News Category
From Date
To Date
Maximum Number of Result

බන්ධ පොලිසිය රැඳවියන්ට දසවධ දෙනවා... මහර පුපුරා ගියේ ඒ පීඩනනයි... මීගමුවෙන් පාඩමක් නූගත් ඇමති දැනවත් ඉල්ලා අස්වෙනවාද..! - නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න

Aug 4, 2026 at 11:07 AM
|

මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

"මහර ගැටුමට මුල ඔබ දන්නවාද?

* මීගමුව  බන්ධනාගාරයේදී තම නිළධාරීන් 10 ක් ඝාතනය වීම නිසා බන්ධ පොලිස් නිළධාරීන් හිටියේ රැඳවියන් සමග දැඩි තරහකින්. 

* මේ නිසා මහර බන්ධනාගාරයේ ගේට්ටුවේ සහ රැඳවියන්ව බලන්න එන ඥාතීන් සම්බන්ධව රාජකාරි කරන බන්ධ පොලිස් නිළධාරින් රැඳවියන්ගෙන් පලි ගන්න අලුත් නීති ගෙනාවා. 

* ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට රැඳවියන් බැලීමට ලබා දුන් කාලය විනාඩි 10 සිට විනාඩි 5 ට සීමා කළා. 

* රිමාන්ඩ් සිර කරුවන්ට වෙනදා යහමින් ගෙදරින් ගෙනා ආහාර සීමා කළා. උදාහරණයකට තමා සමග එකට සිටින විසිට් නොඑන රැඳවියන් 10-15 ට වෙනදා එළියෙන් ආහාර ගෙන්වා ගන්නා රැඳවියන්ට ඉන් පසු ආහාර ගෙන්වීම ඔහුට ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයකට සීමා කළා. 

* සිර දඬුවම් විඳින අම්පාර මඩකලපුව වැනි දුර පලාත්වල පදිංචිව සිටි සිරකරුවන්ගේ ඥාතීන් තම රැඳවියන් බලන්න ආවෙ මාස තුනකට හතරකට එක් වරක් පමණයි. ඒ එන විට සනීපාරක්ෂක ද්‍රව්‍ය මාස තුන හතරකට ප්‍රමාණවත් සංඛ්‍යාවක් ගෙනාවා. 

* උදා: සබන් කෑලි 40 - 50 ක්, රේසර් 10 ක් වැනි සංඛ්‍යාවක් ගෙනාවා. 

* බන්ධ පොලීසිය ඥාතීන්ට සීමා කළා එක වරකට සබන් කෑලි 5 ක් සහ රේසර් 1 ක් පමණක් ගේන්න. මේ නිසා දුර පලාත්වල ඥාතීන් සිටින රැඳවියන්ට සිදු වුණේ ලොකු අසාධාරණයක්. 

* මීට අමතරව ගේට්ටුවේදී රැඳවියන් පරීක්ෂා කිරීමද තව තද කළා. 

* මීගමුවෙන් මාරු කරපු රැඳවියන්ට අඟුනකොලේදි, වැලිකඩදි වගේම නැව් ගුටි ලැබුණ. 

* රැඳවියන් මේ අසාධාරණය ප්‍රධාන ජේලර් ගයාන් වෙත සැල කළහම ගයාන් ගත්තේ බන්ධ පොලිස් නිළධාරින්ගේ පැත්ත. 

* මේ කරුණු නිසා මහර රැඳවියන් බන්ධ පොලිස් නිළධාරින් සමග දැඩි තරහකින් පසු වුණා. 

* ඊයේ සවස මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ආරම්භ වුණේ රැඳවියන්ගේ ඥාතීන් ගෙනා ආහාරවලින් විශාල ප්‍රමාණයක් බන්ධ පොලිස් නිළධාරින් හරවා යැවීමට විරෝධය පල කරලා. 

* මීගමුව අත්දැකීම නිසා. බන්ධනාගාර නිළධාරින් රැඳවියන්ට කැමති දෙයක් කර ගන්නට දී ප්‍රධාන දොරටුවෙන් එළියට ආව. 

*  ප්‍රතිඵලය වුණේ කෝප වූ රැඳවියන් බන්ධනාගාර දේපලවලට අලාභ හානි කිරීමයි. 

* එමෙන්ම තමන්ට කුරිරු වූ ප්‍රධාන ජේලර් ගයාන්ගේ නිල කාමරයටද රැඳවියන් දැඩි අලාභ හානි සිදු කළා. 

* ඇමති හර්ෂණ මෙන්ම බන්ධනාගාර කොමසාරිස්, ජ්‍යේෂ්ඨ නිළධාරින් මෙන්ම බන්ධ පොලීසියද මීගමුවෙන් පාඩමක් ඉගෙන ගෙන රැඳවියන් සමග සුහදව කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට රැඳවියන්ට වද දුන්නා, අයුතු සහගත නීති ගෙනැවිත් රැඳවියන්ගේ සීමිත වරප්‍රසාද පවා කපා හැරියා. 

* ප්‍රතිථලය වුණේ මහා විනාශයක් 

* දැන්වත් ඇමති ඉල්ලා අස් වෙයිද? 

* දැන්වත් රැඳවියන්ට තාප්පයේ ලියවිල්ලට සීමා  නොකොට මනුෂ්‍යයන් ලෙස සලකයිද? 

* අපි බලා සිටිමු. "

- නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න

FB

(මූලාශ්‍රය - Emanisa)

සම්බන්ධිත පුවත් | Related News

අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...
චරිත්ට චෝදනාවක් එල්ල වූ විටම මම ඒ ගැන මගේ අදහස ප්‍රකාශ කලා , බොහෝ දෙනෙක් ඔහු හොරෙක් , තක්කඩියෙක් කියා ලේබල් කරන විට මා කිව්වේ , සරල කරුණු කීපයකි
විනෝද උද්‍යානයක ගොඩනැගිලි පහසුකම් සැලසුම් කිරීම ශ්‍රී ලංකාවේ මුල් ගෘහ නිර්මාණ ශිල්පයේ කලාවයි. සීගිරි ජල උද්‍යානය ආසියාවේ හොඳින් සංරක්ෂණය කර ඇති පැරණිතම රාජකීය උද්‍යානය වන අතර, පුරාණ නගරයේ බටහිර කොටසේ පහසුකම් කිහිපයක් ඉදිකරන ලදී. සීගිරියේ කුඩා ජල උද්‍යානය 1980 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ කැණීම් කරන ලද අතර, එම ස්ථානයේ වඩාත් සංකීර්ණ, නොදන්නා ගෘහ නිර්මාණ සැකසුම් තිබුණි.
ලෝක බලවතුන් අතර පවතින ආර්ථික හා භූ-දේශපාලනික තරගකාරීත්වය හමුවේ, ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික බලවතා කවුරුන්ද යන්න පිළිබඳව Next page අන්තර්ජාල නාලිකාව හරහා කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.

ප්‍රධාන පුවත්

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..

රට දැන් අමුතුම තැනකට යමින් ඇති බවත් එය උසාවියේ සිටින අයට තේරුම් ගත හැකි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "විශාල මට්ටමේ" ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් කිහිපයක පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සෙනසුරාදා(01) දින මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ඇමරිකානුවන්ට අනතුරු අඟවා, කලාපයෙන් පිටව යාම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..

සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.