News Category
From Date
To Date
Maximum Number of Result

අවුරුදු සියය පිරුණු මරදානේ එල්ෆින්ස්ටන්..

Aug 12, 2026 at 11:22 AM
|

මෙයට සියවසකට පෙර අද එනම් 1926 වසරේ අගෝස්තු මස 11 වැනි දින සවස මරදාන හන්දිය අමුතු සිරියක් ගත්තේය. එවකට කොළඔ නගරාධිපති  හියුබර්ට් අර්නස්ට්  නිව්න්හැම් මරදාන පාරත් පංචිකාවත්ත පාරත් යා කළ  හන්දියේ ඉදිවුණු අලුත්ම ගොඩනැගිල්ල විවෘත කරන්නට පැමිණියේය. ඒ් එහි අධිපති ජේ.ජේ.මදාන්ගේ ආරාධනයෙනි. එය මදාන් තියටර්ස් සමාගම මඟින් මෙරට ඉදි කරන ලද මුල්ම සිනමා ශාලාව විය.  හදිසියේ පැණ නැගුණු රෝම ගෘහ නිර්මාණ සිරිය පිටතින් විහිදා ලන එය ඇතුළතින්  සඳළුතල ආදියෙන් සැරසුණු මාලිගාවක් විය. එහි සිවිලිමේ දැල්වුණු විදුලි පහන් දෙව් ලොවක සිරිය මැව්වේය. එබදු ගොඩනැගිල්ලක් එවකට එම අඩවියක තිබුණේම නැත. මේ වන විට මෙරට නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය  අවසන්  වෙමින් තිබිණ. තව නොබෝ දිනකින්ම සිනමාව සිය එතෙක් තිබුණු ගොළු වත අත හැර කතා කරන්නට පටන් ගැනීමට සූදානම් ව සිටියහ. මේ මරදාන ට අදටත් සංකේතයක් වන එ‍ල්ෆින්ස්ටන් සිනමා ශාලාවයි. මරදානයැයි පැවසූ කළ සිහිපත් වන ස්ථාන කිහිපයක් වෙයි. මරදාන දුම්රිය පොළ මෙන් එය පෙනෙන දුරින් ඇති එල්ෆින්ස්ටන් ශාලාව ද එබන්දකි. අද එයට අවුරුදු සියය සපිරෙයි.

