News Category
From Date
To Date
Maximum Number of Result

මොරොක්කෝ අතකොළුව..

Aug 4, 2026 at 02:27 PM
|

සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.

අප්‍රිකානු මහද්වීපයේ ඉහළ ම කෙළවරේ තියෙන සෙවුතා නගරය උතුරු පැත්තෙන් අත්ලන්තික් සාගරයටත් නැගෙනහිර සහ දකුණු පැත්තෙන් මධ්‍යධරණි මුහුදටත් මැදිවෙලා බටහිර පැත්තෙන් මොරොක්කෝවටත් මායිම්වෙනවා. (සිතියම බලන්න). සෙවුතා නගරය සහ මොරොක්කෝව වෙන් කරන ගොඩබිම් දේශ සීමා මායිම කිලෝ මීටර් 8 ක් (හැතැප්ම 5 ක්) දිගයි.

ක්‍රිස්තු වර්ෂ 708 දී, සෙවුතා ප්‍රදේශය ඉස්ලාමීය කලිපාතයකට යටත්වුණා. ඊට අවුරුදු 700 කට විතර පස්සේ (1415 දී), පෘතුගාලය විසින් මේ ප්‍රදේශය අල්ලගත්තා. 1580 විතර වෙද්දි, සෙවුතාව ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයක් බවට පත්වුණා. එ දා ඉඳලා මේ දක්වා ම (අවුරුදු 450 ක විතර කාලයක්), සෙවුතා නගරය පවතින්නේ ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයක් විදිහට.

මේ වෙද්දි, සෙවුතාව ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. පහුගිය ජුලි 30 සහ 31 දවස් දෙකේ දී, මොරොක්කෝවේ මිනිස්සු 70,000 කට කිට්ටු ප්‍රමාණයක් ගොඩබිමෙන් සහ මුහුදෙන් දේශ සීමාව පැනලා සෙවුතාවට ඇතුළුවුණා. මේ මහා ජංජාලය මැද්දේ මුහුදේ ගිලිච්ච මොරොක්කෝවේ මිනිස්සු 72 ක් මියගියා. සෙවුතාවට කඩා පැනපු මොරොක්කෝ මිනිස්සු 60,000 කට වැඩි ප්‍රමාණයක් ජුලි 31 වැනි දා හවස් වෙද්දි ආපහු ගිහිල්ලා තියෙනවා. පහුගිය දවස්වල, තව පිරිසක් ආපහු ගියා. ඒත්, මොරොක්කෝවෙන් ආපු 2500 ක විතර පිරිසක් තාමත් සෙවුතාවේ රැඳිලා ඉන්නවා.

හදිස්සියේ ම, මෙහෙම ජංජාලයක් ඇතිවුණේ ඇයි? ඇත්තෙන්ම, මෙච්චර මහ ජනගහනයක් එක සැරේ ම කුලප්පු කළේ කොහොම ද? මේ කුලප්පුකිරීමට සම්බන්ධ කවුද?

මේ ජංජාලය පිටිපස්සේ ලොකු බල සෙල්ලමක් තියෙනවා. මේ වැඩේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවත් ඊශ්‍රායලයේ බිබී ප්‍රමුඛ ෂයිලොක් ආණ්ඩුවත් ඊට අමතරව මොරොක්කෝවේ රාජාණ්ඩුවත් එකතුවෙලා කරපු සෙල්ලමක්. ඇත්තෙන්ම, මොරොක්කෝවේ රජා (6 වැනි මොහොමඩ්) ඇමෙරිකාවේ රූකඩයක්. තමන්ට ඕන ඕන වෙලාවට මෙහෙම රූකඩයක් නටවන්න ඇමෙරිකාවට ලේසියෙන් ම පුළුවන්.

