News Category
From Date
To Date
Maximum Number of Result

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

Jun 6, 2026 at 12:17 PM
|

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය. 

අවසන් වරට පළාත් සභා ඡන්දය පවත්වන ලද්දේ 2014 දීය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධූර කාලයේදීය. බස්නාහිර සහ දකුණු පළාතේ පළාත් සභා ඡන්දය 2014 මාර්තු මාසයේදී පැවැත්වුණු අතර ඌව පළාතේ ඡන්දය 2014 සැප්තැම්බර් මාසයේදී පැවැත්විණි.

ත්‍රස්තවාදය පරාජය කර වසර 5 කට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් උතුරු පළාත් සභා ඡන්දය 2013 සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු අතර, විනාශයට පත්වූ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ අතකොළුවක් වී සිටි දෙමළ ජාතික සන්ධානය ආසන 38 න් 30 ක් ජයග්‍රහණය කළේය. ඉතිරි ආසන 8 එක්සත් ජනතා නිදහස් සන්ධානය (7) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය (1) අතර බෙදී ගියේය. උතුරු පළාත් ඡන්දය පැවැත්වුණේ වසර 25 කට පසුවය.

යහපාලන සමයේදී (2018 සහ 2019 වසර දෙකේදී) සියලුම පළාත් සභාවල කාලය අවසන් වූ අතර එතැන් සිට මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා ක්‍රියාත්මක විය. යහපාලන හවුල්කරුවන් වූ එජාපය සහ ශ්‍රීලනිපය 2018 පෙබරවාරි මාසයේදී වෙන වෙනම පළාත් පාලන ඡන්දයට තරග කර ලැබූ අන්ත පරාජයෙන් පසුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පළාත් සභා ඡන්දය අමතක කර දැමීම පුදුමයට කාරණයක් නොවේ.

පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දු-ඇමෙරිකානු පාලන තන්ත්‍ර (රෙජීම් චේන්ජ්) වෙනස් කිරීමේ මෙහෙයුමෙන් ජනාධිපති ධූරයට පත්වූ පොහොට්ටු ජනාධිපතිගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහ ද (2019-2024) පළාත් සභා ඡන්දය නොපැවැත්වූ අතර, ජවිපෙ/ජාජබ නායක ජනාධිපති අනුර කුමාර දිසානායකට ද පළාත් සභා ඡන්දය පැවැත්වීමට උනන්දුවක් තිබෙන බවක් නොපෙනේ.

ඉන්දියාවේ නිහඬතාව සහ ජවිපෙ ස්ථාවරය

ඉන්දියාව ද පළාත් සභා පිළිබඳව නිහඬය. ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ කළ සංචාරයකින් පසුව, අසෝක ඩයස් මෙහෙයවන සිරස "පැතිකඩ" වැඩසටහනේදී තමන් ඉහළ ඉන්දීය නායකත්වය සමඟ කළ සාකච්ඡාවලදී පළාත් සභා මැතිවරණය මාතෘකාවක් නොවූ බව අවධාරණය කළේය. ජවිපෙ මහ ලේකම්වරයා පසුගියදා යාපනයේදී 2026 වසරේදී එම ඡන්දය නොපැවැත්වෙන බව ප්‍රකාශ කළේය. ඊට ප්‍රධාන හේතුව වශයෙන් ජවිපෙ ප්‍රබලයා සඳහන් කළේ, එම ඡන්දය පැවැත්වීමට වෙන්කළ මුදල් "දිවිත්ව" සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට වැය කිරීමයි.

ජවිපෙ මහ ලේකම්වරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලේඛකයා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ විමසුමකට, තමන් ප්‍රතිචාර නොදක්වන බව එහි ප්‍රකාශිකාවක පැවසුවාය.

මනෝ ගනේෂන් මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

නමුත් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පළාත් සභා මෙන්ම ඉන්දියාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ 13 වැනි සංශෝධනය පිළිබඳව ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. යහපාලන කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ ගනේෂන් මෙම ලේඛකයා කළ විමසීමකට පසුගියදා දුන් පිළිතුර, ඇත්ත වශයෙන්ම පළාත් සභා ක්‍රමය පමණක් නොව ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ද නව සාකච්ඡාවකට පදනම විය යුතුය.

වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සජබ නියෝජනය කරන ගනේෂන් මන්ත්‍රීවරයාට මෙම ලේඛකයා යොමු කළ ප්‍රශ්නය වූයේ: "පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඉන්දියාවේ බලපෑම තමන්ට අවශ්‍යද? ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කරනවාද?" යන්නයි.

සජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ගනේෂන් අවධාරණය කළේ, පළාත් සභා ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඉන්දියාව දේශපාලනිකව සහ යුදමය වශයෙන් ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම තුළ විමසා බැලිය යුතු වුවත්, මොන යම්ම තත්ත්වයක් යටතේවත් නැවතත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගත යුතු නැති බවයි. පළාත් සභා ඡන්දය පැවැත්වුවත් නැතත්, තමන් කිසිසේත්ම ඉන්දියාවේ මැදිහත් වීමක් බලාපොරොත්තු නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

මහත් ආන්දෝලනාත්මක 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ආකාරය, ප්‍රමාණය මෙන්ම එය අහෝසි කරනවා ද යන කරුණු කාරණා රට තුළ සාකච්ඡා විය යුතු බවත්, බාහිර අතපෙවීම්වලින් තොරව ජාතික ප්‍රශ්නය විසඳා ගත යුතු බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා අවධාරණය කළේ පෙර වැරදි නැවතත් නොවිය යුතු බවයි.

"නව ගෝලීය ප්‍රවණතා සහ ඉන්දියාවේ ඉහළ ඉලක්ක අවධානයට ලක් කළ විට, තවදුරටත් නවදිල්ලියට 80 දශකයේ දේශපාලනයේ යෙදීමට අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිවයුතු නැත." - මනෝ ගනේෂන්

දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව පුදුමය පළ කළ අතර, තතු දත් ආරංචි මාර්ග විශ්වාසදායකව පැවසුවේ ඉන්දියාවට සහ තමිල්නාඩුවේ නව රජයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ගේ උපාය මාර්ගය වෙනස් කර ඇති බවයි. ගෝලීය සහ කලාපීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉන්දියාව සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළ ගනේෂන් මන්ත්‍රීවරයා, ජාතික ගැටලුව නිරාකරණය කිරීමේදී පළාත් සභා සහ 13 වැනි සංශෝධනය තුළ හිරවීමට අවශ්‍ය නොවන බව ද ප්‍රකාශ කළේය. ගැටලු නිරාකරණයේදී දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ නොහැකි බවත්, යුද්ධය අවසන් වී වසර 18 ක් ගතවී ඇති මේ මොහොතේ රට තුළ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. බටහිර මැදිහත් වීම් සම්බන්ධයෙන් තමන්ට කීමට ඇත්තේ ඉන්දියාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසම බව ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ බටහිර මැදිහත් වීම් සහ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ගනේෂන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය, ශ්‍රී ලාංකීය දෙමළ (ඩයස්පෝරාව ද ඇතුළුව) ප්‍රජාව මෙතෙක් කල් අනුගමනය කළ ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම පටහැනිය. එම ප්‍රකාශය ඔවුන්ට හිසරදයකි; අනපේක්ෂිත අභියෝගයකි. වහාම ක්‍රියාත්මක නොවුවහොත් කළමනාකරණය කර ගත නොහැකි ප්‍රශ්නයක් විය හැකිය.

ගෙවිඳු කුමාරතුංග මහතාගේ විග්‍රහය

ගනේෂන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය අගය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ, නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළ නව තත්ත්වය විමසා බැලිය යුතු බවයි. ඉන්දීය ප්‍රතිපත්තිය/උපාය මාර්ගය සැලකිය යුතු පරිවර්තනයකට ලක්වීම තුළ ඉන්දියාව සමඟ කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට තමන්ගේ දේශපාලන ක්‍රියාන්විත වෙනසකට භාජනය කිරීමට සිදුවී ඇති බව ඔහුගේ අදහසයි.

භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ 2025 අප්‍රේල් මාසයේදී අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳීමෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක් දුන් බවත්, එය අප තේරුම් ගත යුතු බවත් පැවසූ හිටපු මන්ත්‍රීවරයා, 80 දශකයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය සහ සමස්ත ක්‍රියාකලාපය තුළ විමසා බැලිය යුතු බව අවධාරණය කළේය.

ඉන්දියාව සමඟ ගැටලුකාරී තත්ත්වයක් වළක්වා ගනිමින් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චීනය සහ පාකිස්තානය සමඟ ඉතාමත් කුළුපගව සම්බන්ධතා පැවැත්වූ ආකාරය මතක් කළ කුමාරතුංග, ගනේෂන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා නව තලයකට ඔසවා තැබීමට ස්වර්ණමය අවස්ථාවක් බව පැවසීය. ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව පෙළුණු අතර ඉන්දියාව ද ඊට ඉහළ වන්දියක් ගෙවූ බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. යුද හමුදා ජීවිත 1,500 ක් අහිමි වීම සහ ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය වීමට ඉන්දියාව වගකිව යුතු බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පළාත් සභා ඡන්ද පැවැත්වීමට අභියෝග කිරීම පසෙකලා, 13 සංශෝධනයට එරෙහිව සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපාරයට එදා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස එකතුවීම සැලකිල්ලට ගතයුතු බව ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය. වසර 2014 සිට පළාත් සභා ඡන්දය පැවැත්වූයේ නැතිනම්, වර්තමාන අවශ්‍යතාව පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කිරීම නොවන බව ද ඔහු පැවසීය.

පැෆරල් සංවිධානයේ මැදිහත් වීම සහ සර්වපාක්ෂික එකඟතාව

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ යෝජනාවට අනෙකුත් දෙමළ පක්ෂ එකතු කර ගැනීම පහසු නැත. පසුගියදා පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එකී ඡන්ද විමසීම පැවැත්වීමේ ක්‍රමය පිළිබඳව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයන් මෙන්ම නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද සම්බන්ධ වී සිටි එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, පළාත් සභා මැතිවරණය කල්යෑමට හේතුවූ කරුණු මෙන්ම කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්විය. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් එහි නායක පා.ම. මනෝ ගනේෂන් එම සාකච්ඡාවට සහභාගි විය.

එම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ යද නිරීක්ෂණ සංවිධාන 42 අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පා.ම. ශානක්‍යන් රාසමාණික්කම්, ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික එම්. අයි. මුරුගන් සහ අඛිල ඉලංගෙයි ද්‍රවිඩ මහාසභා පක්ෂය නියෝජනය කරමින් එහි නායක ආචාර්ය කේ. විග්නේෂ්වරන් විය. පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශය පැෆරල් සංවිධානය නිකුත් කළේය:

"2026 මැයි මස 26 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේදී පැෆරල් සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ අනෙකුත් නියෝජිතයින් වන අප, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමයට අනුව දැනට කල් තබා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ යෝජනාවට එකඟ වූ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසාන ප්‍රතිඵලය ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කිරීමට ද එකඟ විය. එමෙන්ම ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය 25% ක් ලෙස සහතික කිරීමට ද එකඟ විය."

මනෝ ගනේෂන් අවධාරණය කළේ පළාත් සභා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය දේශීයව විසඳා ගත යුතු බවයි. ලෙදත් විදේශීය අතපෙවීම්වලට එරෙහි වූ ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ මනෝ ගනේෂන් ඔහුගේ ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු කුමක් වුවත්, එතුමාගේ මේ අලුත් ස්ථාවරය රටට යහපත් බවයි. ඒ අනුව කටයුතු කළහොත් එතුමාව ජාතික නායකයකු ලෙස සිංහල ජනතාව ද පිළිගන්නා බවයි.

