්ම මදුරාසිය, පැට්නා, ආදි නගර රැසක එල්ෆින්ස්ට්න නමින් සිනමා ශාලා ආරම්බ කෙරිණ.

1923 වසරේ දී මදාන් තියටර්ස්  නිර්මාතෘ  ජේ.ඒෆ්. මදාන් මිය ගිය අතර ඔහුගේ තෙවැනි පුත්‍රයා වූ ජේ.ජේ. මදාන් ව්‍යපාරය පුළුල් කළේය. ජේ.ඒෆ් මිය යන  විට සමාගම ඉන්දියානු කොටස් වෙළෙද පොල ලැයිස්තු  ගත ව්‍යාපාරයකි. ජේ.ජේ. මරදානේ පිහිටි පැලස් ශාලාව සහමුලින් කඩා ඒ් මත නූතන යුගයට ගැලපෙන සිනමා ශලාවක් ඉදි කළේය. ශාලාව ආකෘතිය මතින් කල්කටාවේ පිහිටි  සැලසුමට සමීප අන්දමින් අභ්‍යන්තරය ගොඩ නැංවූ වද මෙරට ශාලාව  වඩා විචිත්‍රවත් විය. පැහැදිලිවම එය ඒ වන විට හොලිවුඩ් සංකල්පයක් වූ සිනමා මාලිගාවක් විය. 

එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ මුල්වරට තිර ගත වූයේ 1923 වසරේ තැනුණු අමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ද ඉලෙවන්ත් හවර් චිත්‍රපටයයි. බර්නාඩ් ඩර්නංන්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද එය ෆොක්ස් ෆිල්ම් කෝපරේෂන ආයතනයේ නිෂ්පාදනයක් විය. 

 එල්ෆින්ස්ටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාලිගාවක සිරි ගෙන ආවේය. ඒහෙත් මදාන් සමාගමේ සෞභාග්‍යමත් යුගය ඉක්මනින් අවසන්වූයේය.   මේ සමීපයේම මරදානේ ඔලිම්පියා සිනමාහල බදු ගත් දේශිය ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වූ චිත්තම්ලම් ඒ.ගාඩිනර් සහ සී.එල්.තම්බයියා  විසින් ගොඩ නංවන ලද සිලොන් තියටර්ස් සමාගම 1929 වසරේදී මදාන් සමාගමේ එම්පයර් ගොඩනැගිල්ල සතු බිම තමන් සතු කර ගත්හ. ඔවුන් ඒ් මත 1930 වසරේදී රීගල් සිනමා ශලාව ගොඩ නැංවූයේ සිනමා ව්‍යාපාරය ලාංකිකයන් අතට පත් කරලීමේ මුල් අඩිතාලම දමමින්ය.  ඒ වන විට ලොව පුරා කතානාද චිත්‍රපට ව්‍යාප්ත වෙමින් තිබුණ අතර මදාන් සමාගම 1929 වසරේ ජූලි මාසයේ දී  මෙරට මුල්වරට කතානාද චිත්‍රපටයක්  තිර ගතවීමේ ගෞරවය අත් පත් කර ගත්තේ පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් යළි නම් කොට එය කතානාද සිනමාහලක් ලෙස පරිවර්තනය කරමින්ය. එල්ෆින්ස්ට්න ශාලාව කතානාද සිනමා ශලාවක් බවට පත්වූයේ තවත් 1932 වසරේ දෙසැම්බර් මස 03 වැනි දින මදාන් තියටර්ස් සමාගම මඟින් නිපද වන ලද බිල්වාමංගල් චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින්ය.. 