පසුකලක දී රජයට පවරා ගෙන ටවර් හෝල් රංග ශලාවට අනුබද්ධ  නාට්‍ය ශාලාවක් බවට පත් කර නැති නාට්‍ය ඉතිහාසයක් ආරෝපණය කරන ලද නමුත් එල්ෆින්ස්ටන්  යනු සහමුලින්ම චිත්‍රපට සඳහා වෙන් කොට තැනුණු ශාලාවක් විය. එය ගොඩ නගන ලද්දේ ඒ වන විට ආසියාවේ  ප්‍රධානතම සිනමා සමාගම බවට පත් ව තිබුණු ඉන්දියාවේ සීමාසහිත  මදාන් තියටර්ස්  සමාගමයි. ඔවුන් මෙරට සිනමා ව්‍යාපාරය අත් පත් කර ගත්තේ 1919 වසරේ දෙසැම්බර් මස පළමු වැනිදා ය. ඒම ආරම්භයේදීම ඔවුහු මෙරට ජනප්‍රිය සිනමා ශාලා දෙකක් චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කළහ. එකක් කොම්පඤ්ඤවීදියේ පාර්සන් පාරේ පවත්වාගෙන ගිය එම්පයර් සිනමා ශාලාවයි. අනික මරදාන මංසන්ධියේ පවත්වා ගෙන ගිය පැලස් තියටර්ස් ශාලාවයි. මෙයට අමතරව කොස්පඤ්ඤ වීදියේ ‌බේබෲක් පෙදෙසේ පවත්වා ගෙන ගිය පබ්ලික් හෝල් නම් බහුකාර්ය ශාලාව ද ඔවුන් පාලනයට ගෙන එහි චිත්‍රපට මෙන්ම ඉහළ පෙළේ නාට්‍ය , සංගීත ප්‍රසංග ආදියට වෙන් කළහ. මෙම ශාලා සියල්ල පාලනය කර ගෙන ගියේ වෝර්වික් මේජර් විසින්ය. ඔහු මෙරට චිත්‍රපට ව්‍යාපාරයට අත ගසනුයේ 1911 වසරේදීය. මේජර් මෙරට සිනමා ව්‍යාපාරයට අත ගැසූ මුල්ම ඉන්දියානු  සිනමා ව්‍යාපාරිකයා ලෙස සැළකිය හැකිය. මුලින් මල්වත්ත පාරේ එම්පයර් නමින් ආරම්භ කරන ලද මේජර් ගේ මෙරට මුල්ම සිනමා ශාලාව පසුව පාසන්ස් පාරේ ( දැන් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවතේ ) අංක 2 දරණ තැනට ගෙන යනු ලැබිණ. මේජර් මදුරාසියේ නැතහොත් චෙන්නායි හි මුල්ම සිනමා ශලාව වූ ඉලෙක්ට්‍රික් තියටර්ස් ආරම්භකයා ය. ඔහු විසින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද පැලස් ශාලාව  බෙලෙක් තියටර් නම් අන්වර්ථ නාමයකින් ද හැදින්වූයේ එකල එය  තහඩු වලින් ආවරණය කොට තිබුණු හෙයින්ය. මේජර් විසින් පැලස් තියටර් අත් පත් ගන්නට පෙර එය නාට්‍ය ශාලාවක්ව පැවතිණ. මරදානේ ටවර් රංග ශාලාව  ඉදිවිමත් සමඟ පැලස් රංග ශාලාව ජනප්‍රියත්වයෙන් පහළ ගියේය.  එය සිනමා ශලාවක් බවට පරිවර්තනය වූයේ ඒ අනුවය. මරදානේ මුල්වරට චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණේ එහි ය. මේජර් 1919 වසරේ නොවැම්බර් මස 30 වැනි දින මෙරට සිනමා ව්‍යපාරයෙන් සමුගත්තේ සියලු ව්‍යාපාර මදාන් තියටර්ස් සමාගමට පවරමින්ය.

පාර්සි නාට්‍ය ව්‍යාපාරය ඔස්සේ ගොඩ නැගුණු ජේ.ඒෆ්.මදාන් විසින් ගොඩ නංවන ලද මදාන් තියටරස් සමාගම ඉකමනින් නාට්‍ය යුගය අවසාන වන බව අවබෝධ කර ගත්තේය. එබැවින්ම ඔහු ඉතා නාට්‍ය ව්‍යාපාරය අත හැර චිත්‍රපට ප්‍රදර්ශනයට එක් විය. චිත්‍රපට ආනයනය කරමින් චිත්‍රපට ප්‍රදර්ශනයට අත ගැසූ ඔහු ඉන්දියාවේ කල්කටා වේ ඉදි කළ  සිනමා ශාලාව නම් කරන ලද්දේ එල්ෆින්සටන් නමින්ය. ඒ 1907 වසරේ දීය. තම සිනමා ශලාව එල්ෆින්ස්ටන්  නමින් නම් කොට මදාන් ගෞරව දැක්වූයේ බොම්බායේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරරයෙකු වූ ජෝන් එල්ෆින්සටන් සාමිවරයාටය.  අද ද මුම්බායි හි පවතින එල්ෆින්ස්ටන් උසස් පාසල ආදියේද නිර්මාතෘ වූ එල්ෆින්ස්ටන් සාමිවරයා  මදාන් ට බෙහෙවින් උපකාර කළ තැනැත්තෙක් විය. ඔහු කළ ගුණ සැලකුවේ තම සිනමා ශලා පද්දතිය  එල්පින්ස්ටන් නමින් නම් කරමින්ය. කල්කටාවේන් ආරම්භ කරන ලද ඔහු‌ගේ  සිනමා ශාලා ව්‍යාපාරය ඒක් පැත්තකින් ආසියාවේ පෙරදිගට මෙන්ම ලංකාවට ද ගලා ආවේය. , කල්කටාවේ මෙන්ම මදුරාසිය, පැට්නා, ආදි නගර රැසක එල්ෆින්ස්ට්න නමින් සිනමා ශාලා ආරම්බ කෙරිණ.

