චරිත් ගැන කිඹුල් කදුළු සලන අයට..
චරිත්ට චෝදනාවක් එල්ල වූ විටම මම ඒ ගැන මගේ අදහස ප්‍රකාශ කලා , බොහෝ දෙනෙක් ඔහු හොරෙක් , තක්කඩියෙක් කියා ලේබල් කරන විට මා කිව්වේ , සරල කරුණු කීපයකි
1 මා ඔහු ආශ්‍රය කල වසර එක හමාරක කාලයේ ඔහු සතුව , එවන් මුදලක් තිබුනේ නැත
2 ඔහු නිවරද කරුද ,වැරදිකරුද කියා ඇප ලබා විත් ඔහුගේ කතාව කියන තෙක් ඉවසිය යුතුය
3 ඔහු තමා නිර්දෝශී යයි කියන්නේ නම් එය අධිකරණයේ ඔප්පු කිරීමට අවස්ථාව දිය යුතුය
4 ඔහු වරදකරුවෙකු නම් මට ඔහු සමග දේශපාලනය කල නොහැක , එහෙත් මගේ මිත්‍රත්වය වෙනස් වන්නේ නැත . ඔහු මගේ මිත්‍රත්වයට වරදක් නොකරන තෙක් මිතුරෙකි , මිත්‍රත්වයට වරදක් කලොත් ඉන්පසුද සතුරෙකු වන්නේ නැත. ඒ මට පුද්ගලික සතුරන් නොමැති බැවිනි
අද අධිකරණයේ සිදුවූයේ කුමක්ද ?
ඔහුට ඇප ලැබුනොත් ඇප අත්සන් කිරීමට කිහිප දෙනෙකුම එහි ගොස් සිටි අතර සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක මුදල් ඇප ලෙස තැබිය යුතු මුදලද සූදානම්ව පැවතුනි
එහෙත් මුදල් ඇප වලට අමතරව ශරීර ඇප ලබාදෙන අය සතුව ලක්ෂ 50ක වත්කම් තිබිය යුතුබව ප්‍රකාශ විය .
ඒ සදහා , ග්‍රාම සේවක සහතිකයක් ,උපැන්න සහතිකයක් , ලක්ෂ පනහක වත්කම් ඇති බවට ලිපි ලේඛන සහ ඇපකරුගේ ආදායම සනාත කරන දෙයක් අවශ්‍ය විය
අනෙකුත් සියලු ලේඛන තිබුනද ලක්ෂ 50ක වත්කම් ඔප්පු කල හැකි ලේඛන සහිත අයෙකු එම ස්ථානයේ සිටියේ නැත. ක්ෂණිකව කල හැකි එකම දේ ලෙස මා මගේ බිරිදට අදාල ලේඛන සකස් කරගෙන අධිකරණයට එන ලෙස පැවසීමෙන් පසු
ඇය ග්‍රාමසේවක හමුවී ,ග්‍රාමසේවක සහතිකයක් ,ඔප්පු දෙකක් සහ අනෙකුත් ලේඛන රැගෙන අධිකරණය වෙත දවල් එක වන විට පැමිණි අතර තවත් සිව් දෙනෙක් පමණ දෙක වන විට සූදානම් විය , එහෙත් එම අයගෙන් කීපදෙනෙකුගේ ඔප්පු වල අගය අඩුවීම නිරවුල් අයිතිය පිලිබද ගැටලු පැවතුනි
මගේ බිරිදගේ සහ චරිත්ගේ නංගිගේ ලිපි ඉදිරිපත් කල නමුත් මගේ බිරිද පවුලේ අයෙකු නොවන නිසා ප්‍රතික්ෂේප විය . ඉන් පසු වෙනත් විකල්පයකට කාලය නොවූ නිසා ඔහුට ඇප ලබා ගත නොහැකි විය .
දැන් ලගම අධිකරණ දිනයේ අදාල ලේඛණ සහිත පවුලේ කෙනෙකු ඉදිරිපත් විය යුතුය .
මේ සිදුවීම නිසා සජබට චෝදනා එල්ල කරන බොහෝ අය චරිත් අතඩංගුවට පත්වූ සැනින් ඔහු හොරෙක් කර හං සලකුණු ගැසූ අයයි. එවැනි චෝදනාවක් සජබට කරීමට අයිතිය ඒ කිසිවෙකුට නැත . චෝදනාවක් ඇත්නම් එය කිරීමට හැක්කේ චරිත්ට ,ඔහුගේ බිරිදට සහ ඔහු වෙනුවෙන් අතඩංගුවට පත් මොහොතේ සිට ඇප තැන්පත් කිරීම තෙක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු මිතුරන් කිහිප දෙනාට පමණි.
(ඡායාරූපය ලිපියට සම්බන්ධයක් නැත )
(වරුණ රාජපක්ෂගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි
ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..
අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..
විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්