News Category
From Date
To Date
Maximum Number of Result

විදේශ ඇමැතිගේ දේශීය භාෂාව..

Mar 15, 2026 at 01:44 PM
|

චීන විදේශ ඇමැති වං යී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ මොන රැස්වීමකට ගියත්, කවුරු එක්ක සාකච්ඡා කළත්, ජනමාධ්‍යවේදියෝ එක්ක ගනුදෙනු කළත් ඒ හැම අවස්ථාවක ම ඔහු කතා කරන්නේ චීන භාෂාවෙන්. චීන විදේශ ඇමැතිතුමා මෙහෙම කටයුතු කරන්නේ ඔහුගේ පුද්ගලික හැකියා, නොහැකියා මුල් කරගෙන නෙවෙයි. තමන්ගේ රාජකාරි ගනුදෙනු හැම එකක් ම චීන භාෂාවෙන් කරන්න ඔහු බැඳිලා ඉන්නවා. මේක චීනයේ නීතියක්. “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” කියලයි මේක හැඳින්වෙන්නේ.

2000 අවුරුද්දේ ඔක්තෝබර් 31 වැනි දා සම්මත කරගත්ත “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” ගිය අවුරුද්දේ (2025 අවුරුද්දේ) දෙසැම්බර් 27 වැනි දා සංශෝධනය කළා. මේ සංශෝධනය මේ අවුරුද්දේ (2026 අවුරුද්දේ) ජනවාරි 1 වැනි දා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. චීනය පුරා ම පොදු උච්චාරණය (පු-තුං-හුවා, මැන්ඩරින්) භාවිතයටත් සරල කරපු සම්මත චීන අකුරු භාවිතයටත් මේ නීතියෙන් බලය ලැබෙනවා.

චීනය කියන්නේ ජනවර්ග 56 ක් ඉන්න රටක්. ඒ අතරින් බහුතරය (සීයට 92 ක් ම) හන් මිනිස්සු. මෙන්න මේ බහුතරයේ භාෂාවට තමයි අපි “චීන භාෂාව” කියලා කියන්නේ. ඇත්තෙන්ම, මේක “හන් භාෂාව” කියලත් හැඳින්වෙනවා. චීන ආණ්ඩුව වැඩ කරන්නේ මේ භාෂාවෙන්. ඉතින් රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය, කලාව සහ සාහිත්‍යය, වෙළෙඳාම කියන මේ හැම ක්‍ෂේත්‍රයක ම හන් භාෂාවට ප්‍රමුඛත්වය ලැබෙනවා. සුළු ජනවර්ගවල අයට තම තමන්ගේ භාෂා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒ හැම කෙනෙක්මත් හන් භාෂාව ඉගෙනගන්නවා. එහෙම නො කර හිටියොත් තම තමන්ගේ අඩවිවලට සීමාවෙලා ඉන්නවා ඇරෙන්න රට පුරා දුවලා පැනලා චීනයේ සමාජ - ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳින්න අවස්ථාවක් ඒ අයට ලැබෙන්නේ නෑ.

චීනය කියන්නේ මහ දැවැන්ත රටක් හින්දා හන් භාෂාවේ උච්චාරණයත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. සම්මත පොදු උච්චාරණයෙන් (පු-තුං-හුවා, මැන්ඩරින්) තමයි ඒ වෙනස නැති කරලා තියෙන්නේ. මේ පොදු උච්චාරණය නිර්මාණය කරගන්න මූලික විදිහට පෙයි-චිං අග නගරයේ  ප්‍රචලිත උච්චාරණය ගුරු කරගෙන තියෙනවා. 1956 දී තමයි සරල කරපු චීන අකුරු මුලින් ම හඳුන්වලා දුන්නේ. ඊට කලින් ලියපු චීන අකුරු හුඟක් සංකීර්ණයි. ඒ පරණ අකුරු “සම්ප්‍රදායික අකුරු” කියලා හඳුන්වනවා. සමහරු ඒවාට “සංකීර්ණ අකුරු” කියලත් කියනවා. සම්ප්‍රදායික අකුරුවල ඉරි වැඩියි. සරල අකුරුවල ඉරි අඩුයි. පරණ අකුරු සංකීර්ණයි. අලුත් අකුරු සරලයි. චීන මහ භූමියේ වැඩගන්නේ පොදු උච්චාරණයෙන් සහ සරල අකුරුවලින්. මෙන්න මේ පොදු උච්චාරණය සහ සරල කරපු අකුරු තමයි උඩින් කියපු නීතියෙන් ප්‍රවර්ධනය කරන්නේ.