1923 වසරේ දී මදාන් තියටර්ස්  නිර්මාතෘ  ජේ.ඒෆ්. මදාන් මිය ගිය අතර ඔහුගේ තෙවැනි පුත්‍රයා වූ ජේ.ජේ. මදාන් ව්‍යපාරය පුළුල් කළේය. ජේ.ඒෆ් මිය යන  විට සමාගම ඉන්දියානු කොටස් වෙළෙද පොල ලැයිස්තු  ගත ව්‍යාපාරයකි. ජේ.ජේ. මරදානේ පිහිටි පැලස් ශාලාව සහමුලින් කඩා ඒ් මත නූතන යුගයට ගැලපෙන සිනමා ශලාවක් ඉදි කළේය. ශාලාව ආකෘතිය මතින් කල්කටාවේ පිහිටි  සැලසුමට සමීප අන්දමින් අභ්‍යන්තරය ගොඩ නැංවූ වද මෙරට ශාලාව  වඩා විචිත්‍රවත් විය. පැහැදිලිවම එය ඒ වන විට හොලිවුඩ් සංකල්පයක් වූ සිනමා මාලිගාවක් විය. 

එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ මුල්වරට තිර ගත වූයේ 1923 වසරේ තැනුණු අමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ද ඉලෙවන්ත් හවර් චිත්‍රපටයයි. බර්නාඩ් ඩර්නංන්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද එය ෆොක්ස් ෆිල්ම් කෝපරේෂන ආයතනයේ නිෂ්පාදනයක් විය. 

 එල්ෆින්ස්ටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාලිගාවක සිරි ගෙන ආවේය. ඒහෙත් මදාන් සමාගමේ සෞභාග්‍යමත් යුගය ඉක්මනින් අවසන්වූයේය.   මේ සමීපයේම මරදානේ ඔලිම්පියා සිනමාහල බදු ගත් දේශිය ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වූ චිත්තම්ලම් ඒ.ගාඩිනර් සහ සී.එල්.තම්බයියා  විසින් ගොඩ නංවන ලද සිලොන් තියටර්ස් සමාගම 1929 වසරේදී මදාන් සමාගමේ එම්පයර් ගොඩනැගිල්ල සතු බිම තමන් සතු කර ගත්හ. ඔවුන් ඒ් මත 1930 වසරේදී රීගල් සිනමා ශලාව ගොඩ නැංවූයේ සිනමා ව්‍යාපාරය ලාංකිකයන් අතට පත් කරලීමේ මුල් අඩිතාලම දමමින්ය.  ඒ වන විට ලොව පුරා කතානාද චිත්‍රපට ව්‍යාප්ත වෙමින් තිබුණ අතර මදාන් සමාගම 1929 වසරේ ජූලි මාසයේ දී  මෙරට මුල්වරට කතානාද චිත්‍රපටයක්  තිර ගතවීමේ ගෞරවය අත් පත් කර ගත්තේ පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් යළි නම් කොට එය කතානාද සිනමාහලක් ලෙස පරිවර්තනය කරමින්ය. එල්ෆින්ස්ට්න ශාලාව කතානාද සිනමා ශලාවක් බවට පත්වූයේ තවත් 1932 වසරේ දෙසැම්බර් මස 03 වැනි දින මදාන් තියටර්ස් සමාගම මඟින් නිපද වන ලද බිල්වාමංගල් චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින්ය.. 

