News Category
From Date
To Date
Maximum Number of Result

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

Aug 10, 2026 at 09:00 AM
|

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධ විහාරගම් සහ දේවාලගම් යනු මෙරට ඒකීය රාජ්‍යය සහ සංස්කෘතිය ආරක්ෂා කරන ප්‍රධාන පවුරක් බවයි. පැරණි රජවරුන් විසින් මෙම ඉඩකඩම් පූජා කර ඇත්තේ විහාරස්ථානවල නඩත්තුව උදෙසා බවත්, එහි පදිංචි ජනතාවට විහාරස්ථානයේ නායකත්වය යටතේ සාමකාමීව ජීවත් වීමට අවස්ථාව සැලසී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම පද්ධතිය වෙනස් කිරීමට දැරෙන උත්සාහය පිටුපස බෞද්ධ සංස්කෘතිය කෙරෙහි ඇති බලපෑමක් පවතින බව පවසන ඒ මහතා, රටේ සංස්කෘතිය බිඳවැටීම තුළින් රාජ්‍යයේ ඒකීයභාවයට ද හානි සිදුවිය හැකි බවටත් පෙන්වා දෙයි. 

ඒ මහතා මේ පිළිබඳව දක්වන අදහස පහළින්.. 

"හින්දුම සුනිල් සෙනෙවි බුද්ධ ශාසන ඇමතිතුමාට ලොකු කැක්කුමක් ඇති වෙලා තියෙනවා විහාරගම් දේවාලගම් පනත වෙනස් කරලා ඒ ඉඩකඩම්වල ජීවත් වෙන මිනිස්සු නඩු මඟට පොළඹවලා ඒ විහාරගම්වල ස්වභාවය,වෙනස් කරන්න.  

මං හිතන්නේ බුද්ධ ශාසන ඇමතිතුමා ඊට ඉස්සෙල්ලා හිතන්න ඕන කාරණයක් තමයි, මේ විහාරගම් දේවාලගම් කියන්නේ බෞද්ධ විහාරගම් දේවාලෙගම්. ඒවා මේ වෙනත් ආගම්වලට සම්බන්ධය ස්ථාන ඉඩකඩම් නොවෙයි. පෙර රජවරු මේ ඉඩකඩම් පූජා කරලා තිබෙන්නේ මේ ස්ථානවල නඩත්තුවට ඒ ස්ථානවල නඩත්තුව සිදුකිරීමට අවශ්‍ය යම් සම්පත් සොයා ගැනීමටයි. 

ඇතැම් විට ඒ ඉඩකඩම් බදු දීලා මුදල්  හුවමාරු කර ගැනීමට අවස්ථාව තිබෙනවා.  ඉතින් මේ ඉඩකඩම්වල කාලයක් තිස්සේ පදිංචි වෙලා සිටින අය ඉන්නවා. ඒ ඉඩකඩම් නිදහස් නෑ කියලා ඒගොල්ලො හිතනවා ඇති. නමුත් ඇත්ත කතාව නං විහාරස්ථානයේ යටතේ ඒ අයට සාමකාමීව ඒ බෞද්ධ පරිසරයක් තුළ ජීවත් වෙන්න ඉඩකඩ තිබෙනවා. 

ඉතින් ඒක වැරැද්දක් නෙවෙයි මොකද විහාරස්ථානයේ නායකත්වය යටතේ ඒ අයගේ ආගමික භාවිතාවන් සංස්කෘතික භාවිතාවන්ට නායකත්වයක් එතනින් සැපයෙනවා. පැරණි රජවරු ඒ කටයුතු ඒ විදිහට විහාරස්ථානයේ මූලිකත්වයෙන් කරන්ට ඕන කියල හිතලයි නීති රීති පැනෙව්වේ. මේ රටේ සංස්කෘතිය බිඳ වැටීම තුළින් රාජ්‍යයත් බිඳ වැටෙනවා යන සංකල්පය උඩයි, එහෙම කළේ.

රාජ්‍යයේ ඒ කීයභාවය ඇති කරන්නට තමයි මේ වගේ සංකල්පයක් මේ වගේ විහාරගම් ඇති කරලා මේ සිද්ධ කරේ. ඒ වගේම බෞද්ධ දේවාලෙගම්. මේ බෞද්ධ දේවාලගම් කිව්වහම මේවා හින්දු දේවාලගම් නෙවෙයි. හින්දු සංස්කෘතිය තුළ තියෙන ඇතැම් අංග අපේ සිංහල සංස්කෘතියට එකතු වීම තමයි මේ දේවාලගම්වල ස්වභාවය. ඉතින් ඒකෙනුත් කියන්නේ අර විහාරස්ථානයත් සහ ඒ දේවාල යටතේ තියෙන සංස්කෘතිය තුළ ඒ ඉඩකඩම් පහසුවෙන් කළමනාකරණය කරගැනීමට අවස්ථාව දෙන බවයි.

ඒ වගේම ඒ ජීවත් වෙන ජනතාව බෞද්ධයන් විදියට ජීවත් වෙන්නට අවස්ථාව සලසා දීම. ඉතින් මේ තත්ත්වය ඇහැට කටු වඳිනවා වගේ වෙන්න පුළුවන් වර්තමාන බුද්ධ ශාසන ඇමතිතුමාට ඒක නිසා තමයි මේ ඉඩකඩම්වල වර්තමානයේ ජීවත්වෙන ජනතාව උසිගන්වලා විහාරස්ථානයට විරුද්ධව  නඩු කියන්ට පොළඹවන්න ඔහු උත්සාහ කරන්නෙ. මේ, උත්සාහය තුළ, තිබෙන්නේ බෞද්ධ සංස්කෘතිය කෙරෙහි තියෙන වෛරයයි."

සම්බන්ධිත පුවත් | Related News

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.
රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.