News Category
From Date
To Date
Maximum Number of Result

විදේශ ඇමැතිගේ දේශීය භාෂාව..

Mar 15, 2026 at 01:44 PM
|

චීන විදේශ ඇමැති වං යී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ මොන රැස්වීමකට ගියත්, කවුරු එක්ක සාකච්ඡා කළත්, ජනමාධ්‍යවේදියෝ එක්ක ගනුදෙනු කළත් ඒ හැම අවස්ථාවක ම ඔහු කතා කරන්නේ චීන භාෂාවෙන්. චීන විදේශ ඇමැතිතුමා මෙහෙම කටයුතු කරන්නේ ඔහුගේ පුද්ගලික හැකියා, නොහැකියා මුල් කරගෙන නෙවෙයි. තමන්ගේ රාජකාරි ගනුදෙනු හැම එකක් ම චීන භාෂාවෙන් කරන්න ඔහු බැඳිලා ඉන්නවා. මේක චීනයේ නීතියක්. “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” කියලයි මේක හැඳින්වෙන්නේ.

2000 අවුරුද්දේ ඔක්තෝබර් 31 වැනි දා සම්මත කරගත්ත “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” ගිය අවුරුද්දේ (2025 අවුරුද්දේ) දෙසැම්බර් 27 වැනි දා සංශෝධනය කළා. මේ සංශෝධනය මේ අවුරුද්දේ (2026 අවුරුද්දේ) ජනවාරි 1 වැනි දා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. චීනය පුරා ම පොදු උච්චාරණය (පු-තුං-හුවා, මැන්ඩරින්) භාවිතයටත් සරල කරපු සම්මත චීන අකුරු භාවිතයටත් මේ නීතියෙන් බලය ලැබෙනවා.

චීනය කියන්නේ ජනවර්ග 56 ක් ඉන්න රටක්. ඒ අතරින් බහුතරය (සීයට 92 ක් ම) හන් මිනිස්සු. මෙන්න මේ බහුතරයේ භාෂාවට තමයි අපි “චීන භාෂාව” කියලා කියන්නේ. ඇත්තෙන්ම, මේක “හන් භාෂාව” කියලත් හැඳින්වෙනවා. චීන ආණ්ඩුව වැඩ කරන්නේ මේ භාෂාවෙන්. ඉතින් රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය, කලාව සහ සාහිත්‍යය, වෙළෙඳාම කියන මේ හැම ක්‍ෂේත්‍රයක ම හන් භාෂාවට ප්‍රමුඛත්වය ලැබෙනවා. සුළු ජනවර්ගවල අයට තම තමන්ගේ භාෂා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒ හැම කෙනෙක්මත් හන් භාෂාව ඉගෙනගන්නවා. එහෙම නො කර හිටියොත් තම තමන්ගේ අඩවිවලට සීමාවෙලා ඉන්නවා ඇරෙන්න රට පුරා දුවලා පැනලා චීනයේ සමාජ - ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳින්න අවස්ථාවක් ඒ අයට ලැබෙන්නේ නෑ.

චීනය කියන්නේ මහ දැවැන්ත රටක් හින්දා හන් භාෂාවේ උච්චාරණයත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. සම්මත පොදු උච්චාරණයෙන් (පු-තුං-හුවා, මැන්ඩරින්) තමයි ඒ වෙනස නැති කරලා තියෙන්නේ. මේ පොදු උච්චාරණය නිර්මාණය කරගන්න මූලික විදිහට පෙයි-චිං අග නගරයේ  ප්‍රචලිත උච්චාරණය ගුරු කරගෙන තියෙනවා. 1956 දී තමයි සරල කරපු චීන අකුරු මුලින් ම හඳුන්වලා දුන්නේ. ඊට කලින් ලියපු චීන අකුරු හුඟක් සංකීර්ණයි. ඒ පරණ අකුරු “සම්ප්‍රදායික අකුරු” කියලා හඳුන්වනවා. සමහරු ඒවාට “සංකීර්ණ අකුරු” කියලත් කියනවා. සම්ප්‍රදායික අකුරුවල ඉරි වැඩියි. සරල අකුරුවල ඉරි අඩුයි. පරණ අකුරු සංකීර්ණයි. අලුත් අකුරු සරලයි. චීන මහ භූමියේ වැඩගන්නේ පොදු උච්චාරණයෙන් සහ සරල අකුරුවලින්. මෙන්න මේ පොදු උච්චාරණය සහ සරල කරපු අකුරු තමයි උඩින් කියපු නීතියෙන් ප්‍රවර්ධනය කරන්නේ.

