News Category
From Date
To Date
Maximum Number of Result

මොරොක්කෝ අතකොළුව..

Aug 4, 2026 at 02:27 PM
|

සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.

අප්‍රිකානු මහද්වීපයේ ඉහළ ම කෙළවරේ තියෙන සෙවුතා නගරය උතුරු පැත්තෙන් අත්ලන්තික් සාගරයටත් නැගෙනහිර සහ දකුණු පැත්තෙන් මධ්‍යධරණි මුහුදටත් මැදිවෙලා බටහිර පැත්තෙන් මොරොක්කෝවටත් මායිම්වෙනවා. (සිතියම බලන්න). සෙවුතා නගරය සහ මොරොක්කෝව වෙන් කරන ගොඩබිම් දේශ සීමා මායිම කිලෝ මීටර් 8 ක් (හැතැප්ම 5 ක්) දිගයි.

ක්‍රිස්තු වර්ෂ 708 දී, සෙවුතා ප්‍රදේශය ඉස්ලාමීය කලිපාතයකට යටත්වුණා. ඊට අවුරුදු 700 කට විතර පස්සේ (1415 දී), පෘතුගාලය විසින් මේ ප්‍රදේශය අල්ලගත්තා. 1580 විතර වෙද්දි, සෙවුතාව ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයක් බවට පත්වුණා. එ දා ඉඳලා මේ දක්වා ම (අවුරුදු 450 ක විතර කාලයක්), සෙවුතා නගරය පවතින්නේ ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයක් විදිහට.

මේ වෙද්දි, සෙවුතාව ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. පහුගිය ජුලි 30 සහ 31 දවස් දෙකේ දී, මොරොක්කෝවේ මිනිස්සු 70,000 කට කිට්ටු ප්‍රමාණයක් ගොඩබිමෙන් සහ මුහුදෙන් දේශ සීමාව පැනලා සෙවුතාවට ඇතුළුවුණා. මේ මහා ජංජාලය මැද්දේ මුහුදේ ගිලිච්ච මොරොක්කෝවේ මිනිස්සු 72 ක් මියගියා. සෙවුතාවට කඩා පැනපු මොරොක්කෝ මිනිස්සු 60,000 කට වැඩි ප්‍රමාණයක් ජුලි 31 වැනි දා හවස් වෙද්දි ආපහු ගිහිල්ලා තියෙනවා. පහුගිය දවස්වල, තව පිරිසක් ආපහු ගියා. ඒත්, මොරොක්කෝවෙන් ආපු 2500 ක විතර පිරිසක් තාමත් සෙවුතාවේ රැඳිලා ඉන්නවා.

හදිස්සියේ ම, මෙහෙම ජංජාලයක් ඇතිවුණේ ඇයි? ඇත්තෙන්ම, මෙච්චර මහ ජනගහනයක් එක සැරේ ම කුලප්පු කළේ කොහොම ද? මේ කුලප්පුකිරීමට සම්බන්ධ කවුද?

මේ ජංජාලය පිටිපස්සේ ලොකු බල සෙල්ලමක් තියෙනවා. මේ වැඩේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවත් ඊශ්‍රායලයේ බිබී ප්‍රමුඛ ෂයිලොක් ආණ්ඩුවත් ඊට අමතරව මොරොක්කෝවේ රාජාණ්ඩුවත් එකතුවෙලා කරපු සෙල්ලමක්. ඇත්තෙන්ම, මොරොක්කෝවේ රජා (6 වැනි මොහොමඩ්) ඇමෙරිකාවේ රූකඩයක්. තමන්ට ඕන ඕන වෙලාවට මෙහෙම රූකඩයක් නටවන්න ඇමෙරිකාවට ලේසියෙන් ම පුළුවන්.

