අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
එම ලිපියේ දක්වා ඇත්තේ මෙසේය,
2026.07.31
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර, කොළඹ 01.
අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳවයි
ගරු ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන අධිකරණ පද්ධතියේ ගරු විනිසුරුවරුන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට අප වෙත කරුණු වාර්තා වී ඇත.
වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත. එම වයස් සීමාවන් ඉහළ නැංවීමට රජය මේ අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි.
එය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමට හේතු විය හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු. අධිකරණයෙන් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එම ස්වාධීනත්වය සැකයකින් තොරව විද්‍යාමාන වීම මත රඳා පවතින බව පොදු පිළිගැනීමයි.
එහෙයින් රජය විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණ පද්ධතියේ සුරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරලීමට හේතු වන බවත් මෙම පූර්වාදර්ශය අනාගතයේ දී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරමින් අධිකරණ විනිසුරුවරුන්ලාගේ සංගමය, නීති විශාරදයින් මෙන්ම සිවිල් සංවිධාන ද පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනා මාලාව තුළින් ද මෙම යෝජිත සංශෝධනයේ ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
රටේ නිරසාර සංවර්ධනය හා සමාජ සුරක්ෂාව අරමුණු කරගනිමින් කටයුතු කරන රජයක් සප්ත අපරිහානීය ධර්ම මත ගොඩනැගිය යුතු බව අපගේ පිළිගැනීමයි. නොපැහැදිලි නීති පැනවීම තුළින් සමාජ නොසන්සුන්තාවක් හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඍණාත්මක බලපෑමක් සිදු වන්නේ නම් එවැනි ක්‍රියා කලාපයන්ගෙන් ඈත්ව මහජන විශ්වාසය රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු.
විශේෂයෙන් ම මේ වන විට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන ප්‍රසාදයක් පවතින පසුබිමක එවැනි සංශෝධනයක් ගෙන ඒම රජය පිළිබඳ ඍණාත්මක අදහස් ප්‍රවර්ධනය කිරීමට ද හේතු විය හැකි අතර ම ගරු විනිසුරුවරුන්ලාගේ ස්වාධීනත්වය පිළිබඳව ද ප්‍රශ්නාර්ථයක් ඇති කර වීමට හේතු විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමු.
එහෙයින් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙලක් අදාල සියලු අංශ සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම සෝග්‍ය බව ප්‍රකාශ කරන අතර ම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු.
ඒ වගත් මෙසේ ම,
(අත්සන)
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහානිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
මල්වතු මහා විහාරය, මහනුවර.
(අත්සන)
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී
පඤ්ඤානන්දාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහානිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
අස්ගිරි මහා විහාරය, මහනුවර.
(අත්සන)
අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති අභිධාන
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක
ස්ථවිර, ශ්‍රී ධර්මපාල විද්‍යායතන පිරිවෙන,
මිරිස්වත්ත, බලපිටිය.
(අත්සන)
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර,
මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන,
මීරිගම.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..