භාෂා සම්මත හදලා, ඒවා භාවිතයට නීති පනවලා තියෙන්නේ විනෝදයට නෙවෙයි. ඉතින් චීනයේ රාජ්‍ය පාලනයට, අධ්‍යාපනය‍ට, ජනමාධ්‍ය ආයතනවලට සහ සමාජ මාධ්‍ය භාවිතයට, කලා සහ සාහිත්‍ය නිර්මාණවලට, ආර්ථික සහ වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ හැම ආයතනයක් ම මේ භාෂා භාවිතයට බැඳිලා ඉන්නවා. ඒ ආයතනවල වගකීම් පැවැරිලා තියෙන නායකයොත් මේ භාෂා භාවිත නීතියෙන් බැඳලා තියෙනවා. මේක අනිවාර්යය වගකීමක්. මොන විදිහකටවත් ඒ වගකීම අත්හරින්න බෑ.

2013 ඉඳලා 2023 දක්වා චීනයේ අගමැතිකම දරපු ලී ක-ඡියං ඉතාමත් චතුර විදිහට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් ඔහු තමන්ගේ රාජකාරි වැඩවල දී මොනම විදිහකින්වත් ඉංග්‍රීසි පාවිච්චි කළේ නෑ. ඒ හැම තැනක දී ම (විදේශ සංචාරවල දී පවා) ඔහු චීන භාෂාවෙන් ගනුදෙනු කළා. චීන භාෂාව නො දන්න කෙනෙක් එක්ක, විශේෂයෙන් ම විදේශ පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරනවා නම් පරිවර්තකයෙක්ගේ සේවය ලබාගන්න ඕන. ලෝකයේ පාවිච්චි කරන හුඟක් භාෂා චීනයේ උගන්නන හින්දා ඒ ඒ පාර්ශ්වයට අදාළ පරිවර්තකයෝ හොයාගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.

“ලෝක විශ්වවිද්‍යාල සභාපතිවරියන්ගේ සංසදය” කියලා සංවිධානයක් තියෙනවා. විවිධ රටවල්වල විශ්වවිද්‍යාල කුලපති, උප කුලපති, සභාපති ධුර දරන කාන්තාවෝ තමයි මේ සංසදය නියෝජනය කරන්නේ. 2013 අවුරුද්දේ මේ සංසදයේ රැස්වීමක් චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ දවස්වල මේ සංසදයේ නායකත්වය හෙබෙව්වේ තුර්කියේ මහාචාර්යවරියක්. සංසද රැස්වීමේ දී ඇය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ කතාව විශ්වවිද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් චීන භාෂාවට පරිවර්තනය කළා. ඒ කතාවෙන් පස්සේ චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ උප සභාපතිනිය සංසදය ඇමැතුවා. ඇය කතා කළේ චීන භාෂාවෙන්. ඒ කතාව තවත් කෙනෙක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒ කතාව මැද්දෙදි පරිවර්තන වැඩේ මොහොතකට නවත්වපු චීන මහාචාර්යතුමිය පරිවර්තිකාව කරපු වැරැද්දක් ඉංග්‍රීසියෙන් හැදුවා. (ඒ කියන්නේ, ඇයට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි පුළුවන්). ඒ වැරැද්ද හදපු මහාචාර්යතුමිය ආයෙත් චීන භාෂාවෙන් තමන්ගේ කතාව කරගෙන ගියා. චීන බැරි අය ඒ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ඇහුවා.

චීනයේ වගකීම් දරන අය තමන්ට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂා හැකියාව තිබිලත් ජාත්‍යන්තර සමුළුවල දී පවා චීන භාෂාවෙන් කතාකිරීමේ අරමුණක් තියෙනවා. ඕනෑ ම කෙනෙක්ට තමන්ගේ අදහස් ඉතාමත් නිරවුල්ව සහ පැහැදිළිව ප්‍රකාශ කරන්නේ පුළුවන් මව් භාෂාවෙන්. ඒ භාෂාව ඉතාමත් හොඳින් උගන්නන රටක මිනිස්සුන්ට මේ හැකියාව ඉතාමත් හොඳින් පිහිටලා තියෙනවා. (තමන්ගේ විෂයය ධාරාව මොකක් වුනත් චීනයේ උසස් පෙළ පන්තිවල ඉගෙනගන්න හැම ළමයෙක් ම චීන භාෂාව ඉගෙනගන්න ඕන. සරසවි ප්‍රවේශ විභාගයේ දී අනිවාර්යය චීන භාෂා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නත් ඕන. මේක සුළු වාර්ගික ළමයින්ටත් අදාළයි).

