News Category
From Date
To Date
Maximum Number of Result

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

Aug 6, 2026 at 05:34 AM
|

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් එම ඉල්ලීම කළා ය.

එම අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධය පළ නොකරන බව සඳහන් කළේ ය.

සිය සේවාදායකයාගේ පෙත්සමට එරෙහිව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් ඔහු පැවසුවේ ය.

ඉන් අනතුරුව වගඋත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව ය.

මීට පෙර විනිශ්චිත නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමින් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම නඩු තීන්දුවලට අනුව මෙම අතරමැදි පෙත්සම් සඳහා අනුමැතිය දීමට හැකියාවක් නොමැති බවට තර්ක කළා ය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, මෙම අතරමැදි පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ද තමා අධිකරණයේ අවධානය යොමු කරන බව ය.

මේ වන විට සුරේෂ් සලේගේ පෙත්සමට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත්ව ඇති අතරමැදි පෙත්සම් සියල්ලට ම තම අධිකරණය සවන් දෙන බවත්, එම පෙත්සම්වලට අදාළ දේශන ඉදිරිපත් කිරීම විනාඩි දහයකට සීමා කර ගන්නා ලෙසත් සභාපති විනිසුරුවරයා නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

'විමර්ශකයින් පත්කර තිබෙන්නේ කතෝලික පල්ලිය'

ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විමර්ශනය සඳහා නිලධාරීන් පත් කර ඇත්තේ කතෝලික පල්ලියේ ඉල්ලීමක් මත බව ය.

"විධායකය විසින් සිය බලය අවභාවිත කිරීම සැලකිල්ලට ගෙන සිය සේවාදායකයින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කර තිබෙන්නේ සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි ලෙස යි. පෙත්සම්කරු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නෑ. නීතියේ ආධිපත්‍යය මෙන් ම ජනතා පරමාධිපත්‍යය සුරැකීම උදෙසා යි සිය සේවාදායකයින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කළේ. මෙහි විමර්ශකයින් පත්කර තිබෙන්නේ කතෝලික පල්ලිය විසින්. සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබුණා. කතෝලික ප්‍රජාවගේ ප්‍රධානියා වන කාදිනල් හිමිගේ ඉල්ලීම මත ශානි අබේසේකර මෙම විමර්ශනය සඳහා පත්කළ බව. ඊට අදාළ හැන්සාඩ් වාර්තාවත් මම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන්න පුළුවන් ද? පාස්කු ප්‍රහාරයේ අගතියට පත් පාර්ශවයක් විසින් තෝරා දුන් විමර්ශකයින්ගෙන් සුරේෂ් සලේට යුක්තිය අපේක්ෂා කරන්නේ කෙසේ ද? විමර්ශන කමිටු කීපයක් මගින් නිර්දේශ කර තිබෙනවා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට එරෙහිව අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙස. මේ තත්ත්වය යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේ ද? අධිකරණයක් හමුවේ පෙනී සිටි විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයෙකුට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කරලා තිබෙනවා ඔය යකඩ පටි කෑලි එල්ලගෙන ඉන්න අය කියන දේවල් පිළිගන්න බැහැ කියලා. මේක තමයි ස්වාමීනී... වර්තමානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව තිබෙන ආකල්පය. මේක භයානක තත්ත්වයක්. මෙම තත්ත්වය නිසා ආරක්ෂක හමුදාවලට තරුණයින් සම්බන්ධ වීම අධෛර්යවත් කිරීමට හේතුවක් වෙනවා," යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා අතරමැදි පාර්ශවයන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් කළේ ය. ඒ බව තහවුරු කරන නඩු තීන්දු කිහිපයක් ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ ආකාරයට පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාවේ යෙදවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පනත අවභාවිත කිරීම සඳහා විමර්ශකයින්ට අවසර හිමි නොවන බවත් පැවසුවේ ය.

පාස්කු ප්‍රහාරය: ISIS සමග සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් 'මොහොමඩ් මිල්හාන්'ට වන්දි ගෙවන්නැයි රජයට නියෝග

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් බවත් එම තීන්දුව තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.

ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක විමර්ශන වාර්තාවක් උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පසුගිය දශක හතරක කාල සීමාව තුළ මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන අවශ්‍යතා මෙන් ම පුද්ගලයින් අපහසුතාවට පත් කිරීම සඳහා යොදවාගෙන ඇති බවට චෝදනා කර ඇති බවත් පෙන්වා දුන්නේ ය.

අදාළ පනත අවභාවිතාවට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අනීතික බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අවසන් වශයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව වැඩිදුර අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු 06 වන දා තෙක් කල් තැබිණි.

සුරේෂ් සලේගේ පෙත්සමට සහය පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු පාර්ශව 08ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

BBC - සිංහල

සම්බන්ධිත පුවත් | Related News

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.
රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.