මොරොක්කෝ කඩා පැනිල්ලට මුල්වෙච්ච ගෑස් (ස්වභාවික වායු) ගනුදෙනුවක් තියෙනවා. මේ ජංජාලයට හරියට ම දවස් 10 කට කලින්, ජුලි 20 වැනි දා, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරට ගිය ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) ලොකු ගිවිසුමකට අත්සන් කළා. ඇල්ජීරියාවේ ඉඳලා ස්පාඤ්ඤයට ගෑස් ප්‍රවාහනය කරන්නේ මෙඩ්ගෑස් (Medgaz) නළය මාර්ගයෙන්. මේ ගිවිසුම හින්දා, ඇල්ජීරියාවෙන් මිල දී ගන්න ගෑස් ප්‍රමාණය සීයට 10 කින් ඉහළ දාගන්න ස්පාඤ්ඤයට පුළුවන් වෙනවා.

1996 අග ඉඳලා, ස්පාඤ්ඤයට ප්‍රධාන වශයෙන් ම ගෑස් ප්‍රවාහනය කළේ මැග්රෙබ් - යුරෝපා (Maghreb – Europe) නළය මාර්ගයෙන්. කිලෝ මීටර් 1620 ක් දිග ඒ නළ මාර්ගයේ කිලෝ මීටර් 522 ක් ම වැටිලා තියෙන්නේ මොරොක්කෝව හරහා. තමන්ගේ රට හරහා යන මේ නළ මාර්ගයෙන් බිම් කුලිය සහ ප්‍රවාහන ගාස්තුවලට අමතරව නොමිලේ ගෑස් තොගයක් ලබාගන්නත් මොරොක්කෝවට පුළුවන් වුණා. විශේෂයෙන් ම, මේ ගනුදෙනුවෙන් හොඳට හම්බ කරගන්න මොරොක්කෝවේ 6 වැනි මොහොමඩ් රජාටත් පුළුවන් වුණා.

මේ ගෑස් ගනුදෙනුවට අදාළ ඇල්ජීරියානු - මොරොක්කෝ ගිවිසුම අත්සන් කරලා තිබුණේ අවුරුදු 25 ක කාලයකට. ඒ කියන්නේ 1996 නොවැම්බර් 1 වැනි දා ඉඳලා 2021 ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලයට. ඒත් 2021 වෙද්දි, ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර ලොකු ආරවුල් ගණනාවක් ඇතිවෙලයි තිබුණේ. 2021 අගෝස්තු මාසයේ දී, ඇල්ජීරියාව මොරොක්කෝව එක්ක පවත්වපු තානාපති සම්බන්ධකමත් නවත්තලා දැම්මා. ඉතින් 2021 ඔක්තෝබර් 31 වැනි දා අවසන් වෙච්ච ගෑස් ගිවිසුම අලුත් කෙරුණේ නෑ. මොරොක්කෝව හරහා ස්පාඤ්ඤයට ඇල්ජීරියානු ගෑස් යන එක මුළුමනින් ම නැවතුණා.

2010 දී ගෑස් ප්‍රවාහනය ආරම්භ කරපු මෙඩ්ගෑස් (Medgaz) නළ මාර්ගය හදලා තියෙන්නේ මධ්‍යධරණි මුහුද යට. ඒ හින්දා, මොරොක්කෝව හරහා යන්නේ නැතුව ඇල්ජීරියාවට ස්පාඤ්ඤයත් එක්ක ගෑස් බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් මැග්රෙබ් - යුරෝපා (Maghreb – Europe) නළ මාර්ගය අත්හැරලා දාපු ඇල්ජීරියාව මෙඩ්ගෑස් නළ මාර්ගය හරහා කරන ගනුදෙනුව ඉහළ දැම්මා.

බටහිර සහරා ප්‍රදේශයේ හදාගෙන තියෙන “සහාවි (Sahrawi) ජනරජය” සම්බන්ධයෙන් තමයි මොරොක්කෝව සහ ඇල්ජීරියාව අතර ගැටුමක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තාමත් සහාවි ආණ්ඩුව පිළි ඇරැගෙන නෑ. ඒත් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවර ඉඳගෙන සහාවි කට්ටිය තමන් හදාගත්ත රටේ පාලන වැඩ මෙහෙයවනවා. ඉතින් මේක ලොකු අවුලක්.

