1956 දී අමෙරිකාව සමඟ එක්ව සිනායි අර්ධ ද්වීපයේ ඊශ්‍රායල කළ මෙහෙයුම් අසාර්ථක වූවා සේම මෙවරද ඊශ්‍රායලය අසාර්ථක විය හැකියි- ඊශ්‍රායල ජාතික දේශපාලන විශ්ලේෂක මෙරොන් රැපපෝර්ට්
1956 ඔක්තෝබර් 29 වන දින, ඊශ්‍රායල පැරෂුට් භට කණ්ඩායමක් සිනායි අර්ධද්වීපයේ මිට්ලා දුර්ගය වෙත ගොඩ බැස්සේය. පැය දෙකකට පසු, එවකට ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ජයග්‍රාහී නිවේදනයක් නිකුත් කළේය. “ඊශ්‍රායල් ආරක්ෂක හමුදා රාස් අල්-නකාබ් සහ කුන්ටිලා හි ෆෙඩායින් ඒකකවලට ඇතුළු වී පහර දී සූවස් ඇළ අසල නඛෙල් මාර්ගයේ ඇති සන්ධිස්ථානයට බටහිරින් පිහිටි ස්ථාන අල්ලා ගනු ලැබුවා. මෙම ක්‍රියාව ඊජිප්තු ආරක්ෂක හමුදාව ගොඩබිමින් සහ මුහුදෙන් ඊශ්‍රායල ප්‍රවාහන කටයුතු වලට එල්ල කළ ප්‍රහාරවලින් පසුව සිදු කරනු ලැබුවේ එම ප්‍රහාර විනාශකාරී මෙන්ම ඊශ්‍රායල පුරවැසියන්ගේ සාමකාමී ජීවිත අහිමි කරනු ලැබූ හෙයිනි.”
එවකට ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී මෝෂේ දයාන් විසින් පෞද්ගලිකව කෙටුම්පත් කරන ලද ප්‍රකාශය ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණයෙන්ම අසත්‍ය විය. මිට්ලා හි පැරෂුට් භටයින් පලස්තීන “ෆෙඩායින් ඒකක” සමඟ නොව නිත්‍ය ඊජිප්තු හමුදා හමුදාවන්ට එරෙහිව සටන් කළහ. එලෙසම මෙහෙයුම ඊශ්‍රායල ප්‍රවාහන පද්ධතියට එල්ල කළ “ඊජිප්තු ප්‍රහාර” වලට ප්‍රතිචාරයක් ද නොවීය.
ඒ වෙනුවට, එය එවකට ප්‍රධාන අධිරාජ්‍ය බලවතුන් වූ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ එක්ව ඊශ්‍රායලය දියත් කළ යුද්ධයක ආරම්භය සනිටුහන් කළේය. ප්‍රහාරයට මොහොතකට පෙර ඊශ්‍රායල අගමැති ඩේවිඩ් බෙන්-ගුරියන් පැවසූ පරිදි, අරමුණ වූයේ "මැද පෙරදිග ප්‍රතිසංවිධානය කිරීම" සහ බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඊශ්‍රායල අවශ්‍යතාවලට එකසේ තර්ජනයක් වූ ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ගේ ඇද වැටීමට උත්තේජනයක් ඇති කිරීමයි.
ඉශ්‍රායල ආරක්ෂක හමුදා සහ ආරක්ෂක ආයතන ලේඛනාගාරයට අනුව, මිට්ලා දුර්ගයේ ආරම්භ වූ ඊජිප්තු ආක්‍රමණය - පසුව ඊශ්‍රායලයේ සිනායි යුද්ධය ලෙසත්, ලොව පුරා සූවස් අර්බුදය ලෙසත් හැඳින්විණි - "ඊශ්‍රායල රාජ්‍ය ඉතිහාසයේ අද්විතීය වූයේ" යුරෝපීය බලවතුන් දෙදෙනෙකු ඊශ්‍රායලය සමඟ ඒකාබද්ධ මිලිටරි පියවරකට එක් වූ බැවිනි."