1934 වසරේ දී මදාන් තියටර්ස් සතු මෙරට සියලු වයාපාර සිලෝන් තියටර්ස්  සමාගම විසින් මි දී ගත්තේය. එතැන් පටන් එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ද  සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම සතු විය.ආරම්භයෙන් පසු එල්ෆින්ස්ටන්  සිනමා ශලාව මුලින් වෙන්වූයේ ප්‍රධන වශයෙන් දෙමළ චිත්‍රපට වෙනුවෙන්ය. චන්ද්‍රලේඛා, චින්තාමණී,කාලිදාස් වැනි චිත්‍රපට මාස ගණන් එ‍ක දිගට තිර ගත වූයේ මෙම සිනමා ශලාවේය. වාසන් විසින් නිස්පාදනය කරන ලද චන්ද්‍රලේඛා චිත්‍රපටය තිර  ගත වද්දී සිනමා ශාලාව ඉදිරිපිට දැවැන්ත බලකොටුවක් ආකාරයක කටවුට් එකක් ඉදි කෙරිණ.   1947 වසරේ මෙරට දෙවැනි කතානාද චිත්‍රපට ය වූ අශෝකමාලා  නිපදවමින් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි සිලෝන් තියටර්ස් එයින් පසු එල්ෆින්ස්ටන්  ශාලාව සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කළේය. 1949 වසරේ තිර ගත වූ පෙරළෙන ඉරණම චිත්‍රපටය නරඹන්නට පැමිණි ප්‍රෙක්ෂකයකු වූ මහනුවර එච්.එම්.ජයඅප්පු සිනමා ශාලාවේ අධික ජනගහනයට තෙරපී මියයෑම ශෝක ජනක සිදුවීමක් විය. කැලෑ හඳ, වැරදුණ කුරුමානම, සැඩ සුළං. අවිශ්වාසය, සුහද දිවි පිදුම, තුෂාරා, සුනේත්‍රා , රක්තා, සංඛපාලි, අභිරහස, වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් එහි තිර ගත විය.සිනමා ශාලාව ඉදිරිපිට හැමවිටම ඉතා දිගු පෝලිම්  දැක ගත හැකි විය.  ඒමෙන්ම මෙරට එක් දිනක් පමණක් තිර ගත වූ චිත්‍රපටය ලෙස වාර්තා තබා ඇති  වැහිලිහිණි චිත්‍රපටය තිර  ගත වූයේ ද මෙම සිනමා ශාලාවේය. 1987 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ලංකා-පාකිස්ථාන හවුල් චිත්‍රපටයක් වූ දෝංකාරය චිත්‍රපටය තිර ගතවීම හමාරවීමත් සමඟ සිනමා ශලාව එවකට අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි ටවර් හෝල් රගහල පදනමට පවරා ගනු ලැබිණ. එයින් මරදාන හන්දියේ තිබුණු සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කෙරුණු මෙම විශිෂට සිනමා ශලාව සිය සිනමා ඉතිහාසය නවතා දැමුවේය. කෙසේ වෙතත් නවීකරණය කරනු ලැබ ඉතිහාසයේ කිසිවිටෙකත් නොතිබුණු වේදිකා  රංග ශලාවක්  ලෙස එය 1988 ඔක්තෝබර් මස 9 වැනි දින එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන අතින්  විවෘත කරන ලදී . එයට යාබද ව සරසවිපාය නමින් අධ්‍යයන ශාලාවක් ද ඉදි විය. ටවර් රඟහල තිබිය දී සිනමා ශාලාවක් නාට්‍ය රගහලක් බවට පරිවර්තනය කිරිමේ බොරුව වසා ගැන්ම එයට නැති නාට්‍ය ඉතිහාසයක් ද අගමැති ප්‍රේමදාස අනින් ලියැවිණ. කෙසේ වෙතත් නවීකරණය වීමෙන් පසුව වරින් වර ඉංග්මාර් බර්ග්මාන් සිනමා උලෙළ, ප්‍රංශ සිනමා උළෙල. වැනි ජාත්‍යින්තර චිත්‍රපට  රැසක්ම මෙම ශාලාවේ තිර ගත කෙරිණ. එමෙන්ම සෑම සෙනසුරාදා හා ඉරිදා  පෙරවරුවේ විශිෂ්ට වර්ගයේ  ජාත්‍යන්තර චිත්‍රපට රැසක්  ද ප්‍රදර්ශනය කෙරිණ. එම අවදියේ සිනමා ශාලාවේ අධ්‍යක්ෂධුරය දැරුවේ ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු ව සිටි ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතාය. ශාලාවේ කළමනාකාරධුරය දැරුවේ රොද්‍රිගු මහතාය. රණසිංහ මහතා විසින් එකල සිනමා ශාලාවේ තිර ගත වන සති අන්ත චිත්‍රපට පිළිබඳ පුවත් මට ලැබෙන්නට සැලසුවේ සරසවිය  පුවත්පතේ ප්‍රවෘත්ති පිටුව ලියන ලද්දේ ම විසින් හෙයින්ය. මම ද සති අන්තයේ තිර  ගත වූ එම චිත්‍රපට නරඹ්නනට  සිනමා ශලාවට ගියෙමි. මගේ සිනමා ඇබැබ්හිය දන්නා එවකට සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඒ.ඩී.රංජිත් කුමාර මහතා එවකට පාසල් යන ඔහු‌ ගේ පුත්‍රයා නුවන් නයනජිත් කුමාර (වර්තමාන සරසවිය පුවත්පතේ කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර) ද මා සමඟ චිත්‍රපට නරඹන්නට එවීම සිරිතක් කොට ගත්තේය. 