මොරොක්කෝ කඩා පැනිල්ලට මුල්වෙච්ච ගෑස් (ස්වභාවික වායු) ගනුදෙනුවක් තියෙනවා. මේ ජංජාලයට හරියට ම දවස් 10 කට කලින්, ජුලි 20 වැනි දා, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරට ගිය ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) ලොකු ගිවිසුමකට අත්සන් කළා. ඇල්ජීරියාවේ ඉඳලා ස්පාඤ්ඤයට ගෑස් ප්‍රවාහනය කරන්නේ මෙඩ්ගෑස් (Medgaz) නළය මාර්ගයෙන්. මේ ගිවිසුම හින්දා, ඇල්ජීරියාවෙන් මිල දී ගන්න ගෑස් ප්‍රමාණය සීයට 10 කින් ඉහළ දාගන්න ස්පාඤ්ඤයට පුළුවන් වෙනවා.

1996 අග ඉඳලා, ස්පාඤ්ඤයට ප්‍රධාන වශයෙන් ම ගෑස් ප්‍රවාහනය කළේ මැග්රෙබ් - යුරෝපා (Maghreb – Europe) නළය මාර්ගයෙන්. කිලෝ මීටර් 1620 ක් දිග ඒ නළ මාර්ගයේ කිලෝ මීටර් 522 ක් ම වැටිලා තියෙන්නේ මොරොක්කෝව හරහා. තමන්ගේ රට හරහා යන මේ නළ මාර්ගයෙන් බිම් කුලිය සහ ප්‍රවාහන ගාස්තුවලට අමතරව නොමිලේ ගෑස් තොගයක් ලබාගන්නත් මොරොක්කෝවට පුළුවන් වුණා. විශේෂයෙන් ම, මේ ගනුදෙනුවෙන් හොඳට හම්බ කරගන්න මොරොක්කෝවේ 6 වැනි මොහොමඩ් රජාටත් පුළුවන් වුණා.

මේ ගෑස් ගනුදෙනුවට අදාළ ඇල්ජීරියානු - මොරොක්කෝ ගිවිසුම අත්සන් කරලා තිබුණේ අවුරුදු 25 ක කාලයකට. ඒ කියන්නේ 1996 නොවැම්බර් 1 වැනි දා ඉඳලා 2021 ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලයට. ඒත් 2021 වෙද්දි, ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර ලොකු ආරවුල් ගණනාවක් ඇතිවෙලයි තිබුණේ. 2021 අගෝස්තු මාසයේ දී, ඇල්ජීරියාව මොරොක්කෝව එක්ක පවත්වපු තානාපති සම්බන්ධකමත් නවත්තලා දැම්මා. ඉතින් 2021 ඔක්තෝබර් 31 වැනි දා අවසන් වෙච්ච ගෑස් ගිවිසුම අලුත් කෙරුණේ නෑ. මොරොක්කෝව හරහා ස්පාඤ්ඤයට ඇල්ජීරියානු ගෑස් යන එක මුළුමනින් ම නැවතුණා.

2010 දී ගෑස් ප්‍රවාහනය ආරම්භ කරපු මෙඩ්ගෑස් (Medgaz) නළ මාර්ගය හදලා තියෙන්නේ මධ්‍යධරණි මුහුද යට. ඒ හින්දා, මොරොක්කෝව හරහා යන්නේ නැතුව ඇල්ජීරියාවට ස්පාඤ්ඤයත් එක්ක ගෑස් බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් මැග්රෙබ් - යුරෝපා (Maghreb – Europe) නළ මාර්ගය අත්හැරලා දාපු ඇල්ජීරියාව මෙඩ්ගෑස් නළ මාර්ගය හරහා කරන ගනුදෙනුව ඉහළ දැම්මා.

බටහිර සහරා ප්‍රදේශයේ හදාගෙන තියෙන “සහාවි (Sahrawi) ජනරජය” සම්බන්ධයෙන් තමයි මොරොක්කෝව සහ ඇල්ජීරියාව අතර ගැටුමක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තාමත් සහාවි ආණ්ඩුව පිළි ඇරැගෙන නෑ. ඒත් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවර ඉඳගෙන සහාවි කට්ටිය තමන් හදාගත්ත රටේ පාලන වැඩ මෙහෙයවනවා. ඉතින් මේක ලොකු අවුලක්.