1934 වසරේ දී මදාන් තියටර්ස් සතු මෙරට සියලු වයාපාර සිලෝන් තියටර්ස්  සමාගම විසින් මි දී ගත්තේය. එතැන් පටන් එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ද  සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම සතු විය.ආරම්භයෙන් පසු එල්ෆින්ස්ටන්  සිනමා ශලාව මුලින් වෙන්වූයේ ප්‍රධන වශයෙන් දෙමළ චිත්‍රපට වෙනුවෙන්ය. චන්ද්‍රලේඛා, චින්තාමණී,කාලිදාස් වැනි චිත්‍රපට මාස ගණන් එ‍ක දිගට තිර ගත වූයේ මෙම සිනමා ශලාවේය. වාසන් විසින් නිස්පාදනය කරන ලද චන්ද්‍රලේඛා චිත්‍රපටය තිර  ගත වද්දී සිනමා ශාලාව ඉදිරිපිට දැවැන්ත බලකොටුවක් ආකාරයක කටවුට් එකක් ඉදි කෙරිණ.   1947 වසරේ මෙරට දෙවැනි කතානාද චිත්‍රපට ය වූ අශෝකමාලා  නිපදවමින් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි සිලෝන් තියටර්ස් එයින් පසු එල්ෆින්ස්ටන්  ශාලාව සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කළේය. 1949 වසරේ තිර ගත වූ පෙරළෙන ඉරණම චිත්‍රපටය නරඹන්නට පැමිණි ප්‍රෙක්ෂකයකු වූ මහනුවර එච්.එම්.ජයඅප්පු සිනමා ශාලාවේ අධික ජනගහනයට තෙරපී මියයෑම ශෝක ජනක සිදුවීමක් විය. කැලෑ හඳ, වැරදුණ කුරුමානම, සැඩ සුළං. අවිශ්වාසය, සුහද දිවි පිදුම, තුෂාරා, සුනේත්‍රා , රක්තා, සංඛපාලි, අභිරහස, වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් එහි තිර ගත විය.සිනමා ශාලාව ඉදිරිපිට හැමවිටම ඉතා දිගු පෝලිම්  දැක ගත හැකි විය.  ඒමෙන්ම මෙරට එක් දිනක් පමණක් තිර ගත වූ චිත්‍රපටය ලෙස වාර්තා තබා ඇති  වැහිලිහිණි චිත්‍රපටය තිර  ගත වූයේ ද මෙම සිනමා ශාලාවේය. 1987 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ලංකා-පාකිස්ථාන හවුල් චිත්‍රපටයක් වූ දෝංකාරය චිත්‍රපටය තිර ගතවීම හමාරවීමත් සමඟ සිනමා ශලාව එවකට අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි ටවර් හෝල් රගහල පදනමට පවරා ගනු ලැබිණ. එයින් මරදාන හන්දියේ තිබුණු සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට වෙන් කෙරුණු මෙම විශිෂට සිනමා ශලාව සිය සිනමා ඉතිහාසය නවතා දැමුවේය. කෙසේ වෙතත් නවීකරණය කරනු ලැබ ඉතිහාසයේ කිසිවිටෙකත් නොතිබුණු වේදිකා  රංග ශලාවක්  ලෙස එය 1988 ඔක්තෝබර් මස 9 වැනි දින එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන අතින්  විවෘත කරන ලදී . එයට යාබද ව සරසවිපාය නමින් අධ්‍යයන ශාලාවක් ද ඉදි විය. ටවර් රඟහල තිබිය දී සිනමා ශාලාවක් නාට්‍ය රගහලක් බවට පරිවර්තනය කිරිමේ බොරුව වසා ගැන්ම එයට නැති නාට්‍ය ඉතිහාසයක් ද අගමැති ප්‍රේමදාස අනින් ලියැවිණ. කෙසේ වෙතත් නවීකරණය වීමෙන් පසුව වරින් වර ඉංග්මාර් බර්ග්මාන් සිනමා උලෙළ, ප්‍රංශ සිනමා උළෙල. වැනි ජාත්‍යින්තර චිත්‍රපට  රැසක්ම මෙම ශාලාවේ තිර ගත කෙරිණ. එමෙන්ම සෑම සෙනසුරාදා හා ඉරිදා  පෙරවරුවේ විශිෂ්ට වර්ගයේ  ජාත්‍යන්තර චිත්‍රපට රැසක්  ද ප්‍රදර්ශනය කෙරිණ. එම අවදියේ සිනමා ශාලාවේ අධ්‍යක්ෂධුරය දැරුවේ ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු ව සිටි ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතාය. ශාලාවේ කළමනාකාරධුරය දැරුවේ රොද්‍රිගු මහතාය. රණසිංහ මහතා විසින් එකල සිනමා ශාලාවේ තිර ගත වන සති අන්ත චිත්‍රපට පිළිබඳ පුවත් මට ලැබෙන්නට සැලසුවේ සරසවිය  පුවත්පතේ ප්‍රවෘත්ති පිටුව ලියන ලද්දේ ම විසින් හෙයින්ය. මම ද සති අන්තයේ තිර  ගත වූ එම චිත්‍රපට නරඹ්නනට  සිනමා ශලාවට ගියෙමි. මගේ සිනමා ඇබැබ්හිය දන්නා එවකට සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඒ.ඩී.රංජිත් කුමාර මහතා එවකට පාසල් යන ඔහු‌ ගේ පුත්‍රයා නුවන් නයනජිත් කුමාර (වර්තමාන සරසවිය පුවත්පතේ කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර) ද මා සමඟ චිත්‍රපට නරඹන්නට එවීම සිරිතක් කොට ගත්තේය. 