භාෂා සම්මත හදලා, ඒවා භාවිතයට නීති පනවලා තියෙන්නේ විනෝදයට නෙවෙයි. ඉතින් චීනයේ රාජ්‍ය පාලනයට, අධ්‍යාපනය‍ට, ජනමාධ්‍ය ආයතනවලට සහ සමාජ මාධ්‍ය භාවිතයට, කලා සහ සාහිත්‍ය නිර්මාණවලට, ආර්ථික සහ වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ හැම ආයතනයක් ම මේ භාෂා භාවිතයට බැඳිලා ඉන්නවා. ඒ ආයතනවල වගකීම් පැවැරිලා තියෙන නායකයොත් මේ භාෂා භාවිත නීතියෙන් බැඳලා තියෙනවා. මේක අනිවාර්යය වගකීමක්. මොන විදිහකටවත් ඒ වගකීම අත්හරින්න බෑ.

2013 ඉඳලා 2023 දක්වා චීනයේ අගමැතිකම දරපු ලී ක-ඡියං ඉතාමත් චතුර විදිහට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් ඔහු තමන්ගේ රාජකාරි වැඩවල දී මොනම විදිහකින්වත් ඉංග්‍රීසි පාවිච්චි කළේ නෑ. ඒ හැම තැනක දී ම (විදේශ සංචාරවල දී පවා) ඔහු චීන භාෂාවෙන් ගනුදෙනු කළා. චීන භාෂාව නො දන්න කෙනෙක් එක්ක, විශේෂයෙන් ම විදේශ පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරනවා නම් පරිවර්තකයෙක්ගේ සේවය ලබාගන්න ඕන. ලෝකයේ පාවිච්චි කරන හුඟක් භාෂා චීනයේ උගන්නන හින්දා ඒ ඒ පාර්ශ්වයට අදාළ පරිවර්තකයෝ හොයාගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.

“ලෝක විශ්වවිද්‍යාල සභාපතිවරියන්ගේ සංසදය” කියලා සංවිධානයක් තියෙනවා. විවිධ රටවල්වල විශ්වවිද්‍යාල කුලපති, උප කුලපති, සභාපති ධුර දරන කාන්තාවෝ තමයි මේ සංසදය නියෝජනය කරන්නේ. 2013 අවුරුද්දේ මේ සංසදයේ රැස්වීමක් චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ දවස්වල මේ සංසදයේ නායකත්වය හෙබෙව්වේ තුර්කියේ මහාචාර්යවරියක්. සංසද රැස්වීමේ දී ඇය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ කතාව විශ්වවිද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් චීන භාෂාවට පරිවර්තනය කළා. ඒ කතාවෙන් පස්සේ චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ උප සභාපතිනිය සංසදය ඇමැතුවා. ඇය කතා කළේ චීන භාෂාවෙන්. ඒ කතාව තවත් කෙනෙක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒ කතාව මැද්දෙදි පරිවර්තන වැඩේ මොහොතකට නවත්වපු චීන මහාචාර්යතුමිය පරිවර්තිකාව කරපු වැරැද්දක් ඉංග්‍රීසියෙන් හැදුවා. (ඒ කියන්නේ, ඇයට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි පුළුවන්). ඒ වැරැද්ද හදපු මහාචාර්යතුමිය ආයෙත් චීන භාෂාවෙන් තමන්ගේ කතාව කරගෙන ගියා. චීන බැරි අය ඒ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ඇහුවා.

චීනයේ වගකීම් දරන අය තමන්ට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂා හැකියාව තිබිලත් ජාත්‍යන්තර සමුළුවල දී පවා චීන භාෂාවෙන් කතාකිරීමේ අරමුණක් තියෙනවා. ඕනෑ ම කෙනෙක්ට තමන්ගේ අදහස් ඉතාමත් නිරවුල්ව සහ පැහැදිළිව ප්‍රකාශ කරන්නේ පුළුවන් මව් භාෂාවෙන්. ඒ භාෂාව ඉතාමත් හොඳින් උගන්නන රටක මිනිස්සුන්ට මේ හැකියාව ඉතාමත් හොඳින් පිහිටලා තියෙනවා. (තමන්ගේ විෂයය ධාරාව මොකක් වුනත් චීනයේ උසස් පෙළ පන්තිවල ඉගෙනගන්න හැම ළමයෙක් ම චීන භාෂාව ඉගෙනගන්න ඕන. සරසවි ප්‍රවේශ විභාගයේ දී අනිවාර්යය චීන භාෂා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නත් ඕන. මේක සුළු වාර්ගික ළමයින්ටත් අදාළයි).