කෙසේ වෙතත් මෙම සිනමා ශාලාව වඩා නවීකරණය කරන්නට යෑමෙන් එයට බලවත්ම හානියක් මෑතක සිදුව ඇතැයි දැන ගන්නට ඇත.  ඒ මෑතක නවීකරණයේදී එහි චිත්‍රපට  ප්‍රක්ෂේපණ යන්ත්‍ර කුටිය සහමුලින් ඉවත්කර ඇති ප්‍රවෘත්තියයි. එය ඇත්තක්දැයි  බොරුවක්දැයි නොදනිමි. ඇත්ත නම්  සිනමා ශලාව රජයට පවරා ගත්තාටත් වඩා කළ අපරාධයක් ලෙස එය දකින්නෙමි. කෙසේ වෙතත් එල්ෆින්ස්ටන් යනු රංග ශාලාවක් නොව සිනමා ශාලාවක්  බැව් ලිවිය යුතුය. 

 මේ සිනමාහලේ මා මුලින්ම චිත්‍රපටයක් නැරඹු අවස්ථාව මට මතකය. මා චිත්‍රපට වලට ඇබ්බැහි වනුයේ එදාය. ඒ් තුෂාරා චිත්‍රපටයයි.1973 වසරේය. කුඩා කල ගමේ සිට කොළඹ ආ දවසක තාත්තාත් අම්මාත් මා ද කැටුව ගොස් මේ අපූරු සිනමා ශාලාවේ චිත්‍රපටය නැරඹූ අන්දම එහි එයට පෙර කිසි දිනෙක නුදුටු  විසල් කුළුණු මෙන්ම කැටයම් සහිත ආරුක්කු ඇතළු ගොඩනැගිල්ලෙන් ද කඩවසම් විජය කුමාරතුංග  සුරූපි මාලනියට පෙම් කරන අන්දම ද දුෂ්ටයා බැප්ටිස්ට් එයට බාධා කරන අන්දම ද යහළු ජෝ අප ඉල ඇදෙන සිනහාවෙන් මත් කළ බව ද අවසානයේ සියලු බාධක බිද හෙළමින් ප්‍රේමය ජය ගත් බව ද යසපාලිත නානායක්කාර තැනූ තුෂාරා චිත්‍රපටයෙන් දැක  ගත් මම එතැන් පටන් සිනමාවට අසිමිතව ප්‍රේම කළෙමි.  එතැන් පටන් එය වසා දැමූ අවසාන දවසේත් එහි චිත්‍රපටයක් නැරඹූ සිනමා ලොලින් අතර මම ද වීමි.

අද ද එල්ෆින්ස්ටන් සිනමා හල අසලින් යන මම ඒ අතීතයට ගෞරව කරමි.

(Aruna Gunarathna  ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී) 

සම්බන්ධිත පුවත් | Related News

ආහාර පිසීමේදී හෝ නැවත නැවත බැදීමේදී වුවද පොල්තෙල් භාවිත කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ කිසිදු අවදානමක් නොමැති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.