දශක ගණනාවක් තිස්සේ මෙම ප්‍රහාරය ඓතිහාසික විෂමතාවයක් ලෙස පැවතුනි. වසර 70 කට පසුව, එය තවදුරටත් එසේ නොවේ. 1956 න් පසුව පළමු වතාවට, ඊශ්‍රායලය ප්‍රධාන බටහිර බලවතෙකු සමඟ එක්ව යුද්ධයකට අවතීර්ණ වී ඇත. ඇත්ත වශයෙන්ම, යුදමය අතින් ලෝකයේ බ්ලවත්ට්ම රාජ්‍යයේ රාජ්‍ය ලේකම් මෑතකදී මියුනිච් ආරක්ෂක සමුළුවේදී බටහිර අධිරාජ්‍යය උරුමය සම්බන්ධයෙන් ප්‍රශංසා මුඛයෙන් කථා කළේය.
ඊශ්‍රායල හමුදාව එක්සත් ජනපද හමුදාව සමඟ කළ ඒකාබද්ධ ප්‍රහාරය "පූර්වගාමී ප්‍රහාරයක්" ලෙස විස්තර කරනු ලැබීය. නමුත්, 1956 දී මෙන්, මෙයද සම්පූර්ණයෙන්ම මුසාවකි. ඉරානය ප්‍රහාරයකට සූදානමින් සිටි බව දැඩි ලෙස විශ්වාස කරන්නේ අතලොස්සක් පමණි. වත්මන් යුද්ධය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ආරම්භ කරන ලද, තෝරාගත් යුද්ධයක් වන අතර, එය සිනායිහිදී කළ යුද්ධය මෙන් ඊශ්‍රායල, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නායකයින් විසින් කල්තියා තීරණය කරන ලද යුද්ධයකි.
1956 දී, ඊශ්‍රායලයට තමන්ගේම වූ අරමුණු තිබුණි. ඒවා නම් ඊජිප්තුවේ පාලනය යටතේ තිබූ ගාසා තීරය තුළ සිට සංවිධානය කරන ලද පලස්තීන දේශසීමා හමුදා මෙහෙයුම් නැවැත්වීම සහ 1955 සෝවියට් කඳවුර සමඟ ඊජිප්තුව ඇති කරගෙන තිබූ අවි ගිවිසුමෙන් පිළිබිඹු වන ඊජිප්තුවේ මිලිටරි ගොඩනැගීම වැළැක්වීම එම අරමුණු විය.
නමුත් පසු විපරම් කිරීමේදී, යුද්ධය නිසැකවම යටත් විජිත ලක්ෂණ ඇති බව පැහැදිලි වේ. නසාර්ගේ සූවස් ඇළ ජනසතු කිරීමට බ්‍රිතාන්‍යය විරුද්ධ වූ අතර, එවකට ප්‍රංශ පාලනය යටතේ පැවති ඇල්ජීරියාවේ කැරලිකරුවන්ට ඔහු දැක්වූ සහයෝගය නිසා ප්‍රංශය කලබල විය. බෙන්-ගුරියන් සහ දයාන් විශ්වාස කළේ ඊශ්‍රායලයට එම යටත් විජිත සලකා බැලීම් තමන්ගේම උපායමාර්ගික අරමුණු සඳහා, විශේෂයෙන් නසාර්ගේ පාලනය පෙරලා දැමීම ඉදිරියට ගෙන යාම සඳහා භාවිතා කළ හැකි බවයි.
ඉරානයට එරෙහි අද යුද්ධය තමන්ගේම වූ සාධාරණීකරණයන්ගෙන් සමන්විත වේ. එනම් ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් ඉවත් කිරීම සහ මැද පෙරදිග කලාපීය හිතවතුන්ට දක්වන සහයෝගය අවසන් කිරීම සහ, ඇත්ත වශයෙන්ම, ඉරාන ජනතාව ඔවුන්ගේ පීඩාකාරී පාලන තන්ත්‍රයෙන් නිදහස් කිරීම ඒ අතර වේ. නමුත් එම අරමුණු කෙතරම් සැබෑ සහ දැඩි වුවත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන දෙරටම පැහැදිලිවම ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීම සහ මැද පෙරදිග නව පිළිවෙලක් ස්ථාපිත කිරීම යන අධිරාජ්‍ය ස්වභාවයේ පුළුල් ඉලක්ක සමඟ සිටින බව ප්‍රතික්ෂේප කළ නොහැක.