කෙසේ වෙතත් මෙම සිනමා ශාලාව වඩා නවීකරණය කරන්නට යෑමෙන් එයට බලවත්ම හානියක් මෑතක සිදුව ඇතැයි දැන ගන්නට ඇත.  ඒ මෑතක නවීකරණයේදී එහි චිත්‍රපට  ප්‍රක්ෂේපණ යන්ත්‍ර කුටිය සහමුලින් ඉවත්කර ඇති ප්‍රවෘත්තියයි. එය ඇත්තක්දැයි  බොරුවක්දැයි නොදනිමි. ඇත්ත නම්  සිනමා ශලාව රජයට පවරා ගත්තාටත් වඩා කළ අපරාධයක් ලෙස එය දකින්නෙමි. කෙසේ වෙතත් එල්ෆින්ස්ටන් යනු රංග ශාලාවක් නොව සිනමා ශාලාවක්  බැව් ලිවිය යුතුය. 

 මේ සිනමාහලේ මා මුලින්ම චිත්‍රපටයක් නැරඹු අවස්ථාව මට මතකය. මා චිත්‍රපට වලට ඇබ්බැහි වනුයේ එදාය. ඒ් තුෂාරා චිත්‍රපටයයි.1973 වසරේය. කුඩා කල ගමේ සිට කොළඹ ආ දවසක තාත්තාත් අම්මාත් මා ද කැටුව ගොස් මේ අපූරු සිනමා ශාලාවේ චිත්‍රපටය නැරඹූ අන්දම එහි එයට පෙර කිසි දිනෙක නුදුටු  විසල් කුළුණු මෙන්ම කැටයම් සහිත ආරුක්කු ඇතළු ගොඩනැගිල්ලෙන් ද කඩවසම් විජය කුමාරතුංග  සුරූපි මාලනියට පෙම් කරන අන්දම ද දුෂ්ටයා බැප්ටිස්ට් එයට බාධා කරන අන්දම ද යහළු ජෝ අප ඉල ඇදෙන සිනහාවෙන් මත් කළ බව ද අවසානයේ සියලු බාධක බිද හෙළමින් ප්‍රේමය ජය ගත් බව ද යසපාලිත නානායක්කාර තැනූ තුෂාරා චිත්‍රපටයෙන් දැක  ගත් මම එතැන් පටන් සිනමාවට අසිමිතව ප්‍රේම කළෙමි.  එතැන් පටන් එය වසා දැමූ අවසාන දවසේත් එහි චිත්‍රපටයක් නැරඹූ සිනමා ලොලින් අතර මම ද වීමි.

අද ද එල්ෆින්ස්ටන් සිනමා හල අසලින් යන මම ඒ අතීතයට ගෞරව කරමි.

(Aruna Gunarathna  ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී) 

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.