පෝට් සිටියට තියෙන තරහ, පරම්පරා ගාණක් ලංකාවේ ඉන්න චීන මිනිස්සු පිටින් යවනවද?..
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
ඒත් අද social media එකේ 'චීන්නු' කිව්වම අපිට මතක් වෙන්නේ චෙං මහත්මයා වගේ අයව නෙවෙයි. අපිට මතක් වෙන්නේ පෝට් සිටිය, ණය උගුල්, රට විකුණනවා වගේ දේවල්. මේ දෙක අතරේ තියෙන වෙනස අපි පටලවගෙන වගේ නේද?
අපේ ඉතිහාසය දිහා බලන්න. මරදානේ හිටපු චීන දොස්තරලා, කොටුවේ තිබුණු රෙදි කඩ, 'චයිනීස් ඩ්‍රැගන්' එක... මේවා අපේ ජීවිතවල කොටසක් වෙලා තිබුණේ ඊයේ පෙරේදා ඉඳන් නෙවෙයි. පරම්පරා ගාණක් තිස්සේ මේ මිනිස්සු අපිත් එක්ක ජීවත් වුණා, අපේ ආර්ථිකයට, සංස්කෘතියට එකතු වුණා. පුදුමේ කියන්නේ, මේ හුඟ දෙනෙක්ට ලංකාවේ පුරවැසිකම ලැබුණේ 2008 දී. ඒ කියන්නේ දශක ගාණක් ඔවුන් මේ රටේ ජීවත් වෙලත්, නීතියෙන් පිළිගැනීමක් තිබිලා නැහැ.
අද වෙන දේශපාලන, ආර්ථික හේතු නිසා චීන ආණ්ඩුව ගැන අපිට විවේචන තියෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය දෙයක්. පෝට් සිටිය ගැන, ණය ගැන, රටේ ස්වෛරීත්වයට වෙන බලපෑම ගැන අපි කතා කරන්නම ඕන. ඒක නිරෝගී දෙයක්. හැබැයි ඒ දේශපාලන තරහ, පරම්පරා ගාණක් මෙහෙ ජීවත්වුණ, අපේම පුරවැසියන් පිරිසක් පිටින් යවන එක කොච්චර සාධාරණද?
මේක තමයි අද අපි මුහුණ දෙන ගැටලුව. 'ප්‍රගතිය' නමින් එන අලුත් දේශපාලන, ආර්ථික ව්‍යාපෘති නිසා, අපේ රටේම කොටසක් වෙච්ච 'සම්ප්‍රදායික' ප්‍රජාවකට වෛර කරන්න අපි පෙළඹිලා. චීන ආණ්ඩුව කරන දේකට, චැතම් වීදියේ කඩයක් කරන චෙං මහත්මයා පලිද? මේ දෙක දෙකක් විදිහට දකින්න අපිට බැරි ඇයි?
මේක චීන-ශ්‍රී ලාංකික ප්‍රජාවට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. රටට ආර්ථික ප්‍රශ්නයක් ආවම, දේශපාලන අර්බුදයක් ආවම, ඒකට ලේසිම උත්තරේ විදිහට සුළුතර ප්‍රජාවකට ඇඟිල්ල දික් කරන එක අපේ ඉතිහාසයේ කීප සැරයක්ම වෙලා තියෙනවා. අපි ඒ වැරැද්දම ආයෙත් කරන්න හදනවද කියන එකයි ප්‍රශ්නේ.
චීන ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන එක එකක්. ඒ සම්භවය තියෙන, අපේ රටේම පුරවැසියෙක් දිහා වපර ඇහින් බලන එක තව එකක්. ඒ සීමා මායිම අපි තේරුම් ගන්න ඕන.
ඔබ මොකද හිතන්නේ? රටක ආණ්ඩුවක ක්‍රියාකලාපය නිසා, ඒ රටේ සම්භවයක් තියෙන අපේම පුරවැසියන්ට වෙනස් විදිහට සලකන එක හරිද?
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්