සිනායි යුද්ධයෙන් පසුව ගෙවී ගිය වසර 70 තුළ, ඊශ්‍රායලය ඇමරිකානු යුද්ධවලට විවෘතව සම්බන්ධ වීමෙන් වැළකී සිටි අතර, සෑම විටම තමන්ගේම වූ ස්වෛරී ක්‍රියාවන් ලෙස තම මෙහෙයුම් වර නැංවීම සැලකිය යුතු කරුණකි. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය එක්සත් ජනපද නියෝජිතයෙකු ලෙස සේවය කරන බවට චෝදනා එල්ල වී තිබේ. අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය ගිම්හානයේදී ඊශ්‍රායලය “බටහිර ශිෂ්ටාචාරය වෙනුවෙන් සටන් කරන” බව ප්‍රකාශ කළ විට පවා, ඔහු තවමත් එය තමන්ගේම නිදහස් කැමැත්තෙන් කරන බව මවා පෑවේය.
මෙලෙස වරනංවන ඊනියා ස්වාධීනත්වය සැමවිටම තරමක් මායාකාරී බවකින් යුක්ත විය. මන්ද ඊශ්‍රායලයේ යුද්ධ සහ එහි දශක ගණනාවක් පැරණි අත්පත් කර ගැනීම් ඇමරිකානු මුදල්, ආයුධ, සම්බන්ධීකරණය සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය මත රඳා පවතින බැවිනි. කෙසේ වුවද, ආණ්ඩු දෙකම වෙනස්ව පෙනී සිටීමේ මුහුණුවර පවත්වා ගෙන ගියේය. 1991 සහ 2003 ගල්ෆ් යුද්ධවලදී, එක්සත් ජනපදය ඊශ්‍රායලය සටන් වලින් ඈත් කිරීමට බොහෝ දුරට උත්සාහ කළේය. පසුගිය ජුනි මාසයේ ඉරානය සමඟ "දින 12 යුද්ධය" පවා ලෝකයට පෙනෙන පරිදි "ඊශ්‍රායල" යුද්ධයක් වූ අතර, ට්‍රම්ප් යුද්ධයේ අවසානය වන විට පමණක් එයට සම්බන්ධ විය.
තවදුරටත් එලෙස ව්‍යාජ පෙනීස් සිටීමක් පවත්වාගෙන යන්නේ නැත.මෙවර, වොෂින්ටනය සහ ටෙල් අවිව් විවෘතව අගුලු දමා ගමන් කරන අතර, ඔවුන්ගේ පොදු අරමුණු නව කලාපීය පිළිවෙලක් ස්ථාපිත කිරීමට වඩා වැඩි දෙයක් වන්නේය. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෑතකදී ඊශ්‍රායලය, සටනේදී බොහෝ සීමාවන් නොමැතිව සටන් කරන ශක්තිමත් සහ ඵලදායී සහකරුවෙකු ලෙස ප්‍රශංසා කළේය. එක්සත් ජනපදයේ වෙනත් බොහෝ සහචරයින් හමුදා බලය භාවිතා කිරීම සම්බන්ධව පසුබට වන අතර ඕනෑවට වඩා කනස්සල්ලට පත්වන නමුත් ඊශ්‍රායලය එසේ නොකරන බව ඔහු පැවසීය.
1956 දී ඊශ්‍රායලයට සිනායි අර්ධද්වීපය තනිවම යටත් කර ගත හැකි වූවේ නම් මෙවරද, ඉරානයට පහර දී එහි න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් වලට දැඩි ලෙස හානි කිරීමට බටහිර බලවතෙකුට සැබවින්ම අවශ්‍ය නොවන බව එය ඔප්පු කළේය. පසුගිය ජුනි මාසයේදී එය ඔප්පු විය. එබැවින්, ඒකාබද්ධව ක්‍රියා කිරීමේ තීරණය හරියටම "විශාල" අරමුණු සමඟ බැඳී ඇති බව පෙනේ. එනම් පාලන තන්ත්‍ර වෙනසක් සහ නැවත සකස් කරන ලද නව මැද පෙරදිග කලාපයක්.
