පෝට් සිටියට තියෙන තරහ, පරම්පරා ගාණක් ලංකාවේ ඉන්න චීන මිනිස්සු පිටින් යවනවද?..
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
ඒත් අද social media එකේ 'චීන්නු' කිව්වම අපිට මතක් වෙන්නේ චෙං මහත්මයා වගේ අයව නෙවෙයි. අපිට මතක් වෙන්නේ පෝට් සිටිය, ණය උගුල්, රට විකුණනවා වගේ දේවල්. මේ දෙක අතරේ තියෙන වෙනස අපි පටලවගෙන වගේ නේද?
අපේ ඉතිහාසය දිහා බලන්න. මරදානේ හිටපු චීන දොස්තරලා, කොටුවේ තිබුණු රෙදි කඩ, 'චයිනීස් ඩ්‍රැගන්' එක... මේවා අපේ ජීවිතවල කොටසක් වෙලා තිබුණේ ඊයේ පෙරේදා ඉඳන් නෙවෙයි. පරම්පරා ගාණක් තිස්සේ මේ මිනිස්සු අපිත් එක්ක ජීවත් වුණා, අපේ ආර්ථිකයට, සංස්කෘතියට එකතු වුණා. පුදුමේ කියන්නේ, මේ හුඟ දෙනෙක්ට ලංකාවේ පුරවැසිකම ලැබුණේ 2008 දී. ඒ කියන්නේ දශක ගාණක් ඔවුන් මේ රටේ ජීවත් වෙලත්, නීතියෙන් පිළිගැනීමක් තිබිලා නැහැ.
අද වෙන දේශපාලන, ආර්ථික හේතු නිසා චීන ආණ්ඩුව ගැන අපිට විවේචන තියෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය දෙයක්. පෝට් සිටිය ගැන, ණය ගැන, රටේ ස්වෛරීත්වයට වෙන බලපෑම ගැන අපි කතා කරන්නම ඕන. ඒක නිරෝගී දෙයක්. හැබැයි ඒ දේශපාලන තරහ, පරම්පරා ගාණක් මෙහෙ ජීවත්වුණ, අපේම පුරවැසියන් පිරිසක් පිටින් යවන එක කොච්චර සාධාරණද?
මේක තමයි අද අපි මුහුණ දෙන ගැටලුව. 'ප්‍රගතිය' නමින් එන අලුත් දේශපාලන, ආර්ථික ව්‍යාපෘති නිසා, අපේ රටේම කොටසක් වෙච්ච 'සම්ප්‍රදායික' ප්‍රජාවකට වෛර කරන්න අපි පෙළඹිලා. චීන ආණ්ඩුව කරන දේකට, චැතම් වීදියේ කඩයක් කරන චෙං මහත්මයා පලිද? මේ දෙක දෙකක් විදිහට දකින්න අපිට බැරි ඇයි?
මේක චීන-ශ්‍රී ලාංකික ප්‍රජාවට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. රටට ආර්ථික ප්‍රශ්නයක් ආවම, දේශපාලන අර්බුදයක් ආවම, ඒකට ලේසිම උත්තරේ විදිහට සුළුතර ප්‍රජාවකට ඇඟිල්ල දික් කරන එක අපේ ඉතිහාසයේ කීප සැරයක්ම වෙලා තියෙනවා. අපි ඒ වැරැද්දම ආයෙත් කරන්න හදනවද කියන එකයි ප්‍රශ්නේ.
චීන ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන එක එකක්. ඒ සම්භවය තියෙන, අපේ රටේම පුරවැසියෙක් දිහා වපර ඇහින් බලන එක තව එකක්. ඒ සීමා මායිම අපි තේරුම් ගන්න ඕන.
ඔබ මොකද හිතන්නේ? රටක ආණ්ඩුවක ක්‍රියාකලාපය නිසා, ඒ රටේ සම්භවයක් තියෙන අපේම පුරවැසියන්ට වෙනස් විදිහට සලකන එක හරිද?
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..