බ්‍රාහිම් ගාලි (Brahim Ghali) තමයි දැන් සහාවි ජනරජයේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඔහු 2016 ජුලි මාසයේ දී, මේ තනතුරට පත්වුණා. 2021 දී, බ්‍රාහීම් ගාලිට කොරෝනා හැදුණා. ඊට අමතරව, ඔහු පිළිකාවකිනුත් පීඩා විඳිනවා. ඉතින්, කොරෝනාව මැද්දේ ස්පාඤ්ඤය විසින් ඉතාමත් රහසිගතව ස්පාඤ්ඤයේ ලෝග්‍රොඤ්ඤෝ (Logroño) නගරයේ තියෙන ශාන්ත පෙද්‍රො (San Pedro) රෝහලේ නවත්තගෙන බ්‍රාහිම් ගාලිට ප්‍රතිකාර කළා. මේ රහස ගැන දැනගත්තාම, මොරොක්කෝව මිනිස්සු 10000 ක් විතර සෙවුතාවට කඩා පැන්නා. ඉතින් දැන් ඇතිවෙලා තියෙන අවුල වගේ ම මොරොක්කෝ - ස්පාඤ්ඤ දේශ සීමා අවුලක් ඒ වෙලාවෙත් ඇතිවුණා.

2021 දේශ සීමා පැන්නිල්ලත් 2026 දේශ සීමා පැන්නිල්ලත් එක සමානයි. මෙහෙම පැනපු අයගෙන් බහුතරයක් ඉතාමත් අඩු වයස්වල අය. මේ පැන්නිල්ල සිද්දවෙන වෙලාවට මොරොක්කෝව පැත්තේ දේශ සීමා ආරක්‍ෂාව බුරුල් කරනවා. බොහොම ලේසියෙන් යුරෝපයට පැනගන්න පුළුවන් කියලා ප්‍රචාරයක් තරුණ පිරිස අතර යවනවා. මෙන්න මේ පෙළැඹවීම හින්දා තමයි මොරොක්කෝවේ තරුණ පිරිස් තමන්ගේ ජීවිත පරදුවට තියලා දේශ සීමාවෙන් පනින්නේ. උඩින් කියපු විදිහට, මෙහෙම පැන්නිල්ලක දී වැඩි පිරිසක් මැරෙන්නේ මුහුදේ ගිලිලා.

මේ දේශ සීමා පැන්නිල්ල මුළුමනින් ම මොරොක්කෝ ආණ්ඩුව මුල්වෙලා කරන එකක් බව පැහැදිළියි. මේ වතාවේ වැඩේ සිද්දවුණේ ඇල්ජීරියාව සහ ස්පාඤ්ඤය අතර ගෑස් ගිවිසුම අත්සන් කරලා දවස් 10 ක් ඇතුළත. ඉතින් මේක ඉබේ වෙච්ච වැඩක් නෙවෙයි. තමන්ට අවාසියක් සිද්දවෙන හැම වෙලාවේ ම මොරොක්කෝ ආණ්ඩුව මේ ආයුධය පාවිච්ච කරන බව දැන් රහසක් නෙවෙයි.