තමන්ගේ භාෂාව මේ විදිහට ප්‍රවර්ධනය කිරීමෙන් ජාතික එකමුතුකම ශක්තිමත් වෙනවා. හැම කෙනෙක්ට ම සමාන අවස්ථා හිමි කරගැනීමේ වරම සහතික කරනවා. හැම කෙනෙක් ම එකා වගේ තමන්ගේ රටේ සමාජ - ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. තමන් චීන මිනිස්සු කියන හැඟීම ඉතාමත් ශක්තිමත් විදිහට ඇති කරගැනීමටත් මේ කාර්යය උදව්වෙනවා. ඊට අමතරව, චීන ජාතියේ අභිමානය සහ ගරුත්වය ඉහළින් ඔසවලා දක්වන්නත් මේ හරහා අවස්ථාවක් ලැබෙනවා.

2026 ජනවාරි ඉඳලා ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත නීතියෙන් ඩිජිටල් අවකාශවල චීන භාෂා භාවිතය තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. රජයේ ආයතනවල වෙබ් අඩවිවල සහ ඇප්වල චීන භාෂා භාවිතය තහවුරු කෙරෙනවා. (අපේ හුඟක් විශ්වවිද්‍යාල තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මේ ඉංග්‍රීසි පමණක් රෝගය ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙනුත් බලාගන්න පුළුවන්). භාෂා සම්මත බිඳින අයට දඬුවම් කිරීමේ විධිවිධානත් අලුත් සංශෝධනවලින් හඳුන්වලා දීලා තියෙනවා. වෙනත් අයගේ භාෂා අධ්‍යාපනයට බාධා කරන අයට දඬුවම්කිරීමත් මේ යටතේ සිද්දවෙනවා. ජාත්‍යන්තර වේදිකාවල දී පවා චීන භාෂාව භාවිතාකිරීමේ අනිවාර්ය අවශ්‍යතාව අලුත් සංශෝධනවලින් අවධාරණය කරලා තියෙනවා.

විවිධ විෂයයන්ට අයිති පාරිභාෂික වචන විතරක් නෙවෙයි විදේශ නිෂ්පාදනවල වෙළෙඳ නම් පවා චීන භාෂාවෙන් නිර්මාණය වෙනවා. ඉතින් කොකාකෝලා, ස්ටාර් බක්ස්, පීසා හට්, හොන්ඩා, යමහා වගේ විදේශ වෙළෙඳ නම් චීනයේ දකින්න නෑ. ඒවායේ චීන නම් තමයි ඒ වෙළෙඳපොළේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. රටවල්වල, නගරවල නම්වලට අමතරව පුද්ගලයන්ගේ නම් පවා චීනයේ දී චීන වෙනවා. ලෙඩවල නම්, බටහිර බෙහෙත්වල නම් පවා චීනයේ දී චීන වෙනවා. මේ වැඩ වෙනුවෙන් ඉවරයක් නැතුව චීන වචන හැදිල්ලත් චීනයේ සිද්දවෙනවා. ඉතින් චීන මිනිස්සුන්ට තමන්ගේ භාෂාවෙන් වැඩ කරගැනීමේ පරිසරය ඉතාමත් හොඳින් තහවුරු කෙරිලා තියෙනවා.

දේශපාලන, ආර්ථික, සංස්කෘතික ස්වෛරීත්වය නැති කරගෙන ඉන්න අපි මෙහෙම හිතන්නේ නෑ. හැම දෙයක් ම ඉංග්‍රීසියෙන් කරන්න ඕන කියලා අපි හිතනවා. මේ හරහා අපි අපේ මිනිස්සුන්ගේ භාෂා අයිතිය නැති කරගෙන තියෙනවා. ඒ වගේ ම, නිරවුල්ව හිතන්න බැරි ජාතියක් අපි නිර්මාණය කරගනිමින් ඉන්නවා. මේ වහල්කමින් ගොඩ එන ගමන අපි දැන්වත් ආරම්භ කළ යුතුයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

(2026 මාර්තු 15 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 32 වැනි කොටස)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.