ලෝකයෙ වේගයෙන්ම සංවර්ධනය වන වොලිබෝල් කණ්ඩායම් අතර වත්තල
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...
ඉස්සෙල්ලාම කියන්න ඕන මේ IMF නොව IIF හොඳේ...
මෙම දර්ශකයේ පළමු ස්ථාන ත්‍රිත්වය පිළිවෙළින් වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් යන රටවලට හිමිව ඇත..
දෙවනුව කියන්න ඕන මොසැම්බික් කියන්නෙ ඌන සංවර්ධිත රටක් හොඳේ...
තෙවනුව කියන්න ඕනි මෙම සිව්වන ස්ථානය හිමිව ඇත්තේ රටේ සමස්ත ආර්ථික වර්ධන වේගය (GDP Growth Rate) අනුව නොව, ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය සහ ණය තොරතුරු කළමනාකරණයේ විනිවිදභාවය වේගයෙන්ම දියුණු කරගත් රටක් ලෙස ලැබුණු ඇගයීමක් පදනම් කරගෙනය.
මම උදාහරණ කිහිපයක් මගින් ඔබට මෙය පැහැදිලි කරන්නම්...
🔴 වෙසක් එකට ලක්ෂ 10 ක් වියදම් කරලා හන්දියෙ තොරණක් ගහලා ලක්ෂ 02 ක ආදායමක් ලබනවා.. එතකොට ලාබය කීයද 20% යි..
අපි වෙසක් එකට රුපියල් 3000 ක් වියදම් කරලා පොඩි මෝටරයක් දාලා ගේ ඉස්සරහා පොඩි පෙට්ටි තොරණක් ගහනවා. වටේ පිටේ ඉන්න එවුන් රුපියල් පනහ සීය දීලා අපිට හම්බ වෙනවා රුපියල් 6000 ක්.. එතකොට ලාබය 100% යි..
🔴 බිමල් රත්නායක හුණු ගාලා අලුත් වැඩියා කරපු කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න සෝමාක්කාගෙ ඊයෙ ආදායම රුපියල් 5000 යි.. අද ආදායම රුපියල් 8000 යි ආදායම් වර්ධන වේගය 60% යි...
බිල් ගේට්ස්ගෙ ඊයෙ ආදායම ඩොලර් බිලියන 02 යි. අද ආදායමත් ඩොලර් බිලියන 02 යි.. ආදායම් වර්ධන වේගය 00% යි..
දැන් සෝමාක්කාද වඩා සංවර්ධනය වෙලා තියෙන්නෙ බිල් ගේට්ස්ද..?
උඹලාට මම තව හොඳට තේරෙන උදාහරණයක් දෙන්නම්කො..
🔴 හැමදාම ලකුණු 10 ක් විතර ගන්න කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ගහනවා කුසල්ගෙ සංවර්ධන වේගය 500% යි..
ඔන්න හැමදාම 50 ක් ගහන කෝලි 100 ක් ගහනවා.. කෝලිගෙ සංවර්ධන වේගය 100% යි...
මේ වේගයෙන්ම ලොව සංවර්ධනය වෙන රටවල් අතර 04 තැන කියන්නෙ කැකිරාවෙ අවුරුදු උත්සවයෙ අවුරුදු කුමාරි වගෙ දෙයක්.. අපේ එවුන් ඒක ලෝක රූ රැජිණ තරඟය කියලා හිතාගෙන ඉන්නෙ...
ලෝකයේ වඩාත්ම සංවර්ධිත රටවල් 05 තීරණය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් ප්‍රකාශයට පත් කරන මානව සංවර්ධන දර්ශකය (Human Development Index - HDI) පදනම් කරගෙන..
සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ඒකපුද්ගල ආදායම යන සාධක සලකා බලා සකස් කරන ලද නවතම දර්ශකයන්ට අනුව ලොව ඉහළින්ම ඇති සංවර්ධිත රටවල් 05නම් ..
ස්විට්සර්ලන්තය නෝර්වේ අයිස්ලන්තය, හොංකොං සහ ඩෙන්මාර්කයයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකු දත්තවලට අනුව, ලොව සංවර්ධිත සහ ප්‍රධාන පෙළේ ආර්ථිකයන් (Major Advanced Economies) අතරින් ඉහළම දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගයක් වාර්තා කරන්නේ ඉන්දියාව සහ චීනයයි.
ඒ නිසා කවුරු හරි ටිකක් මේවාට හුරේ දානවා නම්, උඩ පනිනවා නම් හම්මෙ කෝමද අපේ අනුර අයියාගෙ ආර්ථික කළමනාකරණය කියලා උදම් අනනවා නම් ඊට ඉස්සෙල්ලා චුට්ටක් කල්පනා කරලා බලන්න (නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි
ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..
අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..
විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්