එහෙත් එම ඉලක්ක සපුරා ගත හැකි බව නිශ්චිත නැත (අඩුම තරමින් තෝරාගත් ගුවන් බෝම්බ හෙලීමේ ක්‍රම හරහා පවා), නමුත් පැහැදිලි දෙය නම් එවැනි ව්‍යාපෘතියක් තනිවම උත්සාහ කිරීමට ප්‍රමාණවත් මිලිටරි බලයක් සහ දේශපාලන ප්‍රාග්ධනයක් ඊශ්‍රායලයට නොමැති බවයි. එය කළ හැක්කේ එක්සත් ජනපදය වැනි ගෝලීය බලවතෙකු සමඟ උරෙන් උර ගැටී විවෘත අධිරාජ්‍ය යුද්ධයකින් පමණි.
ඊශ්‍රායලයේ සූදුව
1956 දී, ඊශ්‍රායලය ඉක්මනින් ජයග්‍රහණය කළේය. දින පහක් ඇතුළත, එය සාපේක්ෂව සුළු ජීවිත හානි සමඟ සිනායි අර්ධද්වීපය යටත් කර ගත්තේය. නමුත් දේශපාලන ප්‍රතිඵලය වෙනස් කතාවකි.
අසාමාන්‍ය ඇමරිකානු-සෝවියට් සන්ධානයක් ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඉවත් කර ගැනීමට බල කළ අතර, ඔවුන්ට නින්දාවට පත් විය. යුද්ධය අවසානයේ ලාක්ෂණික අනුකම්පාවෙන් ප්‍රකාශ කරන ලද "තුන්වන ඊශ්‍රායල් රාජධානිය" පිළිබඳ බෙන්-ගුරියන්ගේ ශ්‍රේෂ්ඨ දැක්ම, ඊශ්‍රායලයට අතහැර දැමීමට සිදු විය. සියල්ලටත් වඩා, නසාර් ජයග්‍රහණය කළේය. 1967 යුද්ධයට පෙර දශකය තුළ, ඔහු අරාබි ලෝකයේ අවිවාදිත නායකයා බවට පත් වූ අතර එවකට තුන්වන ලෝකය ලෙස හැඳින්වූ ලෝකයෙහි වඩාත්ම කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.
වත්මන් යුද්ධයට දින කිහිපයකට පසු, ඉස්ලාමීය ජනරජය දරුණු පහරවල් වලට ගොදුරු වී ඇත, පළමුවෙන්ම උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීම එම ජයග්‍රහනයයි. පාලන තන්ත්‍රය දිග්ගැස්සුනු ගැටුමක් පවත්වා ගැනීමට සමත් වුවද, ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ මිලිටරි උසස් බව නිරපේක්ෂ ය. එනම් මැද පෙරදිග ශක්තිමත්ම හමුදාව වන ඉරාන හමුදා සමඟ ලෝකයේ බලවත්ම හමුදාවේ ඒකාබද්ධ බලය සන්සන්දනය කිරීමට ලෝකයේ වෙනත් ඕනෑම රටක් පැකිලෙනු ඇත.
එසේ නම්, මූලික ප්‍රශ්නය වන්නේ යුද්ධය මිලිටරිමය වශයෙන් ඉදිරියට යන ආකාරය පමණක් නොව, එහි දේශපාලනික අවසානය පිළිබඳව ය. මෙහි තත්වය වඩාත් සංකීර්ණ ය. ඉරාන පාලන තන්ත්‍රය සැබවින්ම බිඳ වැටුණහොත් - නැතහොත් "වෙනිසියුලානුකරණය" සිදු වුවහොත්, එනම් ඇමරිකානු නියෝගවලට යටත් වෙමින් එය විධිමත් ලෙස නොවෙනස්ව පවතී නම් ඊශ්‍රායලය නව මැද පෙරදිග පිළිවෙලක් හැඩගැස්වීමේදී ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගනු ඇත.
බලහත්කාරයෙන් බලය යෙදවීම මත පදනම් වූ එවැනි නියෝගයක්, ඉරානය "සීමා කිරීමට" පමණක් නොව, බටහිර ඉවුරේ ඈඳා ගැනීම වේගවත් කිරීමට සහ ගාසා තීරය තලා දැමීමට ඊශ්‍රායලයට පුළුල් ශක්තියක් ලබා දිය හැකිය. නෙතන්යාහුගේ කාලය ගාසා තීරයේ සටන් විරාමයේ දෙවන අදියරකට මාරුවීම වැළැක්වීමට ඔහුගේ ආශාව සමඟ සම්බන්ධ වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. ඉරාන යුද්ධයේ දී ඊශ්‍රායල අගමැති එතරම් සමීප හවුල්කරුවෙකු ලෙස මතු වූ පසු, හමාස් සම්පූර්ණයෙන්ම නිරායුධ නොකර ට්‍රම්ප්ට තිරයේ අඩකින් ඉවත් වීමට බලපෑම් කරන්නේ කෙසේදැයි දැකීම දුෂ්කර ය.