බ්‍රාහිම් ගාලි (Brahim Ghali) තමයි දැන් සහාවි ජනරජයේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඔහු 2016 ජුලි මාසයේ දී, මේ තනතුරට පත්වුණා. 2021 දී, බ්‍රාහීම් ගාලිට කොරෝනා හැදුණා. ඊට අමතරව, ඔහු පිළිකාවකිනුත් පීඩා විඳිනවා. ඉතින්, කොරෝනාව මැද්දේ ස්පාඤ්ඤය විසින් ඉතාමත් රහසිගතව ස්පාඤ්ඤයේ ලෝග්‍රොඤ්ඤෝ (Logroño) නගරයේ තියෙන ශාන්ත පෙද්‍රො (San Pedro) රෝහලේ නවත්තගෙන බ්‍රාහිම් ගාලිට ප්‍රතිකාර කළා. මේ රහස ගැන දැනගත්තාම, මොරොක්කෝව මිනිස්සු 10000 ක් විතර සෙවුතාවට කඩා පැන්නා. ඉතින් දැන් ඇතිවෙලා තියෙන අවුල වගේ ම මොරොක්කෝ - ස්පාඤ්ඤ දේශ සීමා අවුලක් ඒ වෙලාවෙත් ඇතිවුණා.

2021 දේශ සීමා පැන්නිල්ලත් 2026 දේශ සීමා පැන්නිල්ලත් එක සමානයි. මෙහෙම පැනපු අයගෙන් බහුතරයක් ඉතාමත් අඩු වයස්වල අය. මේ පැන්නිල්ල සිද්දවෙන වෙලාවට මොරොක්කෝව පැත්තේ දේශ සීමා ආරක්‍ෂාව බුරුල් කරනවා. බොහොම ලේසියෙන් යුරෝපයට පැනගන්න පුළුවන් කියලා ප්‍රචාරයක් තරුණ පිරිස අතර යවනවා. මෙන්න මේ පෙළැඹවීම හින්දා තමයි මොරොක්කෝවේ තරුණ පිරිස් තමන්ගේ ජීවිත පරදුවට තියලා දේශ සීමාවෙන් පනින්නේ. උඩින් කියපු විදිහට, මෙහෙම පැන්නිල්ලක දී වැඩි පිරිසක් මැරෙන්නේ මුහුදේ ගිලිලා.

මේ දේශ සීමා පැන්නිල්ල මුළුමනින් ම මොරොක්කෝ ආණ්ඩුව මුල්වෙලා කරන එකක් බව පැහැදිළියි. මේ වතාවේ වැඩේ සිද්දවුණේ ඇල්ජීරියාව සහ ස්පාඤ්ඤය අතර ගෑස් ගිවිසුම අත්සන් කරලා දවස් 10 ක් ඇතුළත. ඉතින් මේක ඉබේ වෙච්ච වැඩක් නෙවෙයි. තමන්ට අවාසියක් සිද්දවෙන හැම වෙලාවේ ම මොරොක්කෝ ආණ්ඩුව මේ ආයුධය පාවිච්ච කරන බව දැන් රහසක් නෙවෙයි.

හැබැයි, සම්පූර්ණ කතාව මෙච්චර සරල එකක් නම් නෙවෙයි. ස්පාඤ්ඤයට පාඩමක් උගන්නන්න දඟලන තවත් හවුලක් තියෙනවා. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ බිබීගේ මිනීමරු හවුල. මේ දෙපාර්ශ්වය එකතුවෙලා කරන මිනීමැරිල්ලට ස්පාඤ්ඤය සෘජුව ම විරුද්ධ වුණා. පලස්තීන ප්‍රශ්නයේ දී, ස්පාඤ්ඤය ෂයිලොක් මිනීමැරිල්ලට විරුද්ධ වුණා. ස්පාඤ්ඤය විසින් ගාසා මිනීමැරිල්ල ප්‍රසිද්ධි ම හෙලා දැකලා තියෙනවා. ට්‍රම්ප් - බිබී මිනීමරු හවුල එකතුවෙලා ඉරානයට බෝම්බ ගහන වැඩේට තමන්ගේ රටේ තියෙන මොරෝන් (Morón) ගුවන් හමුදා කඳවුර පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා ස්පාඤ්ඤය කිව්වා. ඒක ස්පාඤ්ඤ සහ ඇමෙරිකානු ගුවන් හමුදා හවුලේ පාවිච්චි කරන කඳවුරක්. ඊට අමතරව, ඊශ්‍රායලය එක්ක කරන වෙළෙඳ ගනුදෙනු සීමා කරන්න කියලා ස්පාඤ්ඤය යුරෝපා සංගමයට බල කරනවා.

ඉතින් ස්පාඤ්ඤයේ මේ අවනත නැතිකම ඉවසන්න ට්‍රම්ප් සහ බිබීගේ මිනීමරු හවුල සූදානම් නෑ.

පසුගිය ජුලි 1 වැනි දා, උතුරු ඩැකෝටාවේ තියඩෝර් රූස්වෙල්ට් පුස්තකාලය විවෘත කරපු උත්සවයේ දී කතා කරපු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා “ස්පාඤ්ඤය හොඳින් හැසිරෙන්නේ නෑ. උන් හොඳ පාඩමක් ඉගෙනගනීවි” (“Spain not behaving nicely, they will learn”) කියලා කිව්වා. ඊට සතියකට පස්සේ, ජුලි 8 වැනි දා, තුර්කියේ අන්කාරා නගරයේ දී පවත්වපු නේටෝ සමුළුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතාමත් තදින් ස්පාඤ්ඤය විවේචනය කළා. “ස්පාඤ්ඤය වෙනුවෙන් කරන දේවල්වලින් සත පහක වැඩක් නෑ. අපි තවදුරටත් ස්පාඤ්ඤයත් එක්ක වෙළෙඳ ගනුදෙනු කරන්න ඕන නෑ” ("Spain is a wasted cause. We don't want to do any trade business with Spain anymore") කියලා ඔහු බෙරිහන් දුන්නා.

ට්‍රම්ප් එතැනින් නැවැතුණේ නෑ. ජුලි 31 වැනි දා, කෑම්ප් ඩේවිඩ් කඳවුරේ දී, විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වපු ඔහු “ඔබ දන්නවා. මම ඊයේ දැක්කා ස්පාඤ්ඤයේ සිද්දවෙච්ච දේ. මම ඒ ව්‍යසනය නැරැඹුවා. ඒක හරියට ලක්‍ෂ ගානක් මිනිස්සු රටක් ආක්‍රමණය කරනවා වගේ වැඩක්” ("You know I saw Spain yesterday, and I watched the catastrophe that took place. It looks like an invasion of a country by hundreds of thousands of people,") කියලා කිව්වා. ඒ කියන්නේ, ට්‍රම්ප් උන්නැහේ ස්පාඤ්ඤයට එල්ලවෙච්ච මොරොක්කෝ ආක්‍රමණය දිහා හොඳින් බලාගෙන ඉඳලා තියෙනවා.

ඉතින් සෙවුතාවට එල්ල කරපු ආක්‍රමණය මොරොක්කෝවේ තනි හපන්කමක් කියලා හිතන්න බෑ. ඒ සිදුවීම පැහැදිළිව ම ස්පාඤ්ඤයට “පාඩමක් උගන්නන්න” කරපු වැඩක්. මොරොක්කෝව කියන්නේ ඒ වැඩේ වෙනුවෙන් යොදාගත්ත අතකොළුවක් විතරයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.
2060 වසරේ ලෝක විනාශය ගැන ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් කළ ලෝක ප්‍රකට විද්‍යාඥ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් (Sir Isaac Newton) යනු භෞතික විද්‍යාව සහ ගණිතය මෙන්ම බයිබලීය ලියවිලි පිළිබඳව ද දැඩි අධ්‍යයනයක නිරත වූ පුද්ගලයෙකි. ඔහුගේ පෞද්ගලික සටහන් සහ ලිපි ලේඛන පදනම් කරගනිමින් හෙළි වී ඇත්තේ, 2060 වසරේදී ලෝකයේ පැවැත්ම පිළිබඳ විශාල වෙනසක් සිදු වන බවට ඔහු ගණනය කිරීමක් සිදු කර ඇති බවයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර පුරා දින ගණනාවක් තිස්සේ ලේ වැගිරෙමින් තිබුණි. දින ගණනාවක් තිස්සේ රූපවාහිනී තිර මත සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ උමතු ලෙස දිව යන කල්ලි ,ඉන්දීය ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාර, මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු පරිශ්‍රයම පෙර නොවූ විරෝධතා පවත්වන්නන්ගේ දර්ශන වලින් පිරී තිබුණි. සිසුන්ගේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ විරෝධතා ඉතා ඉක්මනින් වඩාත් භයානක කැරැල්ලක් බවට පරිවර්තනය විය. බැලූ බැල්මටම කැරැල්ල ඉන්දියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අත්තිවාරම්වලට තර්ජනයක් වන සංවිධානාත්මක, හොඳින් අරමුදල් සපයන ලදක් බව පෙනෙන්නට තිබුණි.
ලෝක ආර්ථිකයම කඩාගෙන වැටෙන්න ගියපු මහා තෙල් අර්බුදයක් ගැන ගිය මාසේ කතා වුණා මතකද? ඉරානයත් එක්ක ඇතිවුන යුදමය තත්ත්වය හින්දා "ගුවන් ගමන් ඔක්කොම නවතියි", "පෙට්‍රල් මිල පස්ගුණයකින් ඉහළ යයි", "මුළු ලෝකෙම කළුවරේ ඉන්න වෙයි" කියලා ලෝකේ ඉන්න ආර්ථික විශේෂඥයෝ හැමෝම අනාවැකි කිව්වා. මේ කතාවල කිසිම බොරුවක් තිබුණේ නෑ. ඒගොල්ලන්ගේ ගණනය කිරීම් හරියටම හරි.
විරුද්ධත්වය යන්නෙන් සැමවිටම අදහස් කරන්නේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වය, තුවක්කු සටන්, සමූලඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හෝ පුපුරණ ද්‍රව්‍ය සිටුවීම නොවේ. එම කාචයෙන් පමණක් ප්‍රතිරෝධය බැලීමට පුරුදු වී සිටින එල්ටීටීඊ සහ එහි ආධාරකරුවන් ඉන්දියාවේ කැරපොත්ත ජනතා පක්ෂයෙන් (සීජේපී) ඉගෙන ගත යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට දේශපාලන විරෝධතා සඳහා වඩා නිර්මාණාත්මක හා ඵලදායී ආකාර ඇති බවයි.
අවුමිල්දාරයෝ (Aumildars) ගැන කතාව කියන්නම්. (ඇත්තෙන්ම, මට මේ කතාව කියන්න උනන්දුවක් ඇතිවුණේ අපේ පියසිරි අමරකෝන් මහත්මයා ලියපු “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?” කියන පොත කියවන්න පටන්ගත්තාට පස්සේ).
වසර 1700කට පමණ පෙර භාවිතයෙන් ඉවත්ව අභාවයට ගොස් තිබූ භාෂාවකට නැවත පණ දෙමින් ඊශ්‍රායලය සිදුකළ ඓතිහාසික භාෂා විප්ලවය පිළිබඳව 'Next page' අන්තර්ජාල නාලිකාව (Isuru Prasanga) විසින් විශේෂ වීඩියෝ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..

රට දැන් අමුතුම තැනකට යමින් ඇති බවත් එය උසාවියේ සිටින අයට තේරුම් ගත හැකි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "විශාල මට්ටමේ" ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් කිහිපයක පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සෙනසුරාදා(01) දින මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ඇමරිකානුවන්ට අනතුරු අඟවා, කලාපයෙන් පිටව යාම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..

සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.