තමන්ගේ භාෂාව මේ විදිහට ප්‍රවර්ධනය කිරීමෙන් ජාතික එකමුතුකම ශක්තිමත් වෙනවා. හැම කෙනෙක්ට ම සමාන අවස්ථා හිමි කරගැනීමේ වරම සහතික කරනවා. හැම කෙනෙක් ම එකා වගේ තමන්ගේ රටේ සමාජ - ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. තමන් චීන මිනිස්සු කියන හැඟීම ඉතාමත් ශක්තිමත් විදිහට ඇති කරගැනීමටත් මේ කාර්යය උදව්වෙනවා. ඊට අමතරව, චීන ජාතියේ අභිමානය සහ ගරුත්වය ඉහළින් ඔසවලා දක්වන්නත් මේ හරහා අවස්ථාවක් ලැබෙනවා.

2026 ජනවාරි ඉඳලා ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත නීතියෙන් ඩිජිටල් අවකාශවල චීන භාෂා භාවිතය තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. රජයේ ආයතනවල වෙබ් අඩවිවල සහ ඇප්වල චීන භාෂා භාවිතය තහවුරු කෙරෙනවා. (අපේ හුඟක් විශ්වවිද්‍යාල තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මේ ඉංග්‍රීසි පමණක් රෝගය ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙනුත් බලාගන්න පුළුවන්). භාෂා සම්මත බිඳින අයට දඬුවම් කිරීමේ විධිවිධානත් අලුත් සංශෝධනවලින් හඳුන්වලා දීලා තියෙනවා. වෙනත් අයගේ භාෂා අධ්‍යාපනයට බාධා කරන අයට දඬුවම්කිරීමත් මේ යටතේ සිද්දවෙනවා. ජාත්‍යන්තර වේදිකාවල දී පවා චීන භාෂාව භාවිතාකිරීමේ අනිවාර්ය අවශ්‍යතාව අලුත් සංශෝධනවලින් අවධාරණය කරලා තියෙනවා.

විවිධ විෂයයන්ට අයිති පාරිභාෂික වචන විතරක් නෙවෙයි විදේශ නිෂ්පාදනවල වෙළෙඳ නම් පවා චීන භාෂාවෙන් නිර්මාණය වෙනවා. ඉතින් කොකාකෝලා, ස්ටාර් බක්ස්, පීසා හට්, හොන්ඩා, යමහා වගේ විදේශ වෙළෙඳ නම් චීනයේ දකින්න නෑ. ඒවායේ චීන නම් තමයි ඒ වෙළෙඳපොළේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. රටවල්වල, නගරවල නම්වලට අමතරව පුද්ගලයන්ගේ නම් පවා චීනයේ දී චීන වෙනවා. ලෙඩවල නම්, බටහිර බෙහෙත්වල නම් පවා චීනයේ දී චීන වෙනවා. මේ වැඩ වෙනුවෙන් ඉවරයක් නැතුව චීන වචන හැදිල්ලත් චීනයේ සිද්දවෙනවා. ඉතින් චීන මිනිස්සුන්ට තමන්ගේ භාෂාවෙන් වැඩ කරගැනීමේ පරිසරය ඉතාමත් හොඳින් තහවුරු කෙරිලා තියෙනවා.

දේශපාලන, ආර්ථික, සංස්කෘතික ස්වෛරීත්වය නැති කරගෙන ඉන්න අපි මෙහෙම හිතන්නේ නෑ. හැම දෙයක් ම ඉංග්‍රීසියෙන් කරන්න ඕන කියලා අපි හිතනවා. මේ හරහා අපි අපේ මිනිස්සුන්ගේ භාෂා අයිතිය නැති කරගෙන තියෙනවා. ඒ වගේ ම, නිරවුල්ව හිතන්න බැරි ජාතියක් අපි නිර්මාණය කරගනිමින් ඉන්නවා. මේ වහල්කමින් ගොඩ එන ගමන අපි දැන්වත් ආරම්භ කළ යුතුයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

(2026 මාර්තු 15 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 32 වැනි කොටස)

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.