නමුත් විශාල අරමුණ අසාර්ථක වුවහොත් එනම් ඉරාන පාලන තන්ත්‍රය නොනැසී පවතී නම් - එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ යුද්ධයක් කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය ආපසු හැරවිය හැකිය.
එක්සත් ජනපද මහජනතාව අතර බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට ලැබෙන සහයෝගය දුර්වල වන අතර, විචාරකයින් දැනටමත් එය "ඊශ්‍රායල යුද්ධයක්" ලෙස හඳුන්වයි. දක්ෂිණාංශික විචාරක ටකර් කාල්සන් තර්ක කර ඇත්තේ “යුද්ධය ඇති වූයේ ඊශ්‍රායලයට යුද්ධයක් ඇති කිරීමට අවශ්‍ය වූ නිසා බවයි... එය ඇමරිකානු ජාතික ආරක්ෂක අවශ්‍යතා නාමයෙන් ඇති වූයේ නැහැ.” යනුවෙනි. ඩිමෝක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි අනතුරු ඇඟවූයේ “ඇමරිකාව යුද්ධයට යන්නේ කොතැනටද යන්න තීරණය කළ හැක්කේ, සිය ගණනක් සහ සමහර විට දහස් ගණනක් ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් යන අදහස බියකරුයි” යනුවෙනි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවා මුලින්ම පැවසුවේ ඊශ්‍රායලය පළමුවෙන් පහර දීමෙන් පසුව පමණක් එක්සත් ජනපදය ගැටුමට සම්බන්ධ වූ බවයි. එහෙත් පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ අදහසට ගැලපෙන පරිදි ඔහු එම ප්‍රකාශය ආපසු හැරවීම හෝ මෘදු කිරීම කරනු ලැබීය. ඊශ්‍රායලය පළමුව තනිවම ක්‍රියා කළ බවට වූ අදහස ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර ඔහු ඊශ්‍රායලයට ක්‍රියාමාර්ග ගැනීමට තල්ලු කර ඇති බව පැවසීය.
අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වුවහොත් සහ ඇමරිකානු ජීවිත දුසිම් ගනනක් අහිමි වුවහොත්, ඊශ්‍රායලය එක්සත් ජනපදයේ දඩයමක් බවට පත්විය හැකිය.
සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ බහරේනය ඇතුළු ප්‍රහාරයට ලක් වූ ගල්ෆ් රාජ්‍යයන්ගෙන් ඉරානයට එරෙහිව එන දැඩි වාග්සංග්‍රාම පොදු සතුරා වන ඉරානයට එරෙහිව අභිසාරී වීමේ ලකුණක් ලෙස සමහරු අර්ථකථනය කරති. නමුත් එය යථාර්ථය වැරදි ලෙස තේරුම් ගැනීමකි.
ඉරානය ඊශ්‍රායලයට දැඩි ලෙස පහර දෙනවා වෙනුවට අසල්වැසි ගල්ෆ් රාජ්‍යයන්හි ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන බවට සෞදි විචාරකයෙක් මෑතකදී අල්-අරාබි වෙත පැමිණිලි කළේ, සාර්ථක ඉරාන ප්‍රහාරයක උදාහරණයක් ලෙස බෙයිට් ෂෙමෙෂ් හි ප්‍රහාරයක් උපුටා දක්වමිනි. වෙනත් වචන වලින් කිවහොත්, "සෞදි සහකරු" ඊශ්‍රායලය තවත් ඊශ්‍රායල ජීවිත හානි අපේක්ෂා කරයි. තවත් සෞදි විචාරකයෙක් අල් ජසීරා පුවත් සේවයට පැවසුවේ ඉරානය කෙරෙහි කෝපයක් තිබියදීත්, රාජධානියට "ඊශ්‍රායල ප්‍රහාරයකට සම්බන්ධ විය නොහැකි" බවයි.