ඓතිහාසික පසුබිම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

සාකච්ඡා මාර්ගයෙන් උතුරු - නැගෙනහිර ප්‍රශ්නය විසඳා ගැනීමට ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ඉන්දියාවේ මැදිහත් වීමෙන් කළ උත්සාහය අවසන් වූයේ ඉන්දීය හමුදා ජීවිත 1,500 ක් අහිමි වීමෙනි. ඒ 1990 මාර්තු මාසයේදීය. ඊට වසරකට පසු ඉන්දියාවට රජීව් ගාන්ධි අහිමි විය. ඉන්දීය බලහත්කාරී මැදිහත් වීම තුළ 1987 ජූලි 29 වැනි දින කොළඹදී අත්සන් කළ ඉන්දු-ලංකා සාම ගිවිසුම හරහා නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ ඒකාබද්ධ කිරීම සිදුවිය. එය ඉන්දියාවේ සහ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කයක් විය. නව උතුරු-නැගෙනහිර පළාත පරිපාලන දිස්ත්‍රික්ක 8 කින් සමන්විත විය. උතුරේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් සහ නැගෙනහිර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය එම පරිපාලන දිස්ත්‍රික්කයන්ය.

ශ්‍රේෂ්ඨාධිකරණය 2006 ඔක්තෝබර් 16 වැනි දින හදිසි නීතිය යටතේ 1988 දී නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ ඒකාබද්ධ කිරීම නීති විරෝධී බවට ප්‍රකාශ කළේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය රටේ ඉහළම උසාවියට ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලෙසය. සිව්වන ඊළාම් යුද්ධය ඇවිළී තිබූ මොහොතකය. ඒ ඓතිහාසික වූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නායකත්වයෙන් ප්‍රකාශයට පත් කළේය. එම තීන්දුව ආක්‍රමණශීලී ඉන්දීය පිළිවෙතට එරෙහිව දුන් තීන්දුවක් ලෙස අර්ථකථනය කිරීමේ වරදක් නැත. එම තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනය ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා භූමිය ලෙයින් තෙත් කළ දිනයක් බවට පත් කළේය. ඒ නාවික හමුදා රථ පෙළකට දිගම්පතන ප්‍රදේශයේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවිකයින් 100 ක් පමණ ඝාතනය කිරීමෙනි. ඊට සමාන නාවිකයින් ප්‍රමාණයක් තුවාල ලැබූහ.

නව උපායමාර්ගික අනතුරු ඇඟවීම්

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ නව ප්‍රතිපත්තිය දැඩි සැකයක් උපදවන බව අවධාරණය කළ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර, එය සමස්ත නව ඉන්දීය උපාය මාර්ගයට අනුකූලව ක්‍රියාත්මක වන බව මෙම ලේඛකයා සමඟ පැවසීය. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය යුද බිමේදී පරාජය කළ ශ්‍රී ලංකාව නව දුෂ්ට උපාය මාර්ගයක ඉලක්කය වී ඇති බවට තමන්ට කිසිදු සැකයක් නැති බව ඔහු පැවසීය.

ඍජු ඇමෙරිකානු-ඉන්දීය මැදිහත් වීමෙන් 2022 දී කළ පාලන තන්ත්‍ර වෙනස් කිරීම තුළ බලයට පත්වූ ජවිපෙ නායකත්වය දරන ජාජබ ආණ්ඩුව ඉන්දීය ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම යටත් වීම අවධාරණය කළ බණ්ඩාර, තවදුරටත් දෙමළ පක්ෂ මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමට නවදිල්ලියට අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නේය.