හැබැයි, සම්පූර්ණ කතාව මෙච්චර සරල එකක් නම් නෙවෙයි. ස්පාඤ්ඤයට පාඩමක් උගන්නන්න දඟලන තවත් හවුලක් තියෙනවා. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ බිබීගේ මිනීමරු හවුල. මේ දෙපාර්ශ්වය එකතුවෙලා කරන මිනීමැරිල්ලට ස්පාඤ්ඤය සෘජුව ම විරුද්ධ වුණා. පලස්තීන ප්‍රශ්නයේ දී, ස්පාඤ්ඤය ෂයිලොක් මිනීමැරිල්ලට විරුද්ධ වුණා. ස්පාඤ්ඤය විසින් ගාසා මිනීමැරිල්ල ප්‍රසිද්ධි ම හෙලා දැකලා තියෙනවා. ට්‍රම්ප් - බිබී මිනීමරු හවුල එකතුවෙලා ඉරානයට බෝම්බ ගහන වැඩේට තමන්ගේ රටේ තියෙන මොරෝන් (Morón) ගුවන් හමුදා කඳවුර පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා ස්පාඤ්ඤය කිව්වා. ඒක ස්පාඤ්ඤ සහ ඇමෙරිකානු ගුවන් හමුදා හවුලේ පාවිච්චි කරන කඳවුරක්. ඊට අමතරව, ඊශ්‍රායලය එක්ක කරන වෙළෙඳ ගනුදෙනු සීමා කරන්න කියලා ස්පාඤ්ඤය යුරෝපා සංගමයට බල කරනවා.

ඉතින් ස්පාඤ්ඤයේ මේ අවනත නැතිකම ඉවසන්න ට්‍රම්ප් සහ බිබීගේ මිනීමරු හවුල සූදානම් නෑ.

පසුගිය ජුලි 1 වැනි දා, උතුරු ඩැකෝටාවේ තියඩෝර් රූස්වෙල්ට් පුස්තකාලය විවෘත කරපු උත්සවයේ දී කතා කරපු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා “ස්පාඤ්ඤය හොඳින් හැසිරෙන්නේ නෑ. උන් හොඳ පාඩමක් ඉගෙනගනීවි” (“Spain not behaving nicely, they will learn”) කියලා කිව්වා. ඊට සතියකට පස්සේ, ජුලි 8 වැනි දා, තුර්කියේ අන්කාරා නගරයේ දී පවත්වපු නේටෝ සමුළුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතාමත් තදින් ස්පාඤ්ඤය විවේචනය කළා. “ස්පාඤ්ඤය වෙනුවෙන් කරන දේවල්වලින් සත පහක වැඩක් නෑ. අපි තවදුරටත් ස්පාඤ්ඤයත් එක්ක වෙළෙඳ ගනුදෙනු කරන්න ඕන නෑ” ("Spain is a wasted cause. We don't want to do any trade business with Spain anymore") කියලා ඔහු බෙරිහන් දුන්නා.

ට්‍රම්ප් එතැනින් නැවැතුණේ නෑ. ජුලි 31 වැනි දා, කෑම්ප් ඩේවිඩ් කඳවුරේ දී, විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වපු ඔහු “ඔබ දන්නවා. මම ඊයේ දැක්කා ස්පාඤ්ඤයේ සිද්දවෙච්ච දේ. මම ඒ ව්‍යසනය නැරැඹුවා. ඒක හරියට ලක්‍ෂ ගානක් මිනිස්සු රටක් ආක්‍රමණය කරනවා වගේ වැඩක්” ("You know I saw Spain yesterday, and I watched the catastrophe that took place. It looks like an invasion of a country by hundreds of thousands of people,") කියලා කිව්වා. ඒ කියන්නේ, ට්‍රම්ප් උන්නැහේ ස්පාඤ්ඤයට එල්ලවෙච්ච මොරොක්කෝ ආක්‍රමණය දිහා හොඳින් බලාගෙන ඉඳලා තියෙනවා.

ඉතින් සෙවුතාවට එල්ල කරපු ආක්‍රමණය මොරොක්කෝවේ තනි හපන්කමක් කියලා හිතන්න බෑ. ඒ සිදුවීම පැහැදිළිව ම ස්පාඤ්ඤයට “පාඩමක් උගන්නන්න” කරපු වැඩක්. මොරොක්කෝව කියන්නේ ඒ වැඩේ වෙනුවෙන් යොදාගත්ත අතකොළුවක් විතරයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.