වර්තමානයේ, ඉරානය ගල්ෆ් රාජ්‍යයන්ට එල්ල කරන ප්‍රහාර සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැනි ක්‍රියාවන් මගින් අරාබි ලෝකය පුරා ජනනය කරන නිෂේධාත්මක හැඟීම් නොතකා එම රාජ්‍යයන්ට යුද්ධය අවසන් කරන ලෙස එක්සත් ජනපදයට බල කිරීමට බලපෑම් කරනු සක් සුදක් සේ පෙනෙන්නට තිබේ. මෙහිද යම් තර්කයක් තිබේ; ඇත්ත වශයෙන්ම, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැකි ඉක්මනින් යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ට බලපෑම් කරන බව වාර්තා වේ. ගල්ෆ් රාජ්‍යයන් ඉරානය කෙරෙහි කෝපයෙන් සිටිය හැකි නමුත්, මෙම යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඊශ්‍රායලයට දොස් පැවරීමට පෙළඹීමේ ඉඩ කඩ ඉතා ඉහළය.
එවැනි පීඩනයක් හේතුවෙන් යුද්ධය අවසන් වුවහොත්, ඉරානය දැඩි පාඩු අවශෝෂණය කර ගැනීමෙන් පසු ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට අරගල කරනු ඇත. නමුත් මැද පෙරදිග සර්වබලධාරී රාජ්‍යය ලෙස ඊශ්‍රායලයේ ප්‍රතිරූපය ශක්තිමත් වනවාට වඩා දුර්වල විය හැකිය.අවසානයේ ඊශ්‍රායලයට තමන්ගේ සියලු හමුදා බලය සහ ඇමරිකාවේ උදව් භාවිතා කළත්, අවසානයේ තමන්ට අවශ්‍ය දේශපාලන ප්‍රතිඵල ලබාගත නොහැකි විය හැක.
කෙසේ වුවදයුද්ධය ආරම්භ වී සතියකටත් අඩු කාලයකදී, "පසු දින" ගැන අනාවැකි ඉදිරිපත් කළ නොහැක. දැනට කිව හැක්කේ ඊශ්‍රායලය වසර 70ක සම්ප්‍රදායක් නොසලකා හැර, ලෝකයේ විශාලතම අධිරාජ්‍ය බලවතා සමඟ තම කරත්තය ගැට ගසා, ඒ සමඟ විවෘතව යුද්ධ කරමින් සිටින බවයි. මෙය උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස පෙනෙන්නට තිබුණත්, අරාබි ලෝකයේ බොහෝ දෙනෙකු විසින් කලාපයේ අස්ථාවරත්වයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස සලකනු ලබන ඊශ්‍රායලය තමන් සහ එක්සත් ජනපදය අතර දුර මකා දැමීමට තෝරා ගත් ක්‍රමවේදය අවසානයේ ඊශ්‍රයලයට එරෙහිව ක්‍රියා කළ හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය අසාර්ථක විය හැකියි.. - ඊශ්‍රායල ජාතික දේශපාලන විශ්ලේෂක මෙරොන් රැපපෝර්ට්
ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි නම් කරයි
ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්
විදුලිබල මණ්ඩලය අහෝසියි.. අද සිට සමාගම් 06ක්..
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි..
ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ.. කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයෙන් දැඩි ප්‍රකාශයක්
ඉරානය මිනාබ් ප්‍රහාරයේදී තමන්ගේම පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර ගත්තා- ට්‍රම්ප් පවසයි
යුද්ධයෙන් ජයගන්නේ අමෙරිකාවද? ඉරානයද? - අනාවරණයක්
ඉරාන පාලනය පෙරලන්න බෑ..- ඇමරිකා බුද්ධි වාර්තාවක් එළියට
ඇමරිකාවේ ගල්ෆ් යුද යන්ත්‍රය: ලොවට හෙළිවූ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ජාලය
මැදපෙරදිග අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථාන සියල්ල විනාශ වෙලා.. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ විශ්වාසනීය හමුදා මධ්‍යස්ථානයක් කරගැනීමට අමෙරිකාව උත්සාහ දරනවා - විමල්ගෙන් අනාවරණයක්
යටත් නොවී දිගටම සටන් කරනවා.. - ඉරාන ජනාධිපති කියයි..
2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..
ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..
ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්