"අග්‍රාමාත්‍ය මෝදි 2025 අප්‍රේල් මාසයේදී කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත සහ ඊට පසුව කොළඹ නැව් තටාකාංගනයේ බහුතර කොටස් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ සමාගමක් විසින් මිලදී ගැනීම අවධාරණය කරන භයානක තත්ත්වය රටක් වශයෙන් අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම ඛේදවාචකයකි. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ 1987 සිට ක්‍රම ක්‍රමයෙන් ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණයට අතපෙවූ ඉන්දියාව, ඊට පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ට ඕනෑ ආකාරයට හසුරුවමින් අද වන විට එහි බලය තහවුරු කර ගෙන ඇත. දෙමළ පක්ෂ හරහා අමුතුවෙන් දෙයක් කිරීමට අවශ්‍ය නැත; තම අවශ්‍යතාවන් සපුරාලීමට ජාජබ සූදානම් තත්ත්වය යටතේ සිංහල ප්‍රජාව රැවටීමට මනෝ ගනේෂන් වැනි පුද්ගලයින් හරහා කරන ප්‍රකාශ පිළිබඳව අප ප්‍රවේශම් විය යුතුය." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සමස්ත ඉන්දීය බල ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලංකා රජය සහ දෙමළ කතා කරන ප්‍රජාව දේශපාලනිකව හසුරුවන්න ක්‍රියාත්මක කළ 13 වැනි සංශෝධනයට එහා ගිය ඉන්දීය මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ අදහසයි.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා 2014 බලයට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක කර ඇති ආර්ථික-දේශපාලන-විදේශ-සමාජ පරිවර්තනය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. මෝදි බලයට පැමිණ වසරක් යෑමට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට 2015 දී ඉන්දියාව සැපයූ දායකත්වය, 2020-2022 ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් කළ මූල්‍ය මැදිහත් වීම, 2022 පාලන තන්ත්‍ර වෙනස කිරීමට සම්බන්ධ වීම සහ අවසානයේ මෝදි - අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර සහයෝගිතාව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාව අතිශය ආන්දෝලනාත්මක මාවතකට ඇතුළු කර ඇත. ශ්‍රී ලංකාවට සුභ නොවන එම තත්ත්වය අවධාරණය කිරීමට කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මෑතකදී කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී කළ ප්‍රකාශයක් ඒ ආකාරයෙන්ම උපුටා දැක්වීම සුදුසු යැයි සිතේ.

මහ කොමසාරිස්වරයා: "ඇත්තටම කියනවා නම්, මුහුදු මාර්ගයෙන් කොළඹ සහ චෙන්නායි අතර දුර දළ වශයෙන් කිලෝමීටර් 300 කි. නමුත් අපේ රටවල් දෙකේ ආසන්නතම ස්ථාන වන රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර දුර කිලෝමීටර් 30 කට පමණ වේ. කිලෝමීටර් 30 ක් පමණි. එහෙත්, ඍජු මාර්ගයක් නැත; දුම්රිය මාර්ගයක් නැත; බෝට්ටු සේවාවක් නැත; බලශක්ති ජාල සම්බන්ධතාවයක් නැත; නළ මාර්ගයක් නැත. අවංකවම, මෙය අසාමාන්‍ය තත්ත්වයකි. එය හරියට, දෙරට අතර බෙදාගත් බිත්තියකම දොරක් සාදාගත හැකිව තිබියදී, යාබද කාමර දෙකක් පිටතින් ඇති කොරිඩෝවකින් පමණක් සම්බන්ධ වී තිබෙනවා වැනි තත්ත්වයකි."

නමුත් එවැනි ඍජු රටවල් දෙක යා කිරීමක් ශ්‍රී ලංකාවට යහපතක් බව ප්‍රකාශ කරන පක්ෂ නායකයින් ද සිටිති. එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එයින් එක් අයෙකි.

දීර්ඝකාලීන වගකීම් විරහිත ආර්ථික කළමනාකරණය තුළ දරුණු පරිහානියකට පත්වී ඇති ශ්‍රී ලංකාවට අඩුවකට ඇත්තේ තවත් රටක් සමඟ ඍජුව සම්බන්ධ වීමට පාලමක් පමණි. හිටපු අමාත්‍ය සහ ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ 2024 ජනාධිපතිවරණයේදී පාත්මයින්ඩර් (Pathfinder) පදනම වෙනුවෙන් ප්‍රධාන අපේක්ෂකයින්ට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ තුළ ඔය යෝජිත පාලම ද තිබුණි. ඊට එහා දෙයක් කීමට අවශ්‍ය නැත; ඉන්දීය මහ කොමසාරිස්වරයා එළිපිටම අවධාරණය කර ඇත්තේ එම පාලමම බව අමුතුවෙන් කිවයුතු නැත.

- ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(දිවයින - 2026 ජූනි 07 